Pages

May 19, 2013

හොදට තියෙන මගේ පවුල කඩන්න කට්ටිය උත්සහ කලා - Semini Iddamalgoda

හොඳට ඉන්න පවුල් කඩන එක ආනන්තරීය පාප කර්මයක් වගේයි..
උසාවි ගියේ නොගිහින් බැරි කමට - සේමිණි...

ප්‍රවීණ නළු සනත් ගුණතිලකයන් ගේ අධ්‍යක්ෂණයක් වන සිනහව අතරින් නිර්මාණයට සනත්ගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වීමට ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩට අවස්ථාව ලැබී ඇත. බොහෝ කැපකිරීම් කරමින් සේමිණි මේ නිර්මාණයට දායක වී ඇත.

ප්‍රසන්න ජයකොඩි ගේ අලුත්ම සිනමා නිර්මාණය සේමිණි දායක වී ඇත්තේ අමුතුම ආකාරයේ චරිතයකටය. එහි මළ මිනියක් විදියට රංගනයෙන් දායක වීමෙන් රංගන දිවියට අලුත් අත්දැකීම්, අලුත් පාඩම් රැසක් එක්කර ගන්න ඇයට හැකියාව ලැබී ඇත.
තවත් ජනප්‍රිය නිළියක් වූ දමිතා අබේරත්ත සමග ඇතිවූ ආරවුල තවමත් උසාවියේ විභාග කෙරෙන බවත් එහෙම කළේ නොකර බැරි තත්ත්වයක් උදා වුණ නිසා බවත් නමුත් සැබවින්ම තමා ඒ ගැන කණගාටු වෙන බවත් සේමිණි පැවසුවාය.

“මම මේ විදියට නීතිමය පැත්තට ගියේ මේ සිදුවීමෙන් ඇතිවුණු සිත් වේදනාව හා අපහසුතාවය වැඩි වූ නිසාමයි. මට පවුලක් තිඛෙනවා. ඉතාමත් හොඳින් ඉවසීම තිඛෙන ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. එහෙම නොවෙන්න මගේ පවුල කැඩෙන්න තිබුණා. එවැනි වාතාවරණයක් ඇති වුණා නම් මොකද වෙන්නේ.

මම මේ කියන්නේ ‍පොදුවේ. අපේ ක්ෂේත්‍රයේ වගේම මේ සමාජය තුළ ඉන්නා වෙනත් ක්ෂේත්‍රවල ඉන්න ඇතැමුන් වැඩ කරන්නේ ආත්මාර්ථකාමී විදිහටයි. ඔවුන් කැමතියි හොඳට ඉන්න පවුල් කඩා දමන්න. කැඩී බිඳී යන විදිහට කට කතා හා වැරදි ආරංචි පතුරුවන්න. මම පත්වුණෙත් ඒ තත්ත්වයටමයි. ඇත්තටම කියනවා නම් මම හිතන්නේ හොඳට ඉන්න පවුල් කඩන එක ආනන්තරීය පාප කර්මය හා සමාන එකක්” යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.

මේ අතර සේමිණි පුංචි පුංචි සමාජ සත්කාර්යයන්ට දායක වන බවත් අපට ආරංචි විය . ඒ ගැන ඇය පැවසුවේ “මම බොහොම දුප්පත් පවුලක් පාරට වැටෙන්න යන එකින් බේරගන්න හිතුවා. ඔවුන්ගේ නිවස බැංකුවට සින්න වෙන්න යනවා. පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්න මේ පවුලට තාත්තෙක් පවා නැහැ.

දැනට මමත්, ධම්මිකත් එකතු වෙලා අපේ මුදල්වලින් රුපියල් ලක්ෂයක් බැංකුවට බැඳලා නඩු මාර්ගයට යන එක නවත්වලා තිඛෙනවා. ඉතින් මම බලා‍පොරොත්තු වෙනවා මට හිතවත් අය සමග එකතු වෙලා ඉතිරි මුදලත් බැංකුවට ගෙවලා මේ නිවෙස අර දුප්පත් පවුලට බේරලා දෙන්න. ඒ වගේම තවත් ඉගෙනුමට දක්ෂ දරුවෝ දෙන්නෙකුට මම මාස් පතා මුදල් යවනවා. ඒවා තමයි මේ දවස්වල මම කරන වැඩ. මේ හැමදේකටම ධම්මිකගෙන් මට ලැඛෙන සහයෝගය මතක් කළ යුතුමයි

 ගෙදර ප්‍රශ්න නිසා මම සනත් අයියාට ලංවුණා
Related Posts Plugin for WordPress, Blogger...