රංජන් රාමනායක සහ අනර්කලී ආකර්ෂා කියන්නෙ රංගන ක්ෂේත්රයේ දක්ෂ සහ ජනප්‍රිය චරිත දෙකක්.
ඒ වගේම දෙන්නම දේශපාලනයෙත් ක්‍රියාකාරී සාමාජිකයෝ.
රංජන් අනර්කලී මේ දවස්වල හිට් වෙලා ඉන්නේ දෙන්නගේ ආරවුලක් නිසයි.
මෑතකදී තිබුණ මුහුරත් උළෙලක් අතරතුරදී මේ දෙන්නා අතරේ ආරවුලක් ඇතිවුනා කියලා දැන් හැමෝම දන්නවා. මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න මෙවර සති අන්ත පුවත්පතක් රංජන්ව සහ අනර්කලීව එකතු කරගෙන තිබුනා. පත්තරෙන් අහපු ප්‍රශ්න වලට ඒ දෙන්නා උත්තර දීලා තිබුනේ මේ විදියට.
කලා කටයුතු වලදී දේශපාලනය ගාවගන්න අය ඉන්නවද?
දේශපාලනෙන් ලොකු තනතුරු ගත්තම ඵ් බලතල යොදාගෙන ලාභ ගන්න ගිහින් බාල විදියට හැසිරෙන අය ඕනතරම් ඉන්නවා’
මෑතකදී තිබුණ මුහුරත් උළෙලක් අතරතුරදී, රන්ඡන් රාමනායක අතින් සිදු වුනෙත් එවැනි බාල හැසිරීමක්ද?
අපෝ ඔහුට රංගන ශිල්පීන් නෙවෙයි ඹ්නම කෙනෙක් එක වගෙයි’ ඉතාම පහත් හැසිරීමක් තමයි කොතැනදිත් පෙන්නුම් කරන්නෙ’ අඩුම තරමේ කතා කරන්නවත් ඉගෙන ගෙන නෑ’
ඇත්තටම මොකද ඒ වෙලාවෙ සිදුවුණේ?
මාත් එක්ක රඟපාන්න බෑ කියලා මටත් හොඳටම අපහාස කරලා උත්සවයෙන් නැඟිටලා ගියා’නිකන් නෙවෙයි මාවත් තල්ලූ කරගෙන ගියේ’
තල්ලූ කළාද? එහෙම නැත්තම් ගියපු වේගෙට ඇගේ හැපුණාද?
නෑ’ නෑ’ එයා ඇවිදගෙන ගියාද ඇෙඟ් හැපුණාද කියන දේ මම හොඳටම දන්නවා’ එයා මාව තල්ලූ කළා’ හරිම අසංවර විදියට’
තල්ලූ කරපු වේගෙට අනර්කලී වැටුනද?
රන්ඡන් මාව තල්ලූ කරපු බව ඇත්ත’ හැබැයි මම වැටුණේ නම් නෑ’ ඒ වෙලාවේ ඔහු මගෙන් වෙන මොකක්හරි තරහක් පිරිමහ ගත්තා’
මුහුරත් උළෙලට රන්ඡන් සහභාගී වෙන බව දැනගෙන හිටියද?
ඔව්’මමයි එයයි තමයි ප්‍රධාන චරිත සඳහා තෝරාගෙන තිබුණෙ’රන්චන් හොඳටම දන්නවා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මුලින්ම තෝරාගත්තේ මාව කියලා’ මාව සම්බන්ධ කර ගත්තට පස්සේ තමයි දෙවැනි වරට ඹහුට අවස්ථාව ලැබුණේ’
රන්ඡන් ඔබත් සමඟ රංගනය ප්‍රතිඬේප කරනවා නේද?
මාත් එක්ක රඟපාන්න අකමැති නම් මේ නිර්මාණයේ ප්‍රධාන නිළිය මම කියලා දැනගෙනත් ඇයි මුහුරත් උත්සවේට ආවේ’ නෑවිත් ඉන්න තිබුණ නේද?
මේ සිද්ධිය වෙලාවෙ තව කවුද හිටියෙ?
ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් පවා ඇවිත් හිටියා’ ඒත් ඒ ඇමැතිවරයා ආරක්ෂකයන්වත් අරගෙන ඇවිත් තිබුණේ නෑ’ නමුත් රන්ඡන් නම් ඇවිත් හිටියේ බොඩිගාඩ්ලා තුන්දෙනෙක් එක්ක’ එහෙම ඇවිත් තමන් මන්තී‍්‍රවරයෙක් කියලා පෙන්නන්න ඔහුට ඕන වුනා’
මේ අමනාපයට ඇත්තම හේතුව මොකක්ද?
දේශපාලනය කරපු පළියට ඒ බලය වැරදියට පාවිච්චි කරන්න කාටවත් අයිතියක් නෑ’මොහු බලපුළුවන්කාරකම් කලාව ඇතුලටත් ගේනවා’ මගේ දේශපාලනයට විරුද්ධව තමයි ඔය වගේ ප්‍රශ්න ඇති කරන්නෙ’ මට තේරෙන්නෙ නෑ ඇයි ඔහු මෙහෙම හැසිරෙන්නෙ කියලා’
මේ තරම් ප්‍රශ්න තියාගෙන එකට රඟපාන්න නම් කොහොමටවත් බෑ නේද?
මට නම් එහෙම ප්‍රශ්න නෑ’ මේ වෙනකොට මට ඉන්න ගොඩක් යාළුවෝ දේශපාලනයට සම්බන්ධයි’ මට විපකෂ නායකතුමා එක්ක වුණත් රඟපාන්න හැකියාව තියෙනවා’
ඒත් රන්ඡන් නම් ඔබත් සමඟ රඟපෑමේ කිසිදු කැමැත්තක් නෑ?
මම එකම තඑක දෙයක් ඔහුට කියන්න කැමතියි’ එක එක දේශපාලන තනතුරු බලය ඔළුවට අරගෙන කටයුතු කළාට තේරුමක් නෑ’ ඔය සියලූම තත්ත්වයන් තාවකාලිකයි’ ඕනම කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්නම් එච්චරයි’නිර්මාණයකට අපිව ගත්තේ අපි ඒකට සුදුසු නිසා’ එහෙම තෝරාගත්ත පුද්ගලයන්ගේ රස්සාවල් අහිමි කරන්න ඔවුන්ව අපහසුතාවයට පත් කරවන්න අපට අයිතියක් නෑ’රංගන ශිල්පියෝ හැටියට අපි නිර්මාණයක් ප්‍රතිඬේප කරනවා කියන්නේ අධ්‍යක්ෂවරයෙක්ගේ නිෂ්පාදකවරයෙක්ගේ රුකියාවට පහර ගසන එක’
ඔය කියන්නේ අනර්කලීට ආයෙත් රන්ඡන් සමඟ රඟපාන්න අවශ්‍යයි කියලද?
රංගනය කියන්නේ සම්පුර්ණ මවාපෑමක්නේ’ අපි කරන්නෙ රඟපෑමක්’තිරයෙදි පෙම්වතුන් වුණාට අපි ඇත්තටම ආරය කරන්නෙ නැහැනේ’ අපි දෙන්නා කසාද බදින්නෙ ඉන්න දෙන්නෙකුත් නෙවෙයි’
අනර්කලී නිතර ප්‍රශ්න ඇත් කරගන්න කෙනෙක් කියන්නෙ ඇත්තද?
රන්ඡන් කියනවා නම් මම ප්‍රහ්න ඇති කරනවා කියලා ඔහුට මම කියනවා මට වඩා ප්‍රශ්න ඔහු ළඟ තියෙනවා කියලා’රන්ඡන් මට වඩා ගොඩාක් වයසයි’ ඒ නිසා එයා ළඟ මට වඩා ප්‍රශ්න තියෙනවා’ දැන්ම ඒ වැරදි හද්ගත්තොත් වැඩිහිටියෙක් නිසා අපිටත් ඔහුව ආදර්ශයට ගන්න පුළුවන්’
අනර්කලී එක්ක මම ආයෙ කීයටවත් රඟපාන්නෙ නෑ-රන්ඡන් රාමනායක
මොකක්ද අනර්කලී එක්ක තියෙන ප්රශ්නය?
ප්‍රශ්නයක් තියෙනවා ඬේත්රයේ බොහෝ දෙනෙක් ඇය සමඟ වැඩ කරන්න කැමති නෑ’ඒක හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්තනම් වශයෙන් කියනනවා නම් පහුගිය Zරිදී රුයක් උළෙලදී ඇය ප්‍රශ්නයක් ඇදගෙන අයින් වුණා’ සමහර දර්ශන තලවල නිළියන් සමඟ කෙහෙවලූ පටලව ගත්තා’ අධ්යක්ෂවරු වේශනිරූපණ ශිල්පීන් සමඟ ඇය වලි දාගත්තා’ කවුරු හරි නිෂ්පාදන කණ්ඩායමක් ඇයව නිර්මාණයකට සම්බන්ධ කරගත්තොත් දෙවැනි නිර්මාණයට සම්බන්ධ කරගන්නෙ නෑ’
පසුගිය 4 වැනිදා ඇතිවුණා කියන සිද්ධිය මොකක්ද?
එදා තිබුණේ බර්මින් ලයිලි මහත්තයා ප්‍රතිනිර්මාණය කරන අල්ලපු ගෙදර චිත්‍රපටයේ වීරයාගේ චරිතය ලැබුණේ මට’අධ්යක්ෂවරයා දිගින් දිගටම මගේ පෙම්වතිය විදියට අනර්කලීව ගන්න හදද්දී මම කිව්වෙ’’මැය දේශපාලන උණෙන් පෙළෙනවා’රංගන ශිල්පීන්ට කරදර කරනවා’ඒ නිසා පොලොවේ පය ගහල ඉන්න කෙනෙක් දෙන්න’මට ඇයත් එක්ක රඟපාන්න බබෑ කියලයි’ඒත් බර්මින් ලයිලි මහත්තයට ඕනෑ වුණා අපි දෙන්නවම සම්බන්ධ කරගන්න’
ඇයත් සමඟ රඟපාන්න අකමැතියි නම් ඇයි මුහුරත් උළෙලට ගියේ?
මට ඔවුන් කීවේ මගේ ප්‍රධාන නිිළියට ගන්නේ ඡීවිතය ලස්සනයි චිත්රපයේ ඉන්න රුවන්ගි කියලා’ එතැනට ගියාම බර්මින් ඒ මොහොතදි තමයි මගෙන් ඇහුවේ ‘’’ රන්ඡන් අනර්කලී එක්ක රඟපාමුද? කියලා’ මම ඒකට විරුද්ධ වුණා’ එතකොට බර්මින් යෝඡනා කළා එහෙනම් අනර්කලීව ටෙනිසන් කුරේගේ කෙල්ලට දාමු කියලා’මං හිතන්නේ ඒකට එයාට තද වුණා’
අනර්කලී පුවත්පතකට ප්‍රකාශ කරනවා එදා රන්ඡන් ඇයව ද්වේශයෙන් තල්ලූ කළා කියලා?
ඔව්’ ඇය එහෙම කියලා තිබුණා’ ඒත් මට ඒ වගේ මොන්ටිසෝරි ඡෝක් කරලා ප්‍රතිචාර ලබාගන්න ඕන නෑ’ඇයව තල්ලූ කළා වැට්ටුවා කියලා ‘ එහෙනම් මම ඇයට අභියෝග කරනවා’’ එදා වීඩියෝ කැමරා සවි කරලා තිබුණා’ ඒවගේ හරි එහෙම දෙයක් සටහන් වෙලා තිබුණා නම් පෙන්වන්න කියලා’ උත්සවේට ආපු කෙනෙක් හරි අනර්කලී වැටෙනවා දැක්කද කියලා මම අහනවා’
අනර්කලීගේ ඇෙඟ්වත් වැදුණේ නැද්ද?
කිසිම දෙයක් වුණේ නෑ ඇගේ වදින්න’අපි එයා ඉන්න තැනට ගියෙ නෑ’
ඒ වුණාට ඔබ උත්සව ශාලාවෙන් නැඟිටලා ගියා නේද?
මම දන්නවා ඇය මොකක්හරි පටලවලා ඡනපි්රය වෙන්න උත්සහ ගන්නවා කියලා’ ඇය ඒක නිශාන්ත මුතුහෙට්ටිගමට කළා’ දුමින්ද සිල්වාට කළා’ හොඳ චරිතයක් රඟපාලා ඉස්මතු වෙන්නෙ නැතුව මේ වගේ බාල උපක්‍රම පාවිච්චි කරන්නෙ පුවත් මවන්නියක් වෙලා හෙඩ්ලයින් එකට එන්න’
අනර්කලි එක්ක රඟපාන්න බෑ කියන එකද ප්‍රශ්නෙට උත්තරේ?
මම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ මට ඇහැට පි‍්‍රය ගෝරි දාන්නෙ නැති අපි කියන දේ අහන ටීම් වර්ක් එකක් විදියට වැඩ කරන අය ඉන්නවා නම් විතරයි’ඇය දර්ශන තලයෙදි කිසිම සහයෝගයක් නෑ’ගෝරි දානවා විතරයි’එහෙම වුණාම ආයෙ රඟපාන්න බෑ’
නමුත් ඇය කියනවා ඔබ ඇය තල්ලූ කළා කියලා?
ඇය බලසම්පන්න මන්ති‍්‍රවරියක් ලොකු අය සමඟ සමීප සම්බන්ධතා තියෙන කෙනෙක්’ඇයි ඇය පොලිසි නොගියේ’
ඇයි මුහුරත් උළෙලට ආරක්ෂකයෝ එක්ක ගියෙ?
මම විපක්ෂයේ මන්තී‍්‍රවරයෙක්’මට නොයෙක් පැති වලින් මරණ තර්ඡන තියෙනවා’ඒ නිසා මම නිතරම ඉන්නෙ ගාඩ් එකත් එක්ක’
ඒත් ඇමතිතුමා ආවේ ගාඩ් එක නැතුවලූ නේද?
නෑ’ඡීවන් අයියා ආවෙ ගාඩ් එකත් එක්ක තමයි’මම දන්නෑ ඉතිං අනර්කලීට ගාඩ් එකක් තියෙනවද නැද්ද කියලා’එයාට ආරක්ෂා කරන්න දෙයක් නැතුව ඇති සමහරවිට’
ඉස්සර රන්ඡන්-අනර්කලී කියන්නෙ හොඳ යාළුවෝ නේද?
ඇත්තෙන්ම ඒ ගැන නම් මට පොඩි කනගාටුවක් තියෙනවා’රංගන ඬේත්‍රයට එයාව අරන් ආවෙත් මමනේ’
ඔය ප්‍රශ්න වලට හේතුව ඇයව පෙම්වතිය කරගන්න බැරි වුණාද?
ඔව්’මේ ප්‍රශ්න ඇති වුණේ ඇය පෙම්වතිය විදියට රඟපාන්න ඇවිත් මම බෑ කිව්ව නිසා’
අනර්කලීගේ දේශපාලනය ඔබ දකින්නනේ කොහොමද?
ඇගේ දේශපාලනයද’’ මුල් කාලෙදි නම් ගාල්ලෙ ගිහින් අම්මි අක්කි තාත්තී ඔයාලගෙ ප්‍රශ්න තියෙනවනම් මට කියන්න කියනවා නම් මට ඇහුණා’ ඊට පස්සෙ ඒ පැත්තෙ මන්තී‍්‍රවරු කිව්වෙ මාසෙ අන්තිම පඩිය ගන්න නම් එනවා කියලා’