සැකකරු සමග යුවළ සිටි කාමරයේ දොරට උඩින් සුළං කවුළුව මත තිබූ කුඩා ඩිජිටල් කැමරාවක් යුවළගේ නිරුවත් දර්ශන ඇතුළත් පරිගණකය හා අසභ්‍ය සංයුක්ත තැටි 29 ක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
යුවළ කාමරය ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී දොරට ඉහලින් තිබූ සුළං කවුළුව අවහිර වන සේ රඳවා තිබූ කාඩ්බෝඩ් කැබැල්ල ඉවත් කිරීමේදී බිමට වැටුණු කැමරාව ගැන සැක සිතූ යුවළ එය වයරයක් මාර්ගයෙන් රියදුරු සිටින කාමාරයට සම්බන්ධ කර ඇති බව මුලින්ම දැක ගත හැකිව තිබිනැයි ඔවුන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
රියදුරු නිවසේ නොමැති අවස්ථාවක් බලා රියදුරුගේ කාමරයේ තිබූ පරිගණකය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් එම නිවසට ආ දිනයේ සිට පෙර දින රැය දක්වා සියලුම නිදි යහනේ දර්ශන එම පරිගණකයේ තැන්පත්ව තිබූ බව පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
සැකකරු හා දේපළ පානදුර අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
පානදුර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස් අධිකාරි එච්. එම්. ධර්මසේන, සහකාර පොලිස් අධිකාරි (අපරාධ) රංජිත්a සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත හිරණ පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සචිත රණවණ, පොලිස් සැරයන් ප්‍රේමසිරි, පොලිස් සැරයන් රුවන්, විඡේරත්න, උපුල් යන මහත්වරු පරික්ෂණ පවත්වති.
බණ්ඩාරගම - බී. එස්. ජයසිංහ