Pages

Jan 10, 2013

සෙක්ස් 1st

"ගුගල් වලින් සෙක්ස් සොයා ලංකාව එක වීම" ගැන කලාකරුවන්ගේ අදහස්

පසුගියදා "ගුගල් වලින් සෙක්ස් සොයා ලංකාව එක" බවට පත්ව ඇති බව පුවතක් මගින් වාර්තා කරනු ලැබුවා. එම පුවත මගින් විස්තර වුයේ වෙනත් රටවල් අභිබවා යමින් 2012 වසරේදී වැඩිපුරම "සෙක්ස්" යනුවෙන් ගුගල් කර ඇත්තේ ශ්‍රී ලංකාව බවය.
එමෙන්ම එය උච්චතම වී ඇත්තේ අප්‍රේල් හා අගෝස්තු පාසල් නිවාඩු කාලවලදී බවද වාර්තා විය. මේ පිලිබඳ කලාකරුවන් විසින් දරන විවිධ අදහස් මව්බිම යංග් අතිරේකයට ප්‍රකාශකොට තිබු අතර ඒවා බලන්න පහතින්

මා නමැති වැඩිහිටියා භද්‍ර යෞවනය කලදී ලිංගික කුතුහලය දැනී තිබෙනවා - ජැක්සන් ඇන්තනී

මුලින්ම අප කළ යුත්තේ අන්තර්ජාලය හරහා ලැබුණු මේ වාර්තා දත්ත නිවැරැදි දැයි පරීක්‍ෂා කිරීමයි. අන්තර්ජාලය හරහා ලබාදෙන සියල්ල සත්‍යය නොවේය යන්නට මෑත ඉතිහාසය තුළත් ඕන තරම් උදාහරණ තියෙනව. ලෝක විනාශය පිළිබඳ වැඩිපුරම වාර්තා වුණේ අන්තර්ජාලයේ. ලෝක ජනගහනයෙන් 10%ක් ඒ කියන්නෙ කෝටි 7ක් මෙය පරම සත්‍යයක් ලෙස විශ්වාස කළා. ඒ නිසා අප පළමුව මේ පිළිබඳ විධිමත්ව සොයා බැලිය යුතුයි.

හරි අපි හිතමු මේ වාර්තා නිවැරැදි බවට සහතික වුණා කියලා. පැහැදිලිවම මම බරපතළව තැතිගත් බව සඳහන් කරන්නම ඕන. මේ පිළිබඳ ටිකක් ගැඹුරට ගිහිං බැලුවාම තමයි තවත් බිහිසුණු දේවල් එළිවෙන්නෙ. ඉඥය කියන වචනය අන්තර්ජාලයේ අපේ අය හොයල තියෙන්නේ වැඩිපුරම අප්‍රේල් හා අගෝස්තු මාසවල. ඒ කියන්නෙ පාසල් නිවාඩු මාසෙ.

මේ කාරණේදී මා ඇතුළු වැඩිහිටි පරම්පරාවට ‍ෙදාස් නඟනවා. අපේ ඊළඟ පරම්පරාව රැක ගැනීමේ නොහැකියාව පිළිබඳ. ඒ විතරක් නොවෙයි තමන්ගේ දරුවට වසංගත රෝගයක් වැලඳී ඇති බවට ලැබුණු වෛද්‍ය වාර්තාවක් පිරික්සූ පියෙක් මෙන් කලබල වෙනව.

අන්තර්ජාලය නිවැරැදිව භාවිත කරන්න වැඩිහිටියන් දන්නේ නෑ. පරිගණක සාක්‍ෂරතාව ඉතා අඩුයි. යම් හෙයකින් මේ පුවත මූලික කරගෙන මගේ රටට කුමන හෝ ක්‍රමයකින් අන්තර්ජාලයට යෑමට වැට බැ‍දනවනං ඒක තවත් ඛේදවාචකයක්. නිවැරැදිව අන්තර්ජාලය භාවිතකොට ලබා ගතහැකි දෑ බොහොමයි. මා යෝජනා කරනව වැඩිහිටියන්ට මුලින්ම පරිගණක අධ්‍යාපනය, සාක්‍ෂරතාව ලබාදිය යුතුයි. ඔවුන් හරහා දරුවා වෙත පරිගණකය ළඟා කළ යුතුයි.

සඳහන් කළ යුතු තවත් කරුණක් තමයි, ලංකාවෙ ලිංගික අධ්‍යාපන ඉතා දියුණුයි. දකුණු ආසියාවෙ ඇතැම් රටවලට සාපේක්‍ෂව බොහොම හොඳ මට්ටමක තියෙනව.

මා නමැති වැඩිහිටියාට පවා භද්‍ර යෞවන අවධියේදී ලිංගික කුතුහලය දැනී තිබෙනවා. එහෙම දැනුණු පමණින් ඒවා අපල වෙන්නෙ නෑ. කෙසේ වෙතත් මේ පුවත හරහා මගේ රටට වුණ අපකීර්තිය පිළිබඳව තවම මා කම්පනයෙන් ඉන්නෙ.

අපි කොච්චර වංචනිකද මේ විෂයට හා නොදැනුවත් කියල පේනව - අශෝක හඳගම

අපි වාරණය කරල රැකගන්න හදන වටිනාකමේ පිළිබිඟුව තමයි ලෝකයා හමුවට ඇවිත් තියෙන්නෙ. මේ වාර්තාව හොඳින් බැලුවාම පේනව ඔච්චර උනන්දුවෙන් ලිංගිකත්වය පිළිබඳ හොයන්නේ අපි වගේ සංස්කෘතික වාරණයක් තියෙන රටවල් කියල.

මේ අමාරුව චීනයට ජපානයට නෑ. මේ වාර්තාවෙන් තවත් දෙයක් පේනව. ඒ තමයි අපි මේ විෂය පිළිබඳ ඇති නොදැනුවත්කම. මොකද ග්ලූගල්වල ඉඥය කියල සර්ච් කරල වැඩක් නෑ. ඒකට වෙන වචනයක් තියෙනව. අපේ අය ඒක දන්නෙත් නෑ. අපේ අය විතරක් නෙවෙයි පෙරදිග බොහෝ රටවල් මේ විෂය පිළිබඳව පුදුමාකාර ලෙස අවිධිමත්. මේ වාර්තාව එයට හොඳ උදාහරණයක්.

රටක් හැටියට අප ලද පරාජයක් - රංජන් රාමනායක

සාමාන්‍යයෙන් අපි අංක එකට එනව කිව්වාම හැමදාම සතුටු වුණා. ඒත් අද දුක් වෙනව. අංක එකට ඇවිල්ල. මතකද වර්ල්ඩ් කප් මැච් එකේදි අපි ඉන්දියාවට පැරදුණා. එදා අපි දුක් වුණා. අද අපි ඉන්දියාව වෙන පැත්තකින් පරද්දලා. ඒත් කෝ සතුටක්. කෝටි 200ක් අපි කෝටි දෙක එකතුවෙලා පරද්දල. අවුරුදු 2,500ක ශිෂ්ටාචාරයක් තියෙන රටක් හැටියට මේක අපි ලබපු පරාජයක්. ඩෙක්ස්ටොප් එකට තිබුණු ඉන්ටනෙට් අද ලැප්ටොප් එකටත් දැං මොබයිල් එකටත් ඇවිල්ලා.

තවත් වැදගත් කාරණයක් තමයි මේ වාර්තාවට අනුව මේ ප්‍රශ්නය තියෙන්නෙ දකුණු ආසියාතික රටවලට වීම. ප්‍රංශයට මේ තත්ත්වය 5%ක්වත් නෑ. ඔවුන්ට මෙහෙම ප්‍රශ්නයකුත් නෑ. තියනවනං නීතිමය ක්‍රමවේද වැඩි කරල ඊට විසඳුම් ලබාගෙන තියෙනව.

මම මීට අවුරුදු 10කට කලින් මේ ගැන කිව්වාම වැඩිහිටියන්ට පමණයි ලේබලයට දැම්ම - ඉනෝකා සත්‍යංගනී

ලිංගිකත්වය සොබාදහමෙන් ලද දෙයක්. එය සොබාදහමේ තීන්දුවක්. ජීවත්වෙන නිරෝගිමත් මිනිසෙකුට ජලය, වාතය, ආහාර, ලිංගිකත්වය අනිවාර්යයි. අපි අනිත් හැමදේ ගැනම කතා කරල ලිංගිකත්වය ගැන කතා නොකර ඉන්නව.

මම මේ ගැන කතා කෙළේ මීට අවුරුදු 10 කලිං. එදා, මගේ වටේට වැටක් බැඳල සුළං කිරිල්ලි චිත්‍රපටය 18ට වැඩි අයට ඒ කියන්නෙ වැඩහිටියන්ට පමණක් සීමා කළා. මේ හේතුව නිසා කොල්ලො කෙල්ලො ෆිල්ම් එක බලන්න හෝල් එකට එන්න බය වුණා.

මොකද අපේ රටේ වැඩිහිටියන්ට පමණයි කිව්වාම සමහරු හිතන්නෙ කුණුහරුප කියල. අපි මේ සංස්කෘතිය කියල රැකගන්න උත්සාහ කරන දේට නේද ගල් වදින්නේ. ඇයි එහෙම වෙන්නෙ. එහෙම නොවෙන්න දැන්වත් මොනවද කරන්න ඕනෙ කියල හිතල බලන්න හොඳ කාලයක්.

වැඩියෙන්ම සෙක්ස් හොයපු අයගෙ නම් ටිකක් ගත්ත නං කාගෙන්ද මේ පිළිබඳ විමසන්නෙ කියන ප්‍රශ්නය ඒවි - මනුරංග විජේසේකර

සකල ශ්‍රී ලංකාවාසී ජනතාවට මේ ලබපු ජයග්‍රහණය ගැන මගේ උණුසුම් සුබ පැතුම්. සංස්කෘතිය රැකගෙන බස්වල ජැක් ගහන අන්කල්ලට සමහරවිට රිදෙනව ඇති. දෙසැම්බර් 31 වැනිදා රෑ යාළුවො කට්ටිය සෙට් වෙලා යතුරු මාරු කරගෙන ලැබෙන යතුර අයිතිකෙනා සමඟ විනෝද වෙලා උදේට පත්තරවලට සංස්කෘතිය ගැන කියන නෝටි ඇන්ටිලාට දුක ඇති.

ඉන්දියාවෙ කෝටි දෙසීයක් පරාද කරල අපි පළමුවැනිය වෙනව. බිලියන 7 ලෝක ජනගහනය අතරින් අපේ මිලියන 20 එකට එනව. ඉස්සර කිව්වෙ වර්ල්ඩ්කප් දිනපු රට, සුසන්තිකා ඉන්න රට කියල. දැං සෙක්ස් හොයල දිනපු රට වෙලා. එහෙම හොයන්නෙ ලෝකෙන්ම අපේ රටේ තමයි සෙක්ස් හංගල තියෙන්නෙ ඒකයි. අධ්‍යාපනයක් නෑ. කුතුහලය විතරයි. අම්මට කිරි එකට නිදි පෙති දාල පුතාල තිරිසන්නු වුණ සමාජයක්. දෙවියන්ට බාරවෙලා

ළමයි ඉල්ලන කාන්තාවන් ඉන්න රටක්. යං එකේ ගිය සතියෙ කතුවැකිය හරි. සෙක්ස් හොයාගෙන දරුවො දෙන්නා පණපිටින් පුච්චනවා. මම නං කියන්නෙ හැමදාම පළමුවැනියට හිටියත් කමක් නෑ මෙහෙම දේවල් සිදුනොවී.

අනිත් කාරණේ තමයි මේ රිසර්ච් එක කරපු අයගෙන් වැඩිම සෙක්ස් හොයපු අයගෙ නාමලේඛනය ගන්නකෝ. පුළුවන් නම් අන්න වැඩේ. සමහරවිට එතකොට කාගෙන්වත් මේ ගැන පත්තරේට අදහස් ගන්නවත් පුළුවන් වෙයිද දන්නෙ නෑ.

අපි සෙක්ස් හංගල, නවල, ඔතල, ඒක උඩ වාඩිවෙලා නවගුණවැල අතේ තියාගෙන ඉන්නේ - කමල් අද්දරආරච්චි

ලංකාව සෙක්ස් හොයල ලෝකෙන්ම පළමුවැනිය වුණ එක පුදුමයක් නෙවෙයි. අපිට හරියාකාර ලිංගික අධ්‍යාපනයක් නෑ. සදාචාරාත්මක ප්‍රශ්න නිසා කතිකාවතක් නෑ. තාම අපේ රටේ අයට

ළමයි හම්බවෙන්නෙ රෝස කැලෙන්. 'මේ ළමයා කොහෙන්දො, රෝස කැලෙන් ගෙනාවෝ' තමයි. සෙක්ස් කියන එක නවල, ඔතල, හංගල ඒක උඩ වාඩිවෙලා නවගුණවැල අතේ තියාගෙන ඉන්නෙ නැතුව විෂයක් විදියට ලිංගික අධ්‍යාපනය ලබාදීම වගකීමක්.

8 comments:

  1. ගූගල් ට්‍රෙන්ඩ්ස් වල සෙක්ස් සර්ච් කරලා ලංකාව එක කියල මෙන්න කට්ටිය පලු යන්න බයිනවා. අම්මප මුන්ට පේන්නේ නැද්ද වෙන ඒවා සර්ච් කරලත් ලංකාව ගොඩක් උඩ තැනක ඉන්නවා. අපේ තියෙන කාලකන්ණි කමට පේන්නේ වැරදි පැත්තම තමා.
    Elephant : SL is ranked 1st
    Buddhism : SL ranked 1 st
    Hindu : SL ranked 1 st
    Ancient: SL ranked 1st

    Cricket: SL 2nd
    Flowers : SL 2nd
    Tsunami : SL 2 nd
    History: SL 7th
    Love : SL 7th
    Water : SL 7th
    English: SL 9th
    Computer: SL 10th

    කෙලින්ම පේන්න තියෙනවා ලංකාව තාක්ශනේ එක්ක එකතු වෙලා ඉස්සරහට යමින් ඉන්න බව. ඒත් හිතේ තියෙන වල් කමට සෙක්ස් ම අල්ලාගෙන කියවනවා. ඉතිං කවදා හැදෙයිද අපි..??

    ඔකේ පොඩි අවුලක් තියනවා.. සුද්දෝ සෙක්ස් සර්ච් කරන්නේ නැ.. උන් සර්ච් කරන්නේ පෝර්න් කියල.. ලංකාවේ නම කැත කරන්නම බලන් ඉන්න උන් තමා මේක එක දෙක කරලා කියවන්නේ.. අනික සෙක්ස් කියන වචනේ ජෙන්ඩර් කියන එක වෙනුවටත් යොදනවා.. එක නිසා මේ වගේ දේවල් වලින් ලංකාවේ නම කැත කරන්න හදන උන් කියන කතා වලට අහු නොවී ඉන්න රටට‍ ආදරේ තියන මිනිස්සු දැනගන්න ඕන.. මේකේ කිසි බිය විය යුතු කරුණක් නැහැ කියා මම කියන්නේ නැ.. නමුත් මෙය මහා ලොකුවට කියමින් අපේ රටේ නමට කැළලක් ඇති කිරීමට ඉඩ නොදිය යුතයි..!

    ReplyDelete
    Replies
    1. Yep its truee..........

      Delete
    2. aththa thamai kathawa.dan inna maha padiwaru kiyala set 1k hithagena innawa un kiyana de thamai aththa kiyala .kawruwath hariyata hoyala balala katha karanne ne.un thamai me lankawa iwara karanne.

      Delete
    3. සිරාම ඇත්ත ඒක තමා නොදන්න කමට sex කියලා සර්ච් කරනවා. දන්නේ ඒක විතරයිනෙ. අසෝක හදගම මහත්තයා කිව්වවේ ඇත්ත තමා. පෝර්න් නියන එක වැඩියෙන්ම සර්ච් කලේ මොන රටේද කියලා බැලුවොත් තමා වටින්නේ.

      Delete
  2. Good cmt macho....sira thamai.........elz....elz.....

    ReplyDelete
  3. @anonymus "ඔකේ පොඩි අවුලක් තියනවා.. සුද්දෝ සෙක්ස් සර්ච් කරන්නේ නැ.. උන් සර්ච් කරන්නේ පෝර්න් කියල.. ලංකාවේ නම කැත කරන්නම බලන් ඉන්න උන් තමා මේක එක දෙක කරලා කියවන්නේ.. අනික සෙක්ස් කියන වචනේ ජෙන්ඩර් කියන එක වෙනුවටත් යොදනවා.. එක නිසා මේ වගේ දේවල් වලින් ලංකාවේ නම කැත කරන්න හදන උන් කියන කතා වලට අහු නොවී ඉන්න රටට‍ ආදරේ තියන මිනිස්සු දැනගන්න ඕන.. මේකේ කිසි බිය විය යුතු කරුණක් නැහැ කියා මම කියන්නේ නැ.. නමුත් මෙය මහා ලොකුවට කියමින් අපේ රටේ නමට කැළලක් ඇති කිරීමට ඉඩ නොදිය යුතයි..!"
    එකත් එත්ත ඒ එක්කම මෙහෙම එව්වත් බලපානවා නේද..?
    1. අඩු ලිංගික අධ්‍යාපනය
    2. තාක්ෂණයේ දියුණුව
    3. සංස්කෘතිය තුල සෙක්ස් වසන් කිරීමට උත්සහ කිරීම

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...