Pages

Jun 19, 2013

සනත් එංගලන්තයට ගියේ ඇයි ?..Sanath Jayasuriya

මේ වන විට එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වි සිටින ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් භාර කාර්යය සඳහා තේරීම් කමිටු සාමාජික චමින්ද මෙන්ඩිස් මහතා ලංකා කණ්ඩායම සමග එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත.

එහෙත් ඉන් පසුව තේරීම් කමිටු සභාපති ධූරය හොබවන සනත් ජයසූරිය ද එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු ගොස් ඇත්තේ කිසිදු අවශ්‍යතාවකින් තොරවය.
අනතුරුව ඔහු පළමු තරගය සදහා කණ්ඩායම තේරීමේ කාර්යයට ද මැදිහත්ව තිබේ. පළමු තරගයට නුවන් කුලසේකර වෙනුවට තිසර පෙරේරා නම් කළ යුතු බවට ප්‍රකාශ කර ඇත්තේ ද සනත් විසින් බව කණ්ඩායම් ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුල සෑම තරගාවලියක් සදහාම කණ්ඩායම තේරීම සදහා සහභාගී වී ඇත්තේ එක් තේරීම් කමිටු සාමාජිකයකු පමණයි. එය මෙතෙක් සාම්ප්‍රදායක් ලෙස පැවතී ඇති අතර එය බිද දැමීමට සනත් ජයසූරිය කටයුතු කර ඇත. ඔහුට මෙම තරගාවලිය සදහා සහභාගී වීමට අවශ්‍ය වූවානම් චමින්ද මෙන්ඩිස් වෙනුවට සහභාගී වීමේ අවස්ථාව තිබී ඇත.

තරගාවලියට සහභාගීවන්නන් හා සියළු වියදම් දරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි. බංකොලොත් වී ඇති ක්‍රිකට් ආයතනයට මෙම තේරීම් කමිටු සාමාජිකයින් දෙදෙනාගේම වියදම් දැරීමට සිදුව තිබේ. සනත් මෙම තරගාවලියට සහභාගී වූ පසු හෝ චමින්ද මෙන්ඩිස් මහතාව නැවත දිවයිනට කැදවා ගැනීමේ අවස්ථාව තිබුණත් එය මගහරිමින් සනත් එංගලන්තයේ රැදී සිටින්නේ කුමන අවශ්‍යතාවකට දැයි ගැටළුවක් පැන නැගී ඇත.

එමෙන්ම මේ වන විට තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහද සිටින්නේ එංගලන්තයේයි. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව්හි තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වේ. ඒ සදහා තේරීම් කමිටුව නියෝජනය කරන්නේ ප්‍රමෝද්‍යයි. මේ අනුව ඔහු ඒ අතරතුර එංගලන්තයට ගොස් සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් වැයකරමින් වීම කණගාටුවට කරුණකි.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සමග තේරීම් කමිටු සාමාජික හෂාන් තිලකරත්න මහතා සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව්හීයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගාවලිය සදහාද හෂාන්වම සහභාගී කලේ නම් ප්‍රමෝද්‍යගේ ගුවන් ප්‍රවේශ පත්‍ර සදහා වැයකළ මුදල ඉතිරි කර ගැනීමට ක්‍රිකට් ආයතනයට හැකියාව තිබුණි.

මේ අතර එංගලන්තයේ සිටින සනත් ජයසූරිය සදහා ක්‍රිකට් ආයතනය වෙන් කර ඇති ප්‍රතිපාදන තරගාවලියේ පළමු වටයෙන් අවසන් වනවා. එහෙත් ඔහු ඉල්ලීමක් කර ඇත්තේ තරගාවලිය පුරා ඔහුටත් එංගලන්තයේ රැදී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. ඊට අවසර ලබා ගැනීම සදහා හදිසි විධායක කමිටු රැස්වීමක් ඊයේ ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණි.
Related Posts Plugin for WordPress, Blogger...