Pages

Showing posts with label Malaka Silva. Show all posts
Showing posts with label Malaka Silva. Show all posts

Mar 3, 2013

නීතිය විහිළුවට ගත්තු පිස්සු කෙළින ඇමැති පුත්තු | Gossip Lanka

නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත‍්‍රයා වන අසේල වෛද්‍යාලංකාරට සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රිපාල සිරිසේනගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන පහරදීම පසුගිය සතියේ රටේ කතාබහට ලක්වූ ප‍්‍රධාන සිදුවීමකි.

එසේම උතුරු මැද ආයුර්වේද කොමසාරිස් චන්ද්‍ර කුමාර අල්විස්ට ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල කිරීම හා නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී පි‍්‍රයන්ත පතිරණට නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්තිගේ පුත‍්‍රයා වන ඒ. එල්. සුසන්ත විසින් පහරදීම කතාබහට ලක්වූ තවත් සිදුවීම් දෙකකි.

පහරදීම් දෙකකටම සම්බන්ධ වී ඇත්තේ ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලනඥයන්ගේ පුත‍්‍රයන්ය.