Pages

Jan 11, 2013

ෂෙරිල් හා රුවන්ගේ පෙම ඇරඹුන හැටි

ෂෙරිල් හා රුවන්ගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දිනයක සිදු වුවත් ඔවුන්ගේ ආදර කතාව ක්ෂේත්‍රයේ අය වගේම මාධ්‍ය තුළද වැඩි කතා බහට ලක් නොවුණි.
ඇත්තටම ඔවුන්ගේ ආදර කතාව ආරම්භ වුණේ කෙසේද? රුවන් පවසන පරිදි ඒ මෙසේයි.

    නොදැක ඉන්න බෑ ගීතය ටික කලකින්ම ජනප්‍රිය වූ නිසා එයට රූප රචනයක් නිර්මාණය කළා. මේ රූප රචනය දැක්ක ෂෙරිල් ඒක බලලා මට සුබ පැතුවා. ඊට පස්සේ අපි නිතර කතා බහ කළා. ඒ වගේම
හොඳ යාලුවො වුණා.

     දවසක් මම ෂෙරිල් එක්ක දුරකතනයෙන් කතා බහ කර කර ඉන්න ගමන් ඇයට ආදර යෝජනාවක් කළා. ඇය එක්වරම මට මොකුත් කිව්වේ නෑ. ආපහු දවසක් කතා කර කර ඉන්න ගමන් එදා කරපු යෝජනාව ගැන මොකද කියන්නෙ කියලා ඇහුවා. එවිට ඇය කිව්වා අපේ ගෙදර ඇවිත් අම්මාගෙන් අහන්න කියලා. පස්සේ මම ඇගේ ගෙදර ගිහින් අම්මාගෙන් විමසුවා. ෂෙරිල්ගේ අම්මාත් මට විරුද්ධ වුණේ නැහැ.

         අපි ආදරය කරන්න අරගෙන මාස පහක් වෙනවා. ඒ කාලය තුළ අපි දෙන්නා හොඳට තේරුම් අරගත්තා. ඒක හින්දා තවත් කල් අරින්න ඕන නැහැ විවාහ ගිවිස ගත්තානම් හොඳයි කියලා. මොකද එහෙම නැතිව අපි දෙන්නා මුණ ගැසෙන එක හොඳ නැති නිසා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැනෙ.
       
මේ සම්බන්ධව ෂෙරිල් දක්වන අදහස්

ඇත්තටම සතුටුයි. රුවන් අයියා මට ගොඩක් ආදරෙයි.. මම ලෙහෙසියෙන් කාටවත් කැමතිවෙන කෙනෙක් නෙවෙයි. නමුත් රුවන් අයියාගේ හොඳ ගතිගුණ නිසාමයි කැමති වුණේ. මම අම්මාගෙන් අහන්න කිව්වහම රුවන් අයියා කිසිදු පැකිළීමකින් තොරවම අපේ ගෙදරින් ඇවිත් ඇහැව්වා. රුවන් ක්ෂේත්‍රයේ හොඳින් වැඩ කරගෙන යන කෙනෙක්. ඒක නිසයි මමත් කැමති වුණේ. මමත් මගේ පාඩුවේ වැඩ කරන කෙනෙක්.

ඉතාම කෙටි කලකින් දැන හඳුනාගෙන විවාහ ගිවිස ගන්න හිතුවේ?
දැන හඳුනා ගැනීම මාස දෙකද මාස පහද කියන කාරණාව නෙවෙයි වැදගත්. දෙන්නා හරියාකාරව තේරුම් ගැනීමයි. එතකොටයි ලොකු ගමනක් යන්න පුලුවන්. ඉතින් මේ මාස පහක කාලය තුළ අපි දෙන්නා හොඳින්  තේරුම් ගත්තා. හැබැයි මම නම් මුලදි ටිකක් ආඩම්බර වුණා.

ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයේ ඡායාරූප එකතුවක් මෙතැනින්

ෂෙරිල් හා රුවන් රංගනයෙන් දායක වන රුවන්ගේ ගීතයක් පහතින්

‍දැඩි ප්‍රේමයකිනුත් දෙදෙනා කෙරෙහි හොද අවබෝධයකින්, මෙන්ම දැඩි විශ්වාසයකින්  ද සිටින ෂෙරිල් – රුවන් ගේ ආදර දිවියට අපිත් සුභ පතමු … !

2 comments:

  1. eth ithin wenin ayatrh ekka yanna ammagen ahanna one nahane

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...