ඇය සිය පියාද මේ සංචාරය සඳහා එක්කර ගැනීමට නියමිත බවද පැවසේ.මේ මාසයේ යෙදී ඇති සිය පියාගේ උපන්දිනයට තෑග්ගක් ලෙස ජැකලින් ඔහුව රෝම සංචාරයට එක්කර ගැනීමට නියමිතය.
ඔවුන් දෙපල වතිකානුවටද යාමට නියමිත අතර එහිදී වතිකානු දේවස්ථානයද වැඳ පුදාගැනීමට නියමිත බව පැවසේ.ඇය මෙසේ විවේකයක් ගැනීමට සූදානම් වන්නේ පසුගිය කාලයේ පැවැති කාර්ය බහුලත්වයෙන් මිදීමට බවද වාර්තා වේ.
එසේම පසුගිය දිනවල ජැකලින්ගේ පෙම්වතා වන බොලිවුඩ් චිත්රපට අධ්යක්ෂවරයෙකු, නිෂ්පාදකයෙකු හා නළුවෙකු වන සජීඩ් ඛාන් සමග ආරවුලක් ඇතිකරගත් බවට පැතිර යන කතාව බොරුවක් බවද ඇය පවසන්නීය.