‘අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත.’
‘අප ජාතියක් ලෙස ලේ ගංගාවකින් පිහිනා එතෙර වුයෙමු. එම ලේ ගංගාවේ සිහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතිකත්වයන්ට අයත් වු මිනිසුන්ගේ මළ මිනී දහස් ගණන් පාවී යනු අපි දුටුවෙමු. එහෙත් දැන් අප අපගේ ලේ තැවරුණු ඇදුම් උනා දමා කිසිවක් සිදු නොවු විලසින් විසිතුරු ඇදුම් ආයිත්තම් වලින් සැරසී පැරණි පාරේම ’’අලූත්’’ ගමනක් ආරම්භ කොට ඇත්තෙමු.’
ඒ උපුටා ගැනීම් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් පශ්චාත් යුධ සමය තුළ ජාතියේ ගමන පිළිබඳව අදහස් පල කරන ලද ලිපි ලේඛන සමඟ බැඳේ. යුද්ධයෙන් පසුව ගෙවී ගිය වසර 3 ක කාලය පිළිබඳව ජාතික ව්‍යාපාරයේ ප‍්‍රභල භූමිකම්පාවක් ඉටු කරන සංවිධානයක් ලෙස අප සතුටු නොවන බව ප‍්‍රසිද්ධියේ කියා සිටීමට අපි මැලිනොවෙමු. ඉතා සරලව කියන්නේ නම් අප රටේ දීර්ඝ ඉතිහාසය තුළ ගෙවී ගිය මහා අදුරු සමයකට පසුව උදා වු සුවිශේෂී ස්වර්ණමය අවස්ථාව අප දැනුවත්ව හෝ නොදැනුවත්ව අත් හැර දමා ඇත. ඒ වරදට අදාලව ඉතිහාසය අපට කෙසේ දඩුවම් කරනු ඇත්දැයි අපි නොදනිමු. එහෙත් දඩුවම් කරන බව නම් ඉර හඳ සේ විශ්වාස බව කිවයුතුව ඇත.
ඉනියවන් චිත‍්‍රපටය අපගේ හෘද සාක්ෂියට යම් අභියෝගයක් කරන්නේ අප ඉහත සඳහන් කළ අකාරයේ මනෝභාවයක පසුවන නිසා විය යුතුය. චිත‍්‍රපටයේ නිර්මාණ අයිතිය දරණ අසෝක හඳගම මහතාගේ ප‍්‍රකාශය අනුව එතුමා එවැනි චිතපටයක් නිර්මාණය කරන්නේ තමාගේම හෘද සාක්ෂියේ පීඩනය නිසාය. එසේ වුවත් හඳගම මහතා කියන්නේ තමා අද සිටින්නේද එදා සිටි යුධ විරෝධී ස්ථාවරයේම බවය. කුරිරු යුද්ධය පිලිබඳව ශ‍්‍රී ලංකික ජාතිය බොහෝ අත්දැකීම් ලබා ඇත. ඒ නිසා සිහි බුද්ධිය ඇති කිසිදු මිනිසෙකු කැමැත්තෙන් යුද්ධයක් ඉල්ලනු ඇතැයි අපට පිළිගත නොහැක. යුද්ධය ඉල්ලා සිටියේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් විසිනි. එයට යම් ජන පදනමක් තිබුණද එය කිසිසේත්ම ජාතික විමුක්ති ව්‍යාපාරයක් ලෙස හැදින්විය නොහැක.
වසර සියගණනක බටහිර අධිරාජ්‍යවාදී කූඨ මෙහෙයුමකට ජාතියක් ලෙස අප ගොදුරු වු නිසා බෙදුම්වාදී කුලී ත‍්‍රස්ත ව්‍යාපාරයකට ජන පදනමක් ඇති කර ගැනීමට අවස්ථාව පෑදුනි. ඒ කුරිරු මිලෙච්ජ බෙදුම්වාදී යුද්ධයට විරුද්ධ වු පිරිස් පුළුල් වශයෙන් කණ්ඩායම් දෙකක් ලෙස හදුනාගත හැක. පළමුවැන්න බලහත්කාරයෙන් භූමිය දෙකට කිරීම සඳහා වු යුද්ධයට එරෙහිව දියත් කෙරුණ ප‍්‍රති යුද්ධයට විරුද්ධවන පිරිසයි. ඔවුන් ආරම්භක බෙදුම්වාදී යුද්ධයට විරුද්ධව බරපතල විරෝධයක් පෙන් වුයේ නැත. ඔවුන්ගේ අප‍්‍රකාශිත යෝජනාව වුයේ යුද්ධය නවත්වා ආයුධ සන්නද්ධ පිරිසකට ’’ සාමකාමීව’’ බලය බෙදාදී රට බෙදීම සඳහා ආරම්භක පියවර තබන ලෙසය. දෙවැනි පිරිස යනු යුද්ධය නිවැරදිව සිදු කොට හැකි ඉක්මනින් ජයගැනීම මගින් එය අවසන් කළ යුතු යයි කියා සිටි පිරිසයි. අප අයත් වන්නේ ඒ දෙවන පිරිසටයි. බොහෝ විට හඳගම මහතා දැනුවත්ව හෝ නොදැනුවත්ව නියෝජනය කළේ පළමු පිරිස යයි අපි විශ්වාස කරමු. කෙසේ වෙතත් හඳගම මහතා ඉනියවන් චිත‍්‍රපටය මගින් මේ පසුබිම් කරුණු අතපත ගෑමටවත් උත්සාහ කරන්නේ නැත.
නමුත් ඒ කුරිරු යුද්ධයෙන් (යුද්ධයේ කුරිරු බව පිළිබඳව අප අතර විවාදයක් නොමැති බව පැහැදිලිය) ජීවිතය ගලවාගත් බෙදුම්වාදී ත‍්‍රස්තවාදී සටන්කරුවකු නැවත සමාජගත වීමේදී යුද්ධයේ පීඩාවෙන් හෙම්බත් වි තැලි පොඩි වී ඔද්දල්වී ඇති සමාජයක් ඊට දක්වන ප‍්‍රතිචාර සිනමාරූපීව ඉතා ප‍්‍රබලව හඳගමයන් විසින් ඉදිරිපත් කරයි. ඒ මගින් ඔහු ජාතියේ හෘද සාක්ෂිය අවදි කිරීමට ප‍්‍රශස්ථ උත්සාහයක් ගෙන ඇත. දේශහිතෛෂී ජාතික ව්‍යෘපාරය විසින් රජයට ඉදිරිපත් කළ යෝජනාවලියක සඳහන්වු කරුණු කිහිපයක් නැවත මතක් කිරීම මගින් හඳගමයන් විසින් අද මතු කරන ප‍්‍රශ්න වලට මීට වසර තුනකට පෙර උත්තර සෙවීමට අප යම් උත්සාහයක් ගත් බවට සාක්ෂි ඉදිරිපත් කළ හැක. එහෙත් ඒ මගින් පමණක් අපට හෘද සාක්ෂියෙන් ගැලවිය නොහැකි බවට සැකයක් නැත.
එදා අප කියා සිටියේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල ධරිද්‍රතාවයෙන් පෙළුණු ගම් බිම් වල ජීවත් වු අහිංසක කුලහීන තරුණ තරුණියන් ප‍්‍රභාකරන් නැමැති කුරිරු අධිරාජ්‍යවාදී කුලී හේවායා විසින් මිනිස් බෝම්බ බවට පත් කළ බවය. ඒ නිසා අප යෝජනා කළේ මරාගෙන මැරෙන බෝම්බ බවට පත්වු ශ‍්‍රී ලාංකීය දු දරුවන්ගේ දෙමාපියන්ට සංකේතාත්මකව හෝ වන්දියක් ගෙවිය යුතු බවය. එසේම දකුණේ සිංහල, දෙමළ මුස්ලිම් සියලූ මිනිසුන්ගේ අහිංසක දායකත්වයෙන් උතුරේ මිනිසුන්ගේ ගෙවල් දොරවල් නැවත සාදා දිය යුතු බව අපි කියා සිටියෙමු. එහිදී කිසිවකුට වගකීමෙන් මීදීමට ඉඩ නොදී සියලූ දේශපාලන පක්ෂ කොටු කර ගත හැකිවන ලෙස ආණ්ඩුව වගකීමෙන් සහ පරිත්‍යාගශීලීව කටයුතු කළ යුතු බවද අපි කියා සිටියෙමු.
එපමණක් නොව එදා සුනාමියෙන් විනාශවු දකුණේ දුම්රිය මාර්ගය ප‍්‍රතිිසංස්කරණය කළ ආකාාරයට උතුරු දිග දුම්රිය මාර්ගයද නැවත ගොඩනගා ඒ දුම්රිය මාර්ගය උතුරු – දකූණු සහෝදරත්වයේ පාළම බවට පත් කිරීම සඳහා සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාද අපි ඉදරිපත් කළෙමු. එහෙත් උතුරු වසන්තය නැමැති දේශපාලන සංදර්ශනයේ ඝෝෂාවට අපගේ හඩ යටපත් විය. පාරවල් හදා කොමිස් ගැනීමට ප‍්‍රමුඛත්වය හිමි වුවද පුනරුත්තාපනය වන සටන්කරුවන්ට රැුකියා උත්පාදනය කිරීම සඳහා කිසිදු උපාය මාර්ගික සැලසුමක් රජයේ පැත්තෙන් ඉදිරිපත් නොවීය. අනෙකුත් දේශපාලන පක්ෂද, විශේ්ෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා කිසිදු හඩක් නැගුවේ නැත. ඒ අද උතුර පත්වී ඇති තත්වයට පත්වීම දේශපාලන වශයෙන් වාසි සහගත බව ඔවුන් එදා කල්පනා කළ නිසා බවට යමෙකුට අවශ්‍ය නම් තර්කයක් ඉදිරිපත් කළ හැක.
හඳගමයන් ඉතා සරලව පෙන්වාදෙන ආකාරයට නැවත ජීවිතය අරඹන සටන්කරුවාට උතුරු වසන්තයෙන් වසන්තයක් උදාවන්නේ නැත. ඔවුනට රක්ෂා ලබාදීමට කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව සහ පරන්තන් රසායන කර්මාන්ත ශාලාව නැවත ඉදි වුයේ නැත. උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල වසා දැමුණු මහා පරිමාණ රජයේ ගොවිපළ සියල්ල නැවත විවෘත වුයේ හෝ පුළුල් වුයේද නැත. එසේම කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත වැඩ ආරම්භ කළේ නැත. මඩකලපුවේ, අම්පාරේ හෝ වව්නියාවේ කිරිී ගොවියාගේ කිරි මිළදී ගැනීම සඳහා කිරි පිටි කර්මාන්තශාලා විවෘත වුයේද නැත.
ඒ සියල්ලටම වඩා ඔවුන් ස්වාධීනව රජයෙන් කිසිදු උදව්වක් නැතිව වගා කරන මිදි, අල හෝ් ලූණු වලට හොඳ මිලක් ලබා දීමට හෝ රජයෙන් මැදිහත් වීමක් සිදුවන්නේ නැත. අදත් අඩු මිළට පිටරටින් ආනයනය කරන එම ද්‍රව්‍ය වලට දෙන සහන යාපනයේ ගොවියාට ලැබෙන්නේ නැත. මේ වරදවා ගැනීම් ලැයිස්තුව තව බොහෝ දිගු කළ හැක. එහෙත් ඒ මගින් රජයට හෝ ඇමතිවරයකුට දොස් පවරා ඇඟ බේරා ගැනීමට කිසිදු ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට අයිතියක් නැත.
හඳගමයන් ගත් ජාතියෙන් අසන්නේ කැනඩාවෙන් එන ඩොලර් වලින් උපදින නව පාදඩ ධනපති පැලැන්තියක ගොදුරු බවට පත්වන ’’ පුනරුත්තාපනය’’ වු යාපනයේ තරුණයා හෙට දිනයේ කුමක් කරනු ඇතිද යන ප‍්‍රශ්නයයි. මේ අවසාන පැයේදී හෝ ජාතිය ඔහුගේ ප‍්‍රශ්නයට සංවේදී නොවන්නේ නම් හෙට දිනයේදී ජාතිවාදී දෙමළ ජාතික සන්ධානය සහ විදේශීය දෙමළ ඩයස්පෝරාව විසින් ඔවුන් නැවත වතාවක් කුලී සටන්කරුවන් බවට පත් කරන බවට කිසිදු සැකයක් නැත.
- වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය