මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කරමින් තමිල්නාඩු මහාධිකරණය විසින් ද ලබා දී තිබූ නියෝගය පසුගියදා ඉවත් කෙරිණි. ඒ අනුව විශ්ව රූපම් ඉන්දියාවේ ද ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබා දී ඇත.
මුස්ලිම් සංවිධාන, මුස්ලිම් විද්වතුන් සහ මුස්ලිම් දේශපාලකයන් කිහිපදෙනකුගේ ඉල්ලීම මත විශ්වරූපම් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම පසුගියදා තහනම් කරනු ලැබීය.
මෙම චිත්‍රපටයේ දර්ශන දෙකක් පමණක් ඉවත් කළ බව ද ඒ අනුව ඉදිරි දින කිිහිපය තුළදී චිත්‍රපටය ප්‍රදර්ශනයට ඉඩ ලැඛෙන බව ද ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී සුමනසේකර මහතා කීවේය.
එල්ලා මරණ දර්ශනයක් සහ ගෙල කපා මරා දැමීමේ දර්ශනයක් මෙලෙස චිත්‍රපටයෙන් ඉවත් කළ බැව් පැවසූ ගාමිණී සුමනසේකර මහතා මහම්මත්තුමාට සහ මුස්ලිම් ආගමිකයන්ට අපහාස වන ලෙස නිර්මාණය කර තිබූ ඩික්ටේටර් චිත්‍රපටය ද මීට පෙර මෙරට ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ බව ද පැවසීය.