Pages

Jan 23, 2013

දරුවාගේ තාත්තා ගයාන් වුණොත්?

කලා ක්ෂේත්‍රයේ ඇතැම් නළු නිළියන් ගැන කාලයෙන් කාලයට විවිධ කතා පැතිර යනවා..

ඒ අතරින් පසුගිය දිනවල චතුරිකා පීරිස් හා රොෂාන් පිලපිටියගේ වෙන්වීම ගැනත් විවිධ රසකතා පැතිරුණා.

ඒවා යටපත් වීමට මත්තෙන් චතුරිකා නැවතත් මාධ්‍යට සිය අදහස් ප්‍රකාශ කර තිඛෙනවා.
මව්බිම පුවත් පතට අදහස් දක්වා ඇති චතුරිකා තවත් වසර තුන හතරකින් දරුවන් හදන බව පවසා තිඛෙන අතර එම දරුවන්ගේ පියා
ගයාන් වෙයිද යන පැනයට හරියාකාර පිළිතුරක් දී තිබුණේ නැත.

ඔබ කවුද?
නමින් නම් චතුරිකා පීරිස්. කෙටියෙන් මං ගැන හැඳින්වුවොත් බොහොම සරල, සරල විදියට ජීවත් වෙන්න කැමති මට ආදරය කරන අයට ආදරය කරන ප්‍රශ්නයක් දිහා බුද්ධිමත්ම බලන පොළොවෙ පය ගහලා ජීවත් වෙන කෙනෙක්.

ඒත් සමහරුනම් කියන්නේ ඔබ පොළොවට අඩි ගාණක් උඩින් ඉන්නේ කියලා....?
ඒ මම ගැන නොදන්නා අය කියන කතා වෙන්න ඇති. හැබැයි මම නොගැළපෙන අය නම් ආශ්‍රය කරන්නේ නෑ.

ඔබ නිළියක් වුණේ කොහොමද?
ඒක අහම්බයක්.

අහම්ඛෙන් නිළියක් වුණත් අහම්ඛෙන් ජනප්‍රිය නිළියක් වෙන්න පුළුවන්ද?
දැන් කාලේ නම් ඒකත් බැරි කමක් නෑ.

ඔබත් ජනප්‍රිය නිළියක් වුණේ එහෙමද?
නෑ. වාසනාවකට. සැබෑවටම ජනප්‍රිය නළු නිළියන් බිහි වුණ යුගයේ අවසාන පරම්පරාව අතරට එක්වෙන්න මටත් අවස්ථාව ලැබුණා.

තාමත් ඔබ ජනප්‍රියද?
ඔව්.

නිෂ්පාදනයට අත ගැහුවෙත් තමාවම ජනප්‍රිය කරගන්නද?
විනෝදාංශයට රඟපෑවට දැන් ඒක අපේ වෘත්තිය.. වෘත්තීය වශයෙන් ඉදිටියට යන්න නම් විවිධ චරිත නිරූපණය කරන්න ඕනෑ. තමන් හරි නිෂ්පාදනය කරගෙන හොඳ චරිතයක් රඟපෑවාට කමක් නෑනේ.

ඉදිරියට නිෂ්පාදනය කරනවාද?
නැත්නම්

චල රූ නිෂ්පාදන ආයතනයට දැන් මොකද වෙන්නේ?
කොහොමත් නම වෙනස් කරන්න හිටියේ. චල රූ නමින් නම් ඉදිරියට නිෂ්පාදනය කරන්නේ නෑ.

ලස්සන තියෙනවානම් නිළියක් වෙන්න පුළුවන්ද?
බෑනේ.

නිළියක් සහ රංඟන ශිල්පිණියක් අතර වෙනස කුමක්ද?
වචන වලින් නම් ඔය දෙකේම තේරුම එකයි. සම්මානයක් ගත්තොත්  මොනවා හරි හොඳ දෙයක් කළොත් එයා රංඟන ශිල්පිණියක් කියනවා. වැරදි වැඩක් කළොත් එයා නිළියක් කියනවා. භාවිත කරන විදියෙයි වෙනස තියෙන්නේ.

ආදරේ ගැන මොකද හිතෙන්නේ?
හරිම සුන්දරයි. ජීවිතේ අලුත් වෙනවා. ලස්සන වෙනවා.

කුළුඳුල් ආදරයක් හිතේ ඉපදුණේ අවුරුදු කීයෙදිද?
මට මතක විදියට අවුරුදු 12දී විතර. ඒත් ඒක ආදරයක්ම කියන්න බෑ.

ප්‍රේම සම්බන්ධතා කීයක් තිබුණද?
දෙකයි.

එකම ක්ෂේත්‍රයක දෙන්නෙක් විවාහයට සුදුසුද?
ඔව්

මෙච්චර දෙයක් වෙලත් තාමත් එහෙම හිතෙනවද?
විවාහයට රැකියාව නෙවෙයි වැදගත් ගැළපීම.

ජීවිතය ඛෙදා ගන්න තරම් නළුවන් විශ්වාස කරන්න පුළුවන්ද?
පුළුවන්

නිළියන්?
ඒත් පුළුවන්

විවාහය තවත් ආදරයකට බාධාවක්ද?
විවාහ වෙලා බිරිය වෙන කෙනෙකුට ආදරය කරනවානම් ඒක සැමියාට හොඳ නෑ. සැමියා වෙන කෙනෙක්ට ආදරය කරනවානම් ඒක බිරිඳට හොඳ නෑ. ඒ විතරක් නොවෙයි ඒක දරුවන්ටත් හොඳ නෑ. ඒ නිසා ඒ විවාහයේ රැදෙනවාට වඩා වෙන්වීමයි හොඳ.

වඩා හොඳ දුක්කසාදයද? දික්කසාදයද?
මැරෙනකම්ම දුක්කසාදයක් නිසා විඳවනවට වඩා අවුරුද්දක් දෙකක් හැමෝගෙන්ම බැණුම් ඇහුවත් දික්කසාදය හොඳයි.

දික්කසාද ගැහැණියට මේ සමාජයේ මේ සමාජයේ තියෙන තැන ගැන සතුටුද?
ඒක එක එක්කෙනාගේ බුද්ධි මට්ටම අනුව, සමාජ මට්ටම අනුව ඒ දිහා බලන විදිය වෙනස්. හැබැයි අතීතයේ සහෝදරයෝ දෙන්නෙක් බිරියක් එක්ක එක ගේ කාපු , වෙළෙඳාමේ ගිය සැමියාත් ඔහු එනතුරු වෙනත් සැමියන් ඇසුරු කරපු බිරිඳෑවරුත් හිටියායි කියන අතීත සන්ස්කෘතියක් තිබුණු රටක ඉඳගෙනයි අපි අද දික්කසාද ගැහැණිය දිහා වපර ඇහින් බලන්නේ.

පතිවත රකින්න ඕනේ ගැහැණු විතරද?
නෑ. ඒක දෙපැත්තෙන්ම වෙන්න ඕන දෙයක්.

ගෙයි ගිනි පිටට දෙන්න හොඳද?
කොහොමටවත් ඕනේ නැහැ.

ඔබත් එහෙම කළාද?
නෑ. මම එහෙම කළෙත් නෑ. කරන්න හිතුවෙත් නෑ. ඒත් වෙන අය ගෙයි ගිනි පිටට දුන්නට පස්සේ මගෙන් ඒ ගැන අහද්දි මට උත්තර දෙන්න සිද්ධ වුණා. ඒකත් නොකර හිටියනම් අද හොඳයි කියලා හිතනවා.

ආදරය වෙනුවෙන් ඕන කැපකිරීමක් කරන්න සූදනම්ද?
සැබෑ ආදරයක් නම් ඕනෑම දෙයක් කරනවා.

කෙට්ටු වෙන්න හිතුවෙ ඇයි?
මම බත් කඩේක වැඩ කළා නම්  මහත ප්‍රශ්නයක් නෑ. ඒත් මම රංඟන ශිල්පිණියක්නෙ.

තිරයේ හමු වුණ හොඳම පෙම්වතා කවුද?
විශේෂ කෙනෙක් නෑ. නළුවන් කීප දෙනෙක් මගේ පෙම්වතා වෙලා තියෙනවා. ඒත් විශේෂ කෙනෙක් නම් නෑ.

හඳහන් විශ්වාස කරනවද?
තරමක් දුරට.

හඳහනේ ඔබ වෙනුවෙන් කියපු අමතක නොවන අනාවැකිය මොකක්ද?
ඒ අනාවැකිය තමයි පහුගිය දවස්වල හැබෑ වුණේ.

දැන් ඔබ පෙම්වතියක්ද?
නෑ.

ඔබේ නංගි දැන් මවක් වෙන්න සූදානම් වෙනවා. ඔබ මවක් වෙන්නේ කවදාද?
අනිවාර්යයෙන්ම තව අවුරුදු තුන හතරකින්.

ඒ දරුවාගේ තාත්තා ගයාන් වුණොත්?
ඒක එතකොට බලමුකො.

5 comments:

  1. apita mewa ahala, hikenuth puna..

    ReplyDelete
  2. What a load of crap. You are a great ,talented and beautiful actress., probably the best in Sri Lanka. Please engage your brain in the right gear before accelerating your mouth up to a top speed. We want to see Lankan born and bred actresses like you achieving top spots in our Sinhala cinama. We dont want to see Indian stars populating our Sinhala cinama. We want more of Chathurikas and not Poojas. You are a top actress in our cinama so please behave like one. So cut the crap and do what you do best.

    ReplyDelete
  3. Chathurika please cut the crap. You are one of the TOP actresses in the Sinhala cinama, so behave like one. You are highly talented and beautiful actress. Do not throw your talent away. We want to see our own (born and bred in Lanka )Sinhala actresses populating the silver screen. We are fed of seeing Indian actresses on our cinama. We want you Chathurika and not Poojas. Please take your responsibility as a top actress, and guide our young genaration to the next level.Your love life is not important to us. We only want Chathurika THE ACTRESS.

    ReplyDelete
  4. Meki maha Patta balliyaka chaturika tota hena gahanna ona ahinsaka pawulak kaduwat

    ReplyDelete
  5. hena gahapiya huththi....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...