ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානයක්කාර නිසා තමා තාමත් කතා අහන බව නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වන රොෂානා ඔන්ඩාච්චි කියයි.
මනූෂගේ හිටපු බිරිඳ වන රොෂානාව, මනූෂ හැරයාම සම්බන්ධයෙන් ඇය මෙසේද කියන්නීය.
‘මනූෂගෙයි මගෙයි පුංචි ගේ තිබුණේ මාදිවෙල. මාදිවෙල ගෙදරින් එළියට බැහැල එද්දී මගේ පපුව පැලෙන්න ආවා.
මම කෑ ගහල ඇඬුවා. මම මනූෂට කිව්වා අනේ මාව දාල යන්න එපා කියල. ඒත් එයා ගියා. මගේ හිත පිළිගත්තෙ නෑ එයා ගියා කියල. මම අදටත් එයාට පණවගේ ආදරෙයි. එයා ඒවි කවදහිරි ඒවි. එදාට එයාව භාරගන්නවා. එතෙක් එයාගෙන් ලැබුණ පුංචි දුවවත් බලාගෙන මම පරිස්සමෙන් ජීවත්වෙනවා’
මනූෂට බලය හා මුදල් ලැබුණු පසු ඔහු වෙනස්වූ බවත්, ඔහු ළගට කර තියා ගන්නට තමා නොගත් උත්සාහයක් නැතැයිද ඇය කීවාය.
කෙසේවවුද ඇය මනූෂ පාර්ලිමෙන්තුවට යැවීම තමාගේ සිහිනයක් වූ බවද පවසන අතර, ඒ සිහිනය සැබෑ වුණත් තමාට මනූෂ නැති වූ බවද කියන්නීය.
මතකය අවදි කළ රොෂානා මෙසේද කීවාය.
‘ඉස්සර අපිට පරණ ජීප් එකක් තිබුණා. ඒකෙන් අපි දෙන්නා පාර්ලිමේන්තු පාරෙ යනවා. එහෙම යද්දි මම එයාට කියනවා ඔයත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙනෙක් වෙන්න කියල.’
මනූෂ තමාට හා දියණියට යැපෙන්නට මුදල් දෙන බවත්, මිනිස්සු හිතන්නේ තමාට සල්ලි ලැබෙන්නේ වෙනත් රස්සාවලින් බවත්, තමා දුවට ලැජ්ජාවන කිසිවක් කවදාවත් නොකරන බවත් රොෂානා කීවාය.
එසේ උදවු උපකාර කිරීම මනූෂට පිනක් බවද ඇය සඳහන් කළාය.
කෙසේවවුද මනූෂගේ වත්මන් සහකාරිය තමා මනූෂට දුරකථන ඇමතුමක් ලබාදුන් අවස්ථාවල ඔවුන්ගේ පවුල කඩන්න කරදර කරන්න එපා කියන බවත්, ඇයට තමාගේ පවුල කඩා මනූෂ සොරා ගැනීම ගැන අමතකවී ඇති බවද ඇය පැවසුවාය.
තමා මනූෂ හා හාදවූයේ 2001 මැයි 20 වැනිදා බවත්, තමා හා මනූෂගෙන් වෙන්වූයේ 2011 මැයි 20 වැනිදා බවත් ඇය පැවසුවාය.