Pages

May 7, 2013

චමිලාගේ ගෙල මිරිකා දූෂණය කරලා...gossiplankanews

උඩුමහලෙන් බිමට දැමිමට පෙර චමිලාගේ ගෙල මිරිකා දූෂණය කරලා.

මීඟමුව රෝහලේ 6 වෙනි මහලෙන් බිමට තල්ලු කර ඝාතනය කළේ යැයි කියන ගැහැණු ළමයා මියයාමට පෙර
කිසියම් අයකු විසින් දූෂණය කර ඇතැයි එම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ රාගම වෛද්‍ය පීඨයේ කථිකාචාර්‍ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි බී. ප්‍රසන්න ප්‍රියංජිත් පෙරේරා මහතා පැවසීය.

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම සිද්ධියේදී මොණරාගල දඹගල්ලේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ චමිලා නැමැති අවුරුදු 22 (එවකට) හැවිරිදි තරුණිය මිය ගොස් තිබුණි.
මීගමුව රෝහලේ සේවය කළ වෛද්‍ය සුදර්ශන මාලගේ නැමැත්තෙකු මෙම සිද්ධියට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. සැකකරුට එරෙහිව නීතිපති විසින් තරුණියක දූෂණය කර මරා දැමූවේ යැයි අධිචෝදනා ගොනු කර තිබේ. මියගිය තරුණිය මීගමුව රෝහලින් ශල්‍ය කර්මයක් සිදුකර රෝග විනිශ්චය කාඩ්පත ලබා ගැනීමට 2007 නොවැම්බර් 12 වෙනි දින වෛද්‍ය සුදර්ශන මහතා මුණ ගැසුණු පසු මෙම අපරාධය සිදුවී ඇතැයි කියති.

අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රියංජිත් පෙරේරා මහතා ඉහත ප්‍රකාශය කළේ මෙම සිද්ධිය සම්බන්ධව තුන් වන දිනටත් මීගමුව මහාධිකරණයේ ඊයේ (06) නඩුව විභාගයට ගත් අවස්ථාවේ සාක්කි දෙමිනි. මීගමුව මහාධිකරණ විනිසුරු එම්.එච්.ඒ ගෆූර් මහතා ඉදිරියේ සාක්කි විභාගය පැවැත්වුණි. තවදුරටත් සාක්කි දුන් අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රියංජිත් පෙරේරා මහතා‍ ර්‍ණමෙම සිද්ධියට සම්බන්ධ ගැහැණු ළමයා මිය ගොස් ඇත්තේ 2011 නොවැම්බර් මස 11 දින පෙරවරු 9.50 ට පමණ. සිරුරේ තුවාල 67 ක් තිබුණා.” මුළු සිරුර පුරාම තිබුණු තුවාල පිළිබඳ දීර්ඝ විස්තරයක් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කළේය.

කන්‍යා පටලයේ ලේ ගැලීමක් හා සීරිම් කිහිපයක් තිබුණු බවත් කිසියම් අයකු බලයක් යොදා තෙරපුමක් ඇති කොට ලිංගික සංසර්ගයෙහි යෙදී ඇති බව හෙතෙම අවධාරණය කළේය. තට්ටම් ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල සිරුරේ පවතින තුවාල රළු බිමක ඇදගෙන යාමේ දී සිදුවූ තුවාල බව කීය. 6 වෙනි තට්ටුවේ සිට බිමට දැමීමේදී බාධාවකින් තොරව සිරුර බිමට වැටී තිඛෙන බවත් සිරුරේ තට්ටම් ප්‍රදේශය පළමුව බිමට ස්පර්ෂ වී තිඛෙන බව පැමිණිල්ලේ නීතිඥවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස පැවසීය.

තවදුරටත් සාක්කි දුන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙසේද පැවසීය. ඇගේ සිරුරේ යට ඇඳුමක් තිබුණේ නැහැ. යට සායක් තිබුණා. තන පට ඉදිරියෙන් ඉරා දමා තිබුණා. සායේ සෙන්ටිමීටර් 20 ක පමණ ලේ පැල්ලමක් තිබුණා. ඇඳ සිටි සාය රෝස පාටයි. කහ පාට ටී ෂර්ට් එකක් ඇද සිටියා.

ඇගේ සිරුරේ එන්නත් කටුවලින් කළ ඇනීම් කීපයක් තිබුණා. මේ සෑම සිදුවීමකදීම පිටස්තර පුද්ගලයකු යම් බලයක් යොදා ඇයව පාලනය කර තිඛෙනවා. ඇගේ දකුණු පියයුරේ ශල්‍ය කර්මයක් කළ බවට ලකුණු තියනවා.” කොඳු ඇට පේළියේද කොඳු ඇට කීපයක් කැඩී තිබූ බව හෙතෙම පැවසීය.

ඇගේ ගෙල ප්‍රදේශයේ හා බාහුවල ඇඟිලි තුඩුවලින් තෙරපීමක් කර තිඛෙන බව පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරන අවස්ථාවේ තහවුරු වූ බව අධිකරණ වෛද්‍ය නිලධාරි පවසන ලදී. හිසට සිදුවූ අභ්‍යන්තර හා බාහිර තුවාල හේතු කොට ගෙන අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවී මෙම මරණය සිදුවී ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි බී. ප්‍රසන්න ප්‍රියංජිත් මහතා පැවසීය. නඩු විභාගය මැයි මස 09 වැනිදාට කල් තැබිණ.

රේමන් අපොන්සු - මීගමුව
Related Posts Plugin for WordPress, Blogger...