.jpg)
එහෙත් එය සත්‍යයකි. ඉකුත් සතියේ ජර්මනියේ මින්ස්ටර් සරසවිය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත. ඉරුවාරදය රෝගයෙන්, හිසේ ඇම්මෙන් පීඩා විඳීන්නන් එසේ පීඩාවට පත්ව සිටින අතරතුර ලිංගික සබඳතාවක් පවත්වන්නේ නම් වේදනාව හරි අඩක් පමණ අඩුවන බවත්, එයින් 20% ක පමණ පිරිසකගේ වේදනාව මුළුමනින්ම තුරන් වන බවත් එකී සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.
මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය විටෙක අසිරිමත්ය. ශරීරයේ අභ්‍යන්තරික ක්‍රියාවලිය මනාව පවත්වාගෙන යන ස්වයං සාධක ස්නායු පද්ධතියට අදාළව එන්ඩොර්පින්ස් නමැති හෝමෝනය මොළයෙන් රසායනයක් ලෙස නිපදවෙයි. එය හදිසි බියවීම්, කම්පනය වැනි අවස්ථාවන්හිදී නිපදවෙනවා සේම කෙනකු සතුටින් සිටින අවස්ථාවලදී ද නිපදවෙන බව විද්‍යාත්මක මතයයි.

“ ඉරුවාරදයෙන් පීඩා විඳීන අතර ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමේදී වේදනාවට සහනයක් අත්පත් කර ගැනීමට හෝ වේදනාව සහමුලින් තුරන් කර දැමීමට හැකි බව මෙමගින් ඔප්පු වෙනවා. සමහර රෝගීන්ගේ හිසේ රුදාවට ප්‍රතිකර්මයක් ලෙස ලිංගික ක්‍රියා යොදාගන්නට පුළුවන්” සමීක්ෂකයෝ උපුටා දක්වති.
දෙවසරකට අධික කාලයක් තිස්සේ ඉරුවාරදයෙන් හෝ දැඩි හිසේ රුදාවෙන් පීඩා විඳීන රෝගීන් හාර සියයකගෙන් ලබා ගත් තොරතුරු ඔස්සේ මේ සමීක්ෂණ වාර්තාව ගොඩනැඟුණු බව සඳහන්ය. සමීක්ෂණයට ලක්වුණු රෝගීන් 400ක් දෙනා අතුරින් 33%ක් හිසේ රුදාව අතරතුර ලිංගික ක්‍රියාකාරම්වලට යොමුවී ඇති බවත්, 60%ක් ඉරුවාදයෙන් පීඩා විඳීමින් සිටින අය බවත් එයින් 36%ක ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ හා වේදනාව තුරන් කරගෙන ඇති බවත් මේ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙයි.
සමහර පිරිමින් 36%ක් ස්ත්‍රීන් 16% ක් හිසේ රුදාව රෝග ලක්ෂණයක් ලෙස තිබියදී ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවී ඇත්තේ මේ අධ්‍යයනය සඳහාමය. ඔවුන්ගෙන් 19% ක ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම රෝගී තත්ත්වය තුරන් කර ගෙන ඇති අතර 51% ක ප්‍රතිශතයක් තම වේදනාව යටපත් කර ගැනීමට සමත් වී ඇත.

උපුටා ගැනීම
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර