ඉතාලි රාජ්‍යයේ රැකියාවේ නිරත ඔහු සිය බිරියගේ හා දරුවාගේ නඩත්තුව සඳහා මසකට හොඳ මුදලක් මෙරටට එවීමට වගබලා ගත්තේය.
මේ දෙපළගේ එකම දරුවා හත්වන වසරේ ඉගෙනුම ලබන පිරිමි දරුවෙකි. සුගන්දිගේත් සැමියාගේත් එකම බලාපොරොත්තුව දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි.
සිංහල භාෂාව මුල් කරගෙන කොපමණ ඉහළට ඉගෙන ගත්තද අද ඉන් පලක් වන්නේ නැත. එබැවින් දරුවාට හොඳ ඉංගී්රසී අධ්‍යාපයනයක් ලබාදිය යුතුය. ඒ සඳහා හොඳ ඉංගී්රසි ගුරුවරයකු සොයා ගත යුතුය. සුගන්දිට මෙම ඉංගී්රසි සර් පිළිබඳ තොරතුරු ලැබුණේ මෙලෙස හොඳ ඉංගී්රසි ගුරුවරයකු සොයමින් සිටින අතරතුරේදීය.
ඔහු මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ දක්ෂ ඉංගී්රසි ගුරුවරයෙකි. ඔහුගේ ජංගම දුරකථන අංකය සොයාගත් ඇය පසුගිය නව වැනිදා දහවල් ටියුෂන් සර්ට ඇමතුමක් දුන්නාය.
සර්...මම කතා කළේ මගේ පුතාව සර්ගේ ටියුෂන් පන්තියට දාගන්න පුළුවන්ද කියලා බලන්න ඇය නිවුණු ස්වරයෙන් පැවසුවාය.
පුළුවන් මිස්...කීයේ පන්තියටද...
එයාව හත වසරේ ඉංගී්රසි පන්තියට දාන්න ඕනේ...
හා...හරි...ළමයව එක්කරගෙන එන්න...ඒක නෙවෙයි ඔයාගේ මහත්තයා කොහේද වැඩ කරන්නේ...
මගේ මහත්තයා ඉතාලියේ. එයා තමයි මට කිව්වේ හොඳ ඉංගී්රසි පන්තියක් බලලා පුතාව දාන්න කියලා... හරි...හෙට ඉස්කෝලේ ඇරුණම එක්කරගෙන එන්නකෝ...˜
හොඳයි සර්... හෙට මම පුතාව එක්කගෙන එන්නම්.. එසේ කී සුගන්දි දුරකථන ඇමතුම විසන්ධි කළාය. විනාඩි කිහිපයක් ගතවිය. ඇයගේ ජංගම දුරකථනය යළි නාද වන්නට පටන් ගත්තේය. අංකය පරීක්ෂා කළ ඇය දුටුවේ ඒ අර ඉංගී්රසි ගුරුවරයාගේ අංකය බවයි. ඇය ඇමතුම ගත්තාය.
එහෙනම් හරිනේ... හෙට ළමයව එක්කරගෙන එන්න... දරුවාගේ මාතෘකාවෙන් කතාව ආරම්භ කළ ඔහු දුරකථනය ඔස්සේ තමා සමඟ කුළුපග වීමට එනබව වටහා ගන්නට ඇයට වැඩි වේලාවක් ගතවූයේ නැත. තව ටික වේලාවක් ගෙවී ගියේය. යළි ඇයට ඔහුගෙන් දුරකථන ඇමතුමක් ආවේය. ඒ ආකාරයෙන් එදින රාත්‍රියේ මධ්‍යම යාමය උදා වන තුරුද ඔහු ඇයගේ ජංගම දුරකථනයට ඇමතුම් දෙමින් ඇය සිය වසඟයට ගැනීමට දැඩි උත්සාහයක යෙදුණේය.
සැමියාගෙන් වෙන්ව දීර්ඝ කාලයක් දරුවා සමඟ තනිව සිටින ඇයටද මේ අලූත හමුවූ මිතුරාගේ කතාබහ විශේෂත්වයක් ගෙන දුන්නාය.
අනේ...මට පුළුවන් තරම් ඉක්මනට ඔයාව හමුවෙන්න ඕනි... හෙට උදේට අපි හම්බවෙමුද? පුතා ටියුෂන් පන්තියට දැමීම පසෙක තැබූ ඇය පසු දිනයේදී ටියුෂන් ගුරුතුමා හමුවීමට අදිටන් කර ගත්තාය.
හරි...මම හෙට උදේම මාතරට එනවා...හස්බන්ඩ් මට කෝල් කරලා කිව්වා මේ මාසේ සල්ලි බැංකුවට දැම්මා කියලා. මට සල්ලි ගන්න මාතර බැංකුවටම යන්න වෙනවා.
හා...හරි...ඔයා එහෙනම් උදේට එන්න...මමත් මාතර යනවා. ඔයාව මාතර බැංකුව ළඟින් ඩ්‍රොප් කරගෙන යන්නම්.˜පැය විසි හතරක්වත් ගෙවී නොගියද ඇය පෙම්වතා කෙරෙහි විශ්වාසය තබා හෙට දිනයේ කිරීමට බලාපොරොත්තු වන වැඩ රාජකාරි පිළිබඳ විස්තර වාර්තාවක් ද ඔහුට පැවසුවාය.
පසුදාට පහන් විය. කතිකා කරගත් පරිදි ඩෙනිම් කලිසමකින් හා බ්ලවුසයකින් සැරසුණු ඇය නියමිත වේලාව වන විට හක්මණ පාරේ බණ්ඩත්තර පාලම අසලට ගියේ දරුවා පාසලට ඇරලවීමෙන් අනතුරුවය. ඇය...එම ස්ථානයට ගොස් ස්වල්ප වේලාවක් යද්දී කේ.එස් අංකයක් සහිත චැවලට් වර්ගයේ නවීන මෝටර් රථයක් පැමිණ ඇය අසල නතර විය. ඒ පෙරකී තරුණ ටියුෂන් ගුරුවරයාය. කිසිදු පැකිලීමකින් තොරව ඇය ඔහුගේ මෝටර් රථයේ ඉදිරිපස අසුනේ හිඳ ගත්තාය.
මාතර ටවුමේ බැංකුවට යමු... ඇය ඔහුගෙන් ඉල්ලා සිටියාය.
ඛෙලිඅත්ත ටවුමෙත් ඔය බැංකුවක් තියෙනවා.... අපි ඛෙලිඅත්තට ගිහින් කෑම කාලා සල්ලිත් අරගෙන එමු... ඔහුගේ මේ යෝජනාව ඇය ප්‍රතික්ෂේප කළේ නැත.
සැමියා ඉතාලියේ සිට දහදුක් විඳින්නේ ඇයත් දරුවාත් පෝෂණය කිරීම සඳහාය. එහෙත් ඇයට මේ අලූත් පෙම්වතා හමුවේ ඒවා ගාණක්වත් නැති සැටියකි. එසේනම් මේ චපල ගැහැනියගේ අරමුණ කුමක්ද? මෝටර් රථය ඉදිරියට ඇදී යයි. එය පසුපස හඹා ආ පොලිස් ජීප් රථයක් එකවරම මෝටර් රථය ඉස්සර කොට පාර හරස්වන අයුරින් නැවැත්වීය. එයින් පිටතට පැන්න පොලිස් භටයන් කිහිප දෙනකු මේ පෙම් යුවළගේ ගමනට බාධා කරමින් ටියුෂන් ගුරුවරයා මෝටර් රථයෙන් එළියට ගෙන ඔහුගේ දෑතට මාංචු දැම්මේය.
සිදුවූයේ කුමක් දැයි සිතාගත නොහැකි වූ ටියුෂන් මාස්ටර් වට පිට බලද්දී දුටුවේ පෙරදා හඳුනාගත් පෙම්වතිය පොලිස් නිලධාරීන් සමඟ ඉතා සුහදශීලීව හැසිරෙන ආකාරයයි. තමා...ඇයගේ උගුලකට හසුවූ බව ඔහුට වැටහුණේ ඉන් අනතුරුවය. ඇය... උපාය දූතියකි. මාතර කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකයේ සේවයේ නියුතු කොස්තාපල් වරියකි. පොලිසියට මොහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වූයේ මොහුට විරුද්ධව ලැබුණු පෙත්සමක් හේතුවෙනි.
එම පෙත්සම එවා තිබුණේ විදෙස් රටක සේවයේ නියුතු පුද්ගලයකුගේ බිරියක විසිනි. එහි සඳහන් තොරතුරු වලට අනුව මේ ටියුෂන් ගුරා උපාය ශීලීව ගැහැනුන් රවටා මුදල් ගරා ගන්නා අයෙකි. මාතර නගරයේ පැවැත්වෙන ප්‍රසිද්ධ පෞද්ගලික පන්ති සංකීර්ණයේ මොහු ඉංගී්රසි භාෂාව ඉගැන්වීමේ යෙදී සිටී. ඔහුගේ ටියුෂන් පන්තියට අලූතින් පැමිණෙන ළමයින් හා ඉතාමත් කුළුපග වන ඔහු ඊළඟට කරන්නේ දරුවාගෙන් පවුලේ තොරතුරු විමසීමයි. දරුවාගේ පියා විදෙස් ගතව හෝ යුද හමුදාවේ රැකියාවේ නියුතු නම් එය ඔහුගේ ඉලක්කය කරා යාම පහසු කරවයි.
මෙලෙසින් දරුවා හිතවත් කර ගන්නා මොහු ඊළඟ දිනයේදී ටියුෂන් පන්තිය නිම වූ පසු දරුවා සිය මෝටර් රථයේ නංවාගෙන දරුවාගේ නිවෙස වෙත ඇරලවීමට යයි. පියකු ලෙසින් රැකවරණය දී දරුවා නිවෙසට කැඳවාගෙන ආ ටියුෂන් ගුරුවරයා පිළිබඳ පැහැදෙන දරුවාගේ මව ගුරාව නිවෙස තුළට කැඳවයි. තේ පැන් ආදියෙන් සංග්‍රහ කරයි. ආගිය තොරතුරු කතා කරයි. සමුගෙන යාමට පෙර ඔහු මෙසේ ද පවසයි.
දරුවා ටියුෂන් ක්ලාස් එකට තනියම එවන්න එපා...ඇවිත් ඇරලවලා යන්න... සුහදශීලී ගුරාගේ මේ කීම හිස් මුදුනින් පිළිගන්නා මව ඊළඟ දිනයේ දරුවා ටියුෂන් පන්තියට රැගෙන යයි. දරුවා පන්තියට බාර දී ආපසු යාමේදී ඇය පසුපස එන නවීන පන්නයේ මෝටර් රථය ඇය අසලින් නතරවෙයි. ඒ...අර ටියුෂන් ගුරාය. දරුවා පන්තියේ හිඳුවා පාඩමක් තනිව කරන්නට කියා හෝ වෙනත් ගුරුවරයකුට පන්තිය බාර දී ඔහු මෙලෙස දරුවාගේ මව පසුපස හඹා යයි. මව අසල මෝටර් රථය නවත්වා ඔහු ඇය යන දිසාව පිළිබඳ විමසයි. ඇය...කොයි දෙසට ගියද ඔහුගේ ගමන යෙදී ඇත්තේ ඒ දෙසටමය.
ආ...මමත් ඒ පැත්තට යන්නේ...එන්න...මම ඔයාට ලිෆ්ට් එකක් දෙන්නම්...එසේ කියා මව සිය මෝටර් රථයට නංවා ගන්නා ඔහු ඊළඟට කරන්නේ පෙර දින ඇයගේ නිවෙසේදී ලැබුණු සංග්‍රහය පිළිබඳ වර්ණනා කිරීමයි. එදා...ඔයා හදලා දීපු ඩ්‍රින්ක් එක නම් හරිම රසයි...
ඔයාට හොඳ අත් ගුණයක් තියෙනවා නේද? එලෙසින් ඇයගේ ගුණ වර්ණනා කරනා ඔහු ඊළඟට ඇයගේ රුව වර්ණනා කරයි. ඇය රුවැත්තියක නොවුවද ඔහුගේ වර්ණනාව හමුවේ තමා ඇත්තටම රූප රාජිනියක් දැයි සිතා ගැනීමට නොහැකි වන තරමින් ඔහු ඇයගේ රූ සපුව ගැන පැහැදීමෙන් කතා කරයි.
තව ටික දුරක් යද්දී ඔහු වාහනයේ ඩී.වී.ඩී යන්ත්‍රය ක්‍රියාත්මක කරයි. එහි රූප රාමු අසභ්‍ය ඒවාය. ඔහු ඇයට මෙලෙස බලන්නට සලස්වන්නේ නිල් චිත්‍රපටයකි. මෙය දැකීමෙන් ඇය ලැජ්ජාවට පත් වුවද ඇයට කරන්නට දෙයක් නොමැතිවෙයි. ඔහු ඊළඟට මෝටර් රථය හරවන්නේ ඔහු දන්නා හෝටලයක් වෙතටය. එහි මෝටර් රථය නවත්වා ඉන් බැස ඔහු හා එන ලෙසට කරනා ඇරයුම ඇයට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වෙයි. ඒ...තව දුරටත් ලැජ්ජා විඳීමට, අපහසුතාවට පත්වීමට ඇති අකමැත්ත නිසාය.
හෝටලයේ කාමරයට යන ඇය ඔහුගේ ගොදුරක් බවට පත්වන්නේ ඉබේමය. ඇයව සිය ලිංගික අවශ්‍යතා සඳහා උපයෝගී කරගන්නා ඔහු ඊළඟට ඇයට සුරතල් ආදර බසින් ද සංග්‍රහ කරන්නේය.
ඔයාගේ කරේ තියෙන මාලෙ හරි ලස්සනයි. අනේ ඒක මට දෙන්නකෝ...මම ටික දවසකින් ඔයාට දෙන්නම්...˜ අහම්ඛෙන් හමුවූ ළාබාල පෙම්වතා තමා හා සුරතල් වෙමින් කරනා මේ ඉල්ලීමට පිටුපෑමට ඇගේ සිත ඉඩ නොදෙයි. කිසිදු ලෝබකමකින් තොරව ඇය සිය ගෙලෙහි වූ රන් දම්වැල ගලවා ඔහුගේ ගෙළෙහි පලන්දවයි.
ඇයගෙන් ඔහු සමුගෙන යන්නේ එම රන්මාලය ද සමඟයි. එසේම තව දිගුකලක් මේ සබඳතාව පවත්වන බවට ද පසක් කරමිනුයි.
ටික දිනක් ගෙවී යයි. රන් මාලය ලැඛෙන පාටක් නැත. ඇය ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් දී රන් මාලය ලබාදෙන ලෙස ඉල්ලයි.
අනේ... පැටියෝ මගේ කාර් එක ඇක්සිඩන්ට් වුණානේ... ඒක හදන්න ලොකු ගාණක් යනවා, පුළුවන් නම් තව ලක්ෂ දෙකක් විතර දෙන්නකෝ...මම ලබන සුමානේ සේරම දෙනවා... ළාබාල පෙම්වතාගේ ඉල්ලීමට එකඟ වන ඇය සැමියා දුක් මහන්සියෙන් හරි හම්බකර තමාට එවූ මුදලින් තමන් ළඟ එකතු කරගෙන සිටි මුදල් ලක්ෂය දෙක ඔහුගේ බැංකු ගිණුමට බැර කරයි. ටික දිනක් ගෙවි යයි. මුදලත් නැත. රන් මාලයත් නැත. පෙම්වතාගේ කිසිදු හැල හොල්මනක් ද නැත.
ඇය යළි ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන මුදලත් රන් මාලයත් ඉල්ලයි. ඒ ඉල්ලීමට ලැඛෙන පිළිතුර ලෙහෙසි පහසු එකක් වන්නේ නැත.
මේ...කටවහගෙන ඉන්නවා... මාත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා... ඇමතිතුමා මගේ හොඳ යාළුවෙක්. බලාගන්නවා මම තමුන්ට කරන දේ... මම සේරම ඔහේගේ මිනිහට කියනවා. මගේ ළඟ තමුසෙ එක්ක කාමරේදී ගත්ත ෆොටෝ තියෙනවා... වීඩියෝ තියෙනවා... මම තමුසෙගෙ ළමයටත් ඒවා පෙන්වනවා...˜ එලෙසින් ඇයට තර්ජනය කරනා ඔහු ඉන් නොනැවතී තමා මව හා එක්ව ගත් ඡායාරූපයක් තමා සතුව තිඛෙන බව දරුවාට පවසයි.
පවුල කඩා ඉහිරේය යන බියෙන් කටවහගන්නා එම කාන්තාව බ්ලැක්මේල් කරමින් ඔහු තව දුරටත් මුදල් ගරා ගැනීමට උත්සාහ කරයි. පොලිසියට පෙත්සමක් එවා තිබුණේ එලෙසින් රුපියල් එක් ලක්ෂ අසූදාහක් හා පවුම් දෙකක රන් මාලයක් ඔහුට ලබා දී ඔහුගේ වංචා ක්‍රියාවලට හසුවූ කාන්තාවක විසිනි.
පොලිසිය උපාය දූතයකු යොදවා ටියුෂන් ගුරා අත්අඩංගුවට ගැනීමට කටයුතු සැලසුම් කළේ එම පෙත්සමට අනුවය. අත්අඩංගුවට පත් ඔහු ගමන් කළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී නිල් චිත්‍රපට ඩී.වී.ඩී පට විසි හතක් පොලිසියට හමුවිය.
විසිහත් හැවිරිදි මොහු කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහකයෙකි. දක්ෂ ඉංගී්රසි ගුරුවරයෙකි. විවාහ වීමට සූදානම් යුවතියක සිටී. මොහු බොහෝ විට කල් ගෙවන්නේ ඇයගේ නිවෙසේය. ඇයට ද මොහු නිල් චිත්‍රපට පෙන්වයි. මොහුගේ විනෝදාංශය වැඩිපුර මුදල් ඉපැයීමේ මාර්ගය මෙලෙසින් කාන්තාවන් රවටා මුදල් ගැනීමයි. ඔහු බොහෝ දෙනකුට රුපියල් ලක්ෂ ගණනින් ණය වී සිටිනා අයෙකි.
ලැබුණු පෙත්සමට අනුව සැලසුමක් සකස් කළ මාතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය පොලිස් කාන්තාව යොදා ඔහු ඇයගේ උගුලට හසුකරගෙන අනතුරුව ඔහු පොලිස් අත්අඩංගුවට ගත්තේය. මොහුගේ උගුලට හසුවූ ඒ බව කියා ගන්නට නොහැකිව සිටිනා තවත් කාන්තාවන් කිහිප දෙනකු පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී ඇත. ඔහුට විරුද්ධව තවත් පැමි‚ලි ලැඛෙතැයි පොලිසිය බලාපොරොත්තුවේ.
ඔබත් මොහුට හසු වූ අයෙක් නම් වහාම මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට එනලෙස පොලිසිය ඉල්ලීමක් කරයි. ප්‍රමිතියකින් තොර මෙවැනි ටියුෂන් ගුරුවරුන් මුලූ මහත් සමාජයටම මහා පිළිලයකි. මෙවැනි අයගෙන් ඉගෙනුම ලබන්නට යන දරුවාට ද ඉගෙනුමක් ලැඛෙන්නේ නැත.
මුදල් වියදම පමණක් නොව අම්මා ද අහිමි විය හැක. එබැවින්...ප්‍රමිතියකින් තොර පෞද්ගලික ටියුෂන් ජාලය කෙරෙහි බලධාරීන් අවධානය යොමු කොට ප්‍රමිතිකරණයට පත් කරන්නේ නම් එය මුලූ මහත් දරු පරම්පරාවටම කරන යහපතකි.
තක්ෂිලා ජයසේකර