Pages

Jan 11, 2013

මම ගොඩක් අහිංසක චරිතයක් -විනූ සිරිවර්ධන

පසුගිය වසරේ ශ්‍රී ලංකා රූ රැජිණ කිරුළ හිමි කර ගත් විනූ සිරිවර්ධන පසුගියදා චීනයේ පැවැති සංචාරක රූ රැජිණ තරඟය නියෝජනය කිරීමට ගිය අතර එම තරඟයේ අවසන් දස දෙනා අතරට පැමිනිමට ඇයට හැකි විය.

රූ රැජිණක් ලෙස කිරුළ පළඳින බොහෝදෙනෙක් රංගන ක්ෂේත්‍රයටද පැමිණෙන අතර විනු සිරිවර්ධනද එම අවස්ථාවට හිමිකම් කියමින් මේ දිනවල විකාශය වන පිපෙන මල් ටෙලිනාට්‍යට රංගනයෙන් දායක වෙයි. නමුත් ඇය පවසන්නේ රූ රැජිණක් වූ පමණින් නිළියක විය නොහැකි බවයි.
විනූ ඔබගේ පවුලේ විස්තර ගැන සඳහන් කළොත්?
අම්මා ගුරුවරියක්. තාත්තා මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරයෙක්. නංගී තවම පාසල් අධ්‍යාපනය ලබනවා. අයිය රැකියාවක නිරත වෙනවා.

කොහොමද ඔබ කලා ක්‍ෂේත‍්‍රයේ ගමන ආරම්භ කළේ?
පාසලේදී ඉගෙනීමට අමතරව ක්‍රීඩා අංශයට ගොඩාක් දක්‍ෂ වුණා. පාසලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා. ක්‍රීඩා අංශයට අමතරව නැටුම් සහ චිත‍්‍ර අංශවලටත් දක්‍ෂතා දැක්වූවා. 2011 අනුලා කුමරිය ලෙස සම්මාන ලැබුනෙත් මටයි.

මේ වනවිට මොනවද කරන්නේ?
 උසස් පෙළ හැදෑරවේ වාණිජ අංශයෙන්. දැන් සරසවි වරම් ලබා ප‍්‍රවේශය ලැඛෙනතෙක් බලා සිටිනවා. ඒ විරාමය අතරේ තමයි කලා අංශයේ කටයුතු වලට දායක වන්නෙ.

ඇයි රූ රැජිණ තරග සඳහා එන්න හිතුනේ?
ඒක තරුණියකට ලැඛෙන සුන්දර අවස්ථාවක්. සමාජය වෙනුවෙන් අනාගතයේදී යමක් කරන්න තබන පළමු පියවර වන්න පුළුවනි. එහිදී පළමුවරට සහභාගිවී, කිරුළ ලබන්න පුළුවන්නම් එය ලොකු වාසනාවක්. මට ඒ වාසනාව ලැබුණා.

රඟපෑමට ආවෙ රූ රැජින වූ නිසාද? ලස්සනයි කියලා හිතෙන නිසාද? නැත්නම් දක්‍ෂයි කියලා හිතෙන නිසාද?
ශ්‍රී ලංකා රූ රැජින තරගයට පෙනී සිටින අවස්ථාවේදීම ටෙලිනාට්‍ය රඟපෑමට ආරාධනා ලැබුණා. ඒත් ඒකාලයේ බාර ගත්තෙ නැහැ. රඟපෑමට ආසාවක් තිබුණා. හැබැයි ඒ වෙනුවෙන් දක්‍ෂතාවය තිඛෙන්න  ඕනෑ. මගෙ දක්‍ෂතාවය ඒ මගින් පෙන්වන්න ඇත්නම් කියලා හිතුවා. මිස් ශ්‍රී ලංකා වුණාට පස්සෙ දෙරණෙම ”පිපෙන මල්” රඟපෑමට අවස්ථාව ලැබුණා. දැන් තවත් ටෙලි නාට්‍යයක රඟපෑමට ආරාධනා ලැබී තිඛෙනවා.

මීට කලින් රඟපාලා නැති ඔබ මේ විදියට රඟපාන්න ආවාම මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ? රඟපෑම ගැන මොකද හිතුණේ?
ලොකු අභියෝගයක් කියලා හිතුණා. පාසලේදී පවා නැටුම් කරලා තිබුණට රඟපෑම කරලා තිබුණෙ නැහැ. ඒත් මම අභියෝගය ජයගත්ත බව හැඟුණා. පළමු වතාවට මේ නාට්‍ය නිසා ප‍්‍රවීණයින් හඳුනා ගන්න ලැබුණා. ඒ අය මට ගොඩාක් උපදෙස් දුන්නා. ඇත්තටම ඒක මම ලබපු ලොකු වාසනාවක්. කවදාවත් ඒ වගේ ප‍්‍රවීණයින් එක්ක එකට වැඩ කරන්න ලැබේවි කියලා හිතුවෙ නැහැ.

කොහොමද ”පිපෙනමල්” චරිතයට ලැඛෙන ප‍්‍රතිචාර?
 ඉතාම ඉහළයි. මම කවදාවත් ඒ විදියට ප‍්‍රතිචාර ලැබේවි කියලා හිතුවෙ නැහැ. අද මගේ යෙහෙළියන් පවා මට කතා කරන්නෙ ”පාරමී” කියලයි.

කොහොම වුනත්, අද නිළිය, නිරූපිකාව, රූ රැජින කියන දේවල් හරිම සාමාන්‍ය වෙලා. එහෙම නේද? ඒ 
ගැන හිතන්නෙ කොහොමද?
රූ රැජිනවීම හැමෝටම වෙන්න බැරි දෙයක්. මම හිතන්නෙ ඒකට ලස්සන විතරක් තිබුණාට මදි. බුද්ධිය, පෞරුෂය සහ දක්‍ෂතාවය ආදී සියල්ල තිඛෙන්න  ඕනෑ. රූ රැජිනක් වූ නිසාම නිළියක වෙන්න බැහැ. ඒ වගේ අවස්ථා ලැඛෙන්නෙ ටික දෙනාටයි. දෙරණ ටිවී මිස් ශ්‍රී ලංකා වීමත් එක්ක මේ සියල්ල ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. කොහොම වුණත් නිළිය, නිරූපිකාව කියන චරිතයට වඩා තමාගේ චරිතයට මුල්තැන දීම ප‍්‍රධාන තැන වෙන්න  ඕනෑ. ඒක තියෙන්නෙ තමන්ගෙ අතේ.

 ක්‍ෂේත‍්‍රයට ආවාම මොනව වගේ තැනක් කියලද හිතුණේ?
 ඇත්තටම මෙතැනට ආවාට පස්සේ තමයි මොනවගේ තැනැක්ද කියලා හරියටම තේරුණේ. හිතුවාට වඩා මෙතැන වෙනස්. හොඳ අය වගේම නරක අයත් ඉන්න වග වැටහුණා. කටකතා එමටයි. ඒ නිසා එහිදී හොඳ දේ විතරක් රැක ගැනීම අරමුණ වෙන්න  ඕනෑ.
සහෝදරකම තියාගෙන හැමෝටම ගරු කළානම් ප‍්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ.

විනූ මේ ක්‍ෂේත‍්‍රය තෝරා ගත්තෙ ජනප‍්‍රිය ලේබලය ලබන්න පුළුවන් හොඳම තැන කියලා හිතන නිසාද?
 එක එක්කෙනා එක් එක් මත දරාගෙන එනවා ඇති. කොහොම වුණත්, මොන විදියට හිතාගෙන ආවත්, අන්තිමට ජනප‍්‍රියත්වය ලැඛෙන බව ඇත්ත. ඒත් සියලූ දේවල් හොඳද? නරකද? කියලා තමන් විසින්ම තීරණය කිරීම වැදගත්. සියල්ල යහපත උදෙසා වෙනවා නම්, ප‍්‍රශ්නයක් නැහැ.

විනූ ඔබ කොහොම කෙනෙක්ද?
මම හිතන්නෙ මම ගොඩාක් අහිංසක චරිතයක්. හැමෝටම මිත‍්‍රශීලී කෙනෙක්.
අභියෝගවලට මුහුණ දෙමින්, තමන්ගේ ජීවිතය මතින්ම නැගී සිටින්න උත්සාහගන්න කෙනෙක්. ජීවිතේ බොහෝ අලූත් දේ සොයා යන්න ආසයි. ඒ තුළින් උපරීම දක්‍ෂතාවය පෙන්වීම අරමුණයි.

සරසවියෙ වැඩ පටන් ගත්තාම, රඟපෑමට කාලය වෙන් කර ගන්නෙ කොහොමද? ආදරය ගැන කතා කරන්න තවම කල් වැඩිද?
ඇත්තටම ඒ ගැන ලොකු අත්දැකීම් නැහැ. මම තවමත් ලබන්නෙ දෙමාපිය ආදරේ. හැබැයි යෝජනා නම් ගොඩාක් ලැඛෙනවා. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. ඒත් දැනට ලබන පේ‍්‍රක්‍ෂක ආදරය මට හරි වැදගත්. ඒක ඇත්තටම වාසනාවක්.

කවුද ප‍්‍රියතම රංගන ශිල්පිණිය?
මාලනී ෆොන්සේකා මහත්මිය.

කාන්තාවක්වීම ගැන ඔබ හිතන්නෙ කොහොමද?
සමහර කාන්තාවන් කාන්තාවක් වීම ගැන කනගාටුවෙනවා. ඒත් සමාජයේ ඉහළින්ම කාන්තාවකට සිටිය හැකියි. කාන්තාව පසුගාමී විය යුතු නැහැ. මට නම් කාන්තාවක වීම ආඩම්බරයට කරුණක්.

සටහන - සඳුන් ගමගේ
Related Posts Plugin for WordPress, Blogger...