උණු උණු පුවත් මවන ගොසිප් පුවත් සපයන වෙබ් අඩවි ෂෙරිල් – රුවන් ගේ වෙන්වීම අන්තර්ජාලය ඔස්සේ පළ කරමින් එයට දැවැන්ත ප්‍රචාරයක් ලබා දී ඇත.
කෙසේවෙතත් අවසානයේ මේ පිළිබඳ ඇත්ත නැත්ත කතා කරන්න මේ ජනප්‍රිය තරුයුවළට මාධ්‍යය ඉදිරියට පවා එන්න සිදුවුණි. මේ ගැන වැඩි දුරටත් අදහස් දැක්වු ෂෙරිල් පැවසුවේ,
“මේ කතාව අමූලික බොරුවක්.මේ දවස්වල ඇහෙන රුවන්ගෙ ‘රැවටුණු තරම්’ ගීතය හින්ද අපිට ගොසිප් හොයන අය මඩගහනවා. ඒ ගීතය හින්ද අපි ඩිවෝස් වෙන්න යනවයි කියල ආරංචියක් පැතිරිලා. මේ දවස්වල අහන්න ලැබෙන්නෙම ඩිවෝස් කතන්දර හින්ද ගොසිප් හොයන අයටත් ඕනෑ අපිවත් ඩිවෝස් කරන්නයි. අපි විවාහ ගිවිසගත්තෙ ඩිවෝස් වෙන්න නෙවෙයි යනුවෙනි”.