මේ දවස්වල මගේ හැම තත්පරයක්ම ගෙවෙන්නේ මගේ දුවත් එක්ක. එයාගේ වැඩ වෙනුවෙන්. දැන් එයාට වයස මාස අටයි. හරිම සතුටින් තමයි මේ දවස්වල කාලය ගෙවන්නේ.
ඔබ ලද මේ මවුපදවිය ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඒක හරිම සුන්දර අත්දැකීමක්. ඒක වචනවලින් පැහැදිලි කරන්න අපහසු හැගීමක්. මවක් වුණු කෙනකුටම තමයි ඒ හැගීම තේරෙන්නේ. ඒ වගේ ම මහා විශාල වගකීමක් ජීවිතයට එකතුවුණු බවක් දැනෙනවා.
ඔබ බලාපොරොත්තු වුණේ දුවෙක් ද පුතෙක් ද?
මම ආශා කළේ දුවෙකුට. මගේ මහත්තයා ආශා කළේ පුතෙකුට. කොහොම හරි අපට ලැබුණේ දුවක්.
ඔබේ දුව කලාකාරියක් වෙනවට ඔබ කැමැතිද?
මම කාලාකාරිනියක් නිසා මගෙ දුවත් කලාකාරිනියක් වෙනවා නම් මම කැමැතියි. නමුත් මගේ දුව ලොකු වුණාම එයාගේ අනාගත ජීවිතය තීරණය කරන්න එයාට ඉඩ දෙනවා. අපි කිසි බලකිරීමක් කරන්නෙ නෑ එයාට කිසිම දෙයක් කරන්න. මට තියෙන වගකීම මගෙ දුවව රටට වැඩදායී පුරවැසියෙක් කරන එක.
ඔබේ සැමියා තවමත් රැකියාව කරන්නේ විදෙස් රටකද?
ඔව් එයා සිංගප්පූරුවේ වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. දැන් නිතරම එයා ලංකාවට එනවා. තවත් කාලයක් ගියාම එයා ස්ථිරවම ලංකාවට එයි.
මොනවද ඔබේ එන්න තියෙන නිර්මාණ?
මගේ කිසිම නිර්මාණයක් නෑ එන්න. දුව ලැඛෙන්න ආවට පස්සෙ මම කිසිම නිර්මාණයක් බාරගත්තේ නෑ. මම රගපෑ සිහිනය දිගේඑන්න චිත්‍රපටයත් තිරගත වුණා.
නැවතත් ඔබ රංගන කටයුතු පටන්ගන්නෙ කවදා ඉඳලද?
මගෙ දුව ඇවිදින්න පටන් ගත්තට පස්සෙ, ඒ කියන්නෙ තව මාස දෙක තුනකින් මම නැවතත් නිර්මාණ බාර ගන්නවා. දැනට මට කිසිම නිර්මාණයකට සම්බන්ධ වෙන්න බැහැ. මගෙ තාත්තා තමයි මගේ හැම වැඩකටම උදව් වෙන්නෙ. එදා මාත් එක්ක ෂූටිංවලට ගිය මගේ තාත්ත අද මගේ දුව බලා ගන්නත් මට උදව් වෙනවා.
මේ වනවිට ඔබ චිත්‍රපට කීයකට දායක වෙලා තියෙනවද?
චිත්‍රපට දෙකක රගපාලා තියෙනව. මගේ පළමු චිත්‍රපටය උදයකාන්ත වර්ණසූරියගේ ‘පායා එන්න හිරු සේ’. ඒ චිත්‍රපටයේ මම රගපානවිට මට වයස අවුරුදු 18 යි. නමුත් වැඩිහිටි චරිතයක් මම එහි කළා. ඒ රංගනයට මට හොඳ ප්‍රතිචාර ලැබුණා.
ඔබ ර`ගපාන්න වඩාත් ම කැමැති මොනවගේ චරිතද?
ර`ගපාන්න යම් කිසි නිර්මාණයක් තෝරා ගනිද්දි ඒ චරිතය, ගැමි ද, නාගරික ද, අහිංසක ද නපුරු ද කියල බලන්නෙ නෑ. ඒ චරිතයෙන් මට යමක් කරන්න පුළුවන් කියල මට හිතුණොත් ඒ චරිතය රගපෑමෙන් බිරියක් මවක් හැටියට මගේ ජීවිතයට ගැටලුවක් වෙන්නේ නැතිනම් එය මම බාර ගන්නවා.
සිනමාව සහ ටෙලිනාට්‍ය කියන මාධ්‍ය දෙකෙන් ඔබ වඩාත්ම කැමැති?
සිනමාව කියන්නේ රංගනයේ උපරිමය දක්වන්න පුළුවන් මාධ්‍යයක්. පුංචි තිරයෙන් ඉතාම ඉක්මනින් ප්‍රේක්ෂකයින්ට සමීප වෙන්න පුළුවනි. ඒ නිසා මම මේ දෙකටම කැමැතියි.
ඔබ සංසලා ට තවමත් ආදරේද?
මම දැන් චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය කියන මොන මාධ්‍යයක රගපෑවත් මේ රටේ ගොඩක් දෙනෙක් තවමත් මාව හඳුන්වන්නේ සංසලා කියලා. ඒ∙ ‘බොඳ මීදුම්’ ටෙලි නාට්‍යයේ මගේ රංගනය නිසා. ඔවුන් කියන්නේ මම ඒ චරිතයට කිසියම් සාධාරණයක් කළ බවයි. ඒ ගැන මට හරිම සතුටුයි.
රංගනයෙන් ඉවත් වෙන්න එහෙම අදහසක් තියෙනවාද?
නැහැ. මගේ රසික රසිකාවියන් මට ආදරය කරන තෙක් මම රගපෑමේ යෙදෙනව.
ගාමිණී සුසන්ත
ඡායාරූපය - ශාන් රූපස්සර