Pages

Feb 12, 2013

සම පැහැපත් කරන ආලේපනවලින් ස්නායු පද්ධතියට දැඩි හානි

සම පැහැපත් වීම සඳහා ගන්නා ඇතැම් ආලේපනවල රසදිය අඩංගු කර ඇති බවත් රසදිය ශරීරගත වීම අහිතකර තත්ත්වයක් බවත්, රසදිය අඩංගු එවැනි ආලේපන දීර්ඝකාලීන භාවිතය හේතුවෙන් එහි විෂ මඟින් ස්නායු පද්ධතිය විශාල ලෙස හානියට පත්වන බව පරිසර හා වෘත්තීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවැසීය.
බොහෝ කලක සිට බොහෝ රටවල රසදිය අඩංගු ආලේපන නිෂ්පාදනය කරන නමුත් එය ශරීරයට අහිතකර තත්ත්වයක් බව රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් ආලේපන රසායනාගාර පරීක්ෂණයක් මඟින් තහවුරු කරගෙන ඇති බව ඒ මහතා පැවැසීය.

මේ වන විට එම රාජ්‍ය නො වන සංවිධානය මඟින් කරන ලද රස පරීක්ෂණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ලබා දී ඇති බවත ඒ පිළිබඳ ව අමාත්‍යංශයේ විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය දැනුවත් කර ඇති බව වෛද්‍ය ජයලාල් මහතා ප‍්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නීත්‍යානුකූල විසඳුමක් ලැබෙනතුරු ජනතාව මෙවැනි ආලේපන භාවිතා කිරීමෙන් වැළැකිය යුතු බව ඒ මහතා ප‍්‍රකාශ කළ අතර මෙරටට ගෙන්වන පැහැපත් වීම සඳහා භාවිතයට ගන්නා ආලේපන සමාගම් මඟින් රසායනාගාර පරීක්ෂාවෙන් අනතුරු ව වෙළෙඳපොළට දැමීම වඩා හොඳ බව ද හෙතෙම පැවැසී ය.
Related Posts Plugin for WordPress, Blogger...