පබෝදා ප්‍රංශය බලා ගියේ පසුගිය 18 වනදා. එයට පෙර පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට ඇය එක්වුණා.
දරුවා ලැඛෙන තුරු ප්‍රංශයේ සිටිනවාද?
ඔව්, එහෙම තමයි හිතාගෙන ඉන්නේ
ඇයි තනියම මේ ගමන යන්න හිතුවේ..
දරුවා ඉපදෙන්න තව මාස කිහිපයක් තියෙනවා. ඒ හින්දා සිදත්ටත් මාත් එක්ක ගිහින් ඒ කාලයම එහෙට වෙලා ඉන්න බැහැනේ. එයාගෙ රැකියාවේ කටයුතු තියෙනවානේ. ඒ හින්දා එයා ලංකාවේ නතර වුණා. හැබැයි දරුවා ලැඛෙන්න ළංවුණාම එයත් මම ඉන්න තැනට එනවා.
දිගටම ප්‍රංශයේ නතර වෙන්න අදහසක් තියෙනවද
(හිනැහී) නැහැ......නැහැ......... දරුවා ලැබිලා මාස කිහිපයකින් ආයෙම ලංකාවට එනවා.
ඊට පස්සෙ ආයෙම රගපෑමට එකතු වනවද?
දරුවගෙ කටයුතු වෙනුවෙන් කැප වුණාම වෙනත් දෙයකට කාලය හොයාගන්න එකයි ප්‍රශ්නෙ. ඒත් ඉතින් සම්පූර්ණයෙන්ම ර`ගපෑමෙන් ඉවත්වෙලා ඉන්නෙ නම් නැහැ. තෝරා බේරාගෙන හෝ ර`ගපෑමට එකතුවෙනවා.
දරුවා ලැඛෙන්න ර`ගපෑමෙන් දුරස්වෙලා හිටපු පසුගිය මාස දෙකතුන ගෙවිල ගියේ කොහොමද?
සාමාන්‍ය විදියට දවස ගෙවුණා. සිදත්ගෙ අම්මා තමයි ගේ දොර කටයුතු උයන පිහන කටයුතුවලට මුල් වන්නේ. ඒත් මම විවේකයෙන්ම හිටියේ නැහැ. වෛද්‍ය උපදෙස් ලැඛෙන්නෙත් නිකම්ම ඉන්න එපා කියලනේ. මමත් සාමාන්‍ය විදියට දවසේ කටයුතුවලට එකතු වුණා.
කුළුඳුල් දරුවා පුතෙක් වෙනවට සමහර මව්පියෝ කැමති තවත් අය කැමති දුවෙකුට
මට නම් පුතෙක් ලැබුණත් දුවෙක් ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒත් සිදත් නම් කියන්නේ පුතෙකුට කැමතියි කියලා. ඒත් එයා දුවට කැමති බව මට දැනිල තියෙනවා.
ආරියවංශ කුලතිලක
ලක්බිම රිද්ම ඇසුරිනි