Pages

Feb 12, 2013

සමලිංගික විවාහ නීතිය ශ‍්‍රී ලංකාවටත් ඉල්ලති

සමලිංගික සම්බන්ධතා “ස්වභාවික නොවන ලිංගික හැසිරීමක්” සහ සාපරාධී ක්‍රියාවක් ලෙසින් විග්‍රහ කරන වත්මන් ලාංකීය නීතිය අධිරාජ්‍යවාදී යුගයේදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සම්පාදනය කරන ලද්දක් බව ශ්‍රී ලංකාවේ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ඊක්වල් ග්‍රවුන්ඩ් (Equal Ground ) ආයතනය පෙන්වා දෙයි.

එම “යල් පැන ගිය” නීතිය සම්පාදනය කළ බ්‍රිතාන්‍යය, සමලිංගික විවාහය නීතිගත කිරීමට පවා කටයුතු කරද්දී ශ්‍රී ලංකාව තවමත් සමලිංගික සම්බන්ධතා තහනම් කිරීම සඳහා අධිරාජ්‍යවාදීන් ගේ නීතියක් යොදා ගනිමින් සිටින බව ද ඔවුහු පවසති.
“ඒ වගේම ලාංකීය ජන සමාජයත් මේක බොහෝ දුරට විකෘති තත්ත්වයක් හැටියට හඳුන්වනවා,” ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ ක්ෂේත්‍ර නිලධාරිනියක සහ උපදේශකවරියක වන බූමි ද සිල්වා කියා සිටියාය.

බ්‍රිතාන්‍ය ඇතුළු බටහිරින් ලැබෙන ඕනෑම “අයහපත් දෙයක්” දෑතින්ම පිළිගන්නා ලාංකීය සමාජය සමලිංගික සම්බ්නධතා නීතිගත කිරීම වැනි මාන අයිතිවාසිකම් ක්ෂේත්‍රය හා බැඳුනු ප්‍රගතිශීලී පියවර “සුද්දන්ගේ දේවල්” ලෙසින් බැහැර කරන බව ඇය පෙන්වා දෙන්නීය.

ශ්‍රී ලංකාවේදී සමලිංගික අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා තමන් ගෙන යන සටනට බොහෝ බාධාවන්ට මුහුණදීමට සිදු වී තිබෙන අතර, ඇතැම් විට දේශපාලන නායකයන් සමඟ සාකච්ඡාවක් ලබා ගැනීම පවා ඉතා දුෂ්කර බව ද බූමි ද සිල්වා පවසන්නීය.

“අපි සමලිංගිකත්වය ප්‍රචාරය කරනවා, සංස්කෘතිය විනාශ කරනවා, අපි මානසික විකෘතියෙන් පෙලෙන මිනිසුන් ඔය වගේ නොයෙකුත් අපිට අපහාසයන් එනවා. මේ සමලිංගිකත්වය කියන එක ඈත අතීතයේ ඉඳන්ම පැවත ගෙන ආපු දෙයක්, රජ කාලේ පවා ඒක තිබුනා,” යනුවෙන් ද ඇය පවසන්නීය.

තමන්ගේ මේ ප්‍රයත්නය හුදෙක් සමලිංගිකයන් පිළිබඳව පමණක් නොව කාන්තාවන් සහ දරුවන් ඇතුළු ලාංකීය සමාජයේ නොසලකා හැරීමට ලක් වී සිටින සියලු ජන කොටස්වල අයිතිවාසිකම් පිළිබඳව පවා යොමු වූවක් බව ද ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය අවධාරණය කරයි.

“අපේ පරමාර්ථය ඉහල පෙලේ පුද්ගලයන්ගේ වාසියට සහ දුර්වල පුද්ගලයන්ගේ අවාසියට හේතුවන නීතීන් දුර්වල කොටස් ආරක්ෂා කිරීම සඳහා තවත් ශක්තිමත් වෙන්න ඕනේ. මේ හැමෝටම එක සේ සැලකෙන නීතියක් සහ කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා වෙන නීති තවත් සම්පාදනය විය යුතුයි කියන එකයි අපේ පරමාර්ථය, ” යනුවෙන් ද බූමි ද සිල්වා සඳහන් කළාය.

5 comments:

  1. පළමු පොන්න විවාහ 100යට ඇසිඩ් ගහමු රට සහ සංස්කෘතිය රැක ගනිමු

    ReplyDelete
  2. mewata awasara dena ekek innawanam,eka umlinma lollekta barademu,,,,,,anith eunta adarshayak wenna,,,,nodakin ballooo rata kanne mewage sakkili weda walin,,,,,(boomi de silwa) aappe daganin anith eunge oluwa aul nokara

    ReplyDelete
  3. ikmanatama meka sammatha unoth matai mage aiyatai ekata jeewath wenna puluwan. hemadamath depeththata wela idala be. me waasanaawa ikmanatama apita lebewa!!

    ReplyDelete
  4. ශ්‍රීලංකාවේ සමලිංගික විවාහය අනිවාරයෙන්ම නීති ගත කල යුතුයි විවිද ජනකොටස්වල ආවේනික මානව හැගීම් එක් ඒකාදිපති වාදයකට යට නොවිය යුතුයි සැමට විවිද ක්‍රම යටතේ ජිවත් වීමට සම නිදහසක් ඇති භුමියක් බවට පත් කල යුතුයි මේ ලංකා භුමිය තනි මතවාදයකට යටත්ව පාලනයට එරෙහිව සටන්කල යුතුයි

    විරැද්ධ ලිංකිකයෙකුගේ අවංක අදහසකි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...