පබෝධා සන්දීපනී ප්‍රේම සම්බන්ධයකින් පසු විවාහවී
සිටින්නේ කොට්ටාව ප්‍රදේශයේ ගරාජ් හිමියෙකු වන සිදත් සමගය.
ඇයගේ මව ප්‍රවීණ ටෙලි නාට්‍ය නිළි ගීතා කාන්ති ජයකොඩි ලංකාවේ සිටියත් ඇගේ පියා සිටින්නේ ප්‍රංශයේය.
දරුවා ලබන්නට ආසන්න කාලයේ පබෝධා ප්‍රංශයට ගිය අතර ලබන 24 වනදා දරුවා ලැබේ යයි සිතූ නිසා ඇගේ මව ගීතා කාන්ති එහි යන්නට දින යොදාගෙන තිබුනේ ඒ ආසන්නයේය.
කෙසේ නමුත් කල් ඇතිව දරුවා ලද නිසා එම අවස්ථාවට එක්වන්නට නොලැබුණත් ඇගේ මව ඇය බලන්නට දැන් ප්‍රංශයට ගොස් සිටී.පබෝධා දරුවාට මාස කිහිපයක් යනතුරුම ඒ රටේ කාලය ගත කරනු ඇති බවත් ඇය ලංකාවට එන්නට තවත් පමාවනු ඇති බවත් වාර්තා වනවා.