ඇත්ත තමා අයියා, මට ඕක තේරුණේ නෑනේ
පසුගියදා විදුලි බිලට එරෙහිව සාර්ථකව පන්දම්ද රැගෙන සභාවට ගිය එජාප මන්ත්‍රීවරු විදුලි බිලට එරෙහිව හඬ නගන්නට වුණා.
ආණ්ඩු පක්ෂයෙන්ද විරෝධතා පාඨ පුවරු ආදිය සකස් කරගෙන පැමිණි සිටි නමුත් එතරම් ක්‍රියාශීලීව නොසිටියේ විදුලි බිල යනු ජනතාවට ඉතා සංවේදී කාරණයක් බව දැන සිටි නිසාය. එමෙන්ම ඔවුන් තමන්ගේ සටන් පාඨ ප්‍රදර්ශනය කිරීමටද මැලි වූයේය.
මේ අතරේ සභාවට ප්‍රමාද වී දකුණු පළාත් සභා මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂාද පැමිණියාය. ඇයට මේ සිදුවන දේ ගැන අවබෝධයක් තිබුණේ නැත. ඇය පැමිණි විගසම සටන් පාඨ පුවරුවක් රැගෙන කෑ ගසන්නට පටන් ගත්තේ සිය සෙසු සගයින් නිශ්ශබ්දව සිටියදීය.