වන සතුන්ගේ අයිතිවාසිකම් රැක දීමට ඔහු මෙසේ ඉදිරිපත්ව සිටී.
ලොව පුරා වනසතුන්ගේ ජීවිත හානි වන්නේ මිනිසුන් ඔවුන්ගේ ශරීර අංග ලබා ගැනීමට ගන්නා ප්රයත්නයන් නිසාය.
විශේෂයෙන් ම ව්යාඝ්රයින්, රයිනෝසිරස්, ඇතුන් වැනි සතුන්ගේ සම, දළ සහ අං ලබා ගැනීම සඳහා ඔවුන් මරාදමනු ලබයි.
වන සතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්රියාත්මක වන, වැඩසටහන නම් කර ඇත්තේ හෑන්ඩ් ඕෆ් මයි පාර්ට්ස් (Hands off My Parts) යනුවෙනි.
පසුගිය දිනවල ලෝක නායකයන් ඇතුළු ප්රකට පුද්ගලයන්ට ඊ - මේල් පණිවුඩ යවමින් මේ වැඩසටහනට ආධාර කරන්නැයි ලෙනාඩෝ ඉල්ලා සිටි බවද පැවසේ.
ඒ අතර තායිලන්ත අගමැති යින්ග්ලක් ෂිනවාත්රාට යැවූ පණිවුඩයෙන් ලියනාඩෝ ඉල්ලා සිටියේ තායිලන්තයේ සිදු කෙරෙන ඇත්දළ ජාවාරම වහාම තහනම් කරන ලෙසයි.