Pages

Mar 16, 2013

ෂූටින් අතරෙ එන ටෙලි නිළියන් කියා ගාමන්ට් ගණිකාවන් සැපයූ හෝටලය

ඇෆ්ගන් වෙස්ගත් පොලිසිය කොටු කර ගත් හැටි

මාරවිල ප්‍රදේශයේ ජර්මන් ජාතිකයෙකුට අයත් හෝටලයක ටෙලි නිළියන් කියා ගාමන්ට් ගණිකාවන් විදේශිකයින්ට විකුණන ජාවාරමක් පසුගියදා කොටුවුනා ඔබට මතක ඇති.
පොලිසිය මෙම මෙහෙයුම සිද්ධ කර තිබුණ ආකාරය නාටකයක් බඳුය.
ඒ ගැන වැඩිදුර තොරතුරු පහත පළවෙයි.
පානදුර වලාන දූෂන මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාට පසුගියදා ඔත්තුවක් ලැබිණි. ඒ ඔහු දන්න කියන ඔත්තුකරුවකුගෙනි. හේ පොලිස් පරීක්ෂක වරයාගේ මිතුරෙකි.

සර්... මාරවිල සුපිරි හෝටලයක චිත්‍රපට නිළියන් විකුණනවා. හැබැයි ලෝකල් කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. සුද්දන්ට විතරයි කෙල්ලො දෙන්නේ. බර ගාණක් ගන්නවා.”
ලැබුණු තොරතුර අනුව පොලිස් පරීක්ෂකවරයා තීරණය කළේ මෙම හෝටලය පිළිබඳ නිරීක්ෂණයක් කිරීමටය. ඒ අනුව තම ඒකකයේ නිලධාරීන් දෙදෙනකු කැඳවූ පොලිස් පරීක්ෂකවරයා හෝටලය තුළ මෙවන් ක්‍රියාවක් සිදුවෙනවා දැයි නියත වශයෙන්ම දැනගෙන තමාට වාර්තා කරන්නැයි ඔවුනට බාර කළේය. ඒ අනුව මාරවිල සිට කිලෝමීටර් හතරක් පමණ දුරින් පිහිටි වලහපිටියට ගිය නිලධාරීහු හෝටලය අවට රැඳුණු ත්‍රීවිලර් රියැදුරන් සමග සුහදව කතාබස් කරමින් හෝටලයේ කෙරෙන රහසිගත zබිස්නස්Z එක ගැන කරුණු සෙවීය.

වලහපිටිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක් වූ මෙය කාමර තිහකින් පමණ සමන්විත විය. පිහිනුම් තටාකයක්, ජිම් එකක්, මසාජ් සේවයක් ආදියෙන් පරිපූර්ණ වූ සුපිරි හෝටලය ගැන තොරතුරු සොයාගත් නිලධාරිහු මේ බව වලානට ගොස් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී විස්තර දැනුම් දුන්හ.
සර්... කතාව ඇත්ත. හැබැයි ගෑනු දෙන්නේ ෆොරිනස්ලාට විතරයි. ලංකාවේ අය හෝටලයට ගන්නේ වත් නැහැ. කාමර දෙන්නෙත් ඒ අයටමයි. සේරම කරන්නේ ඩොලර්ස්වලට.”

නිලධාරීන් එසේ කියද්දී පොලිසිය තවත් කරුණු කාරනා සෙවීය. අන්තර්ජාලයට ගිය නිලධාරියෙක් හෝටලයේ තවත් තොරතුරු සොයාගත්තේය. හෝටලය පිළිබඳ තොරතුරු ඇතුළත් විස්තර පති්‍රකාවක් ද ලබාගත් පොලිසිය ඊට යටින් ඇති කාන්තාවන්ගේ නම් හා දුරකථන අංක ගැන සවිස්තරාත්මකව තොරතුරු බලන්නට ද විය.

හෝටලය ජර්මන් ජාතිකයකු සතු වූවකි. ඔහුට අමතරව ලංකාවේ කාන්තාව අධ්‍යක්ෂකවරියක් ලෙස පෙනී සිටියි. හිමිකාරිය ජර්මන් ජාතිකයකු වූ බැවින් ජර්මනියේ සිටින ඔහුගේ ජර්මන් හිතවතුන් මෙම හෝටලයට නිතර යාම ඒම සිදුකරති.

මේ සියල්ල සොයා බැලූ පොලිස් පරීක්ෂකවරයා හෝටල් පත්‍රිකාවේ සඳහන් කාන්තාවගේ අංකයට දුරකථන ඇමතුමක් දුන්නේ තමා මෑතක දී විදෙස්ගතව පැමිණි අයකු බව හඳුන්වා දෙමිනි.

මම ඇෆ්ගනිස්තානයේ ඉඳන් ලංකාවට ආවේ. මගේ යාළුවෝ තුන්දෙනෙක් ලබන සතියේ ලංකාවට එනවා. එයාලා තුන්දෙනාම ඇෆ්ගන් කට්ටිය. අපි ඔයාලගේ හෝටලයේ විස්තර ඉන්ටර්නෙට් එකෙන් දැක්කා. එයාලා ඔතන නවතින්න කැමතියි. එයාලා හොඳට වියඳම් කරයි. කොහොම ද අපි කාමර වෙන්කරගන්නේ
උප පොලිස් පරීක්ෂකවරයා එසේ අසද්දී ඊට රැවටුණු හෝටල් අධ්‍යක්ෂකවරිය බව කියන කාන්තාව කීවේ මෙවන් කතාවකි.

අපි කොහොමත් ලෝකස්ලට කාමර දෙන්නේ නැහැ. ඔයාගේ යාළුවෝ ආවාම කියන්න ප්‍රශ්නයක් නැහැ. එතන ඉන්නවා වසන්ත කියලා මැනේජර් කෙනෙක්. එයාට කතාකරන්න එයා වැඩේ සේරම කරයි...”
පිටරට සිට පැමිණි බව හ`ගවමින් කතා කළ උප පොලිස් පරීක්ෂකවරයා ඊළ`ගට කළේ ඇගෙන් ලබා ගත් අංක අනුව හෝටල් කළමනාකරුවකු වන වසන්තට කතා කිරීමයි.
ෆෝන් එකෙන් කතා කරනවට වඩා ඔයාලා ඇවිත් කතා කළොත් තමයි හොඳ. එන්න මම ඕන උදව්වක් කරන්නම්.”
වසන්තගේ කීම අනුව ඔහු හමුවීමට ගියේ වෙස්වලාගත් වලාන ඒකකයේම එම උප පරීක්ෂකවරයාමය. ඒ බව වසන්ත දැන සිටියේ නැත.
මේකයි වැඩේ. එයාලා ඇෆ්ගනිස්ථාන්කාරයෝ සති දෙකයි ලංකාවේ ඉන්නේ. ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්න බැහැ. එයාලා එන්නේ පොඩි ජ්උව් එකක් ගන්න. සල්ලි ඕනතරම් වියදම් කරයි.”
හරි එයාලා ආවට පස්සේ එන්න. මම සේරම ලෑස්ති කරන්නම්.”
කළමනාකරු කීවේය. දෙදෙනා අතර දුරකථන අංක ද හුවමාරු කර ගැනිණි. පසුදිනට උදාවිය. කළමනාකරුගේ දුරකථනයට ඇමතුමක් දුන්නේ ඇෆ්ගනිස්ථානයේ සිට එන විදේශිකයන්ගේ මිතුරා ලෙස ර`ගපෑ උප පරීක්ෂකවරයාය.

තුන් දෙනාගෙන් එක්කෙනෙක් අද රෑ ෆලයිට් එකේ එනවා.” ඔහු වසන්තට කීවේය.
හරි ඉස්සෙල්ලා ඔයා එයාට කාමරයක් දාන්න. ඉතිරි ටික ආවාට පස්සේ බලාගමු.”
කළමනාකරු කීවේය. ඒ අනුව වලාන ප්‍රහාරක ඒකකය ඊළඟ මෙහෙයුමට ලක ලෑස්ති වූයේ කිසිදු තොරතුරක් පිට නොයන ආකාරයටය. ඇෆ්ගනිස්ථාන් ජාතිකයා ලෙස තෝරාගනු ලැබුවේ පොලිස් ඒකකයේ කොස්තාපල්වරයකුය. ඔහු දුටු පමණින් ශ්‍රී ලාංකිකයකු යැයි සිතාගත නොහැක. හැඩිදැඩි තරුණයකු වූ ඔහු බැලූ බැල්මට ඇෆ්ගන් ජාතිකයකු බව ඒත්තු ගියේය.

මෙතන වැඩ කරන්නේ නැති ලැප්ටොප් එකක් තියෙනවා. ඒකත් අරගෙන පළයන්. හැබැයි එක වචනයක්වත් කතා කරන්න එපා. ඉංග්‍රීසිවත් දන්නේ නැති විදිහට හැසිරියන්.”
වෙස් ගැන් වූ පොලිස් කොස්තාපල්වරයාට පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් උපදෙස් ලැබුණේය. වැටලීම් සිදුකළ යුතු ආකාරය ඔහුට කියා දුන්නේය. වැටලීමේ නියමුවා වූයේ පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාය.
අපි ඉන්පස්සේ ටීම් දෙකක් ලෑස්ති කළා. අපේ ඇෆ්ගන්කාරයාටයි යාළුවා උප පරීක්ෂකවරයාටයි අලුත්ම කාර් එකක් දීලා හෝටලයට යැව්වා. තවත් කණ්ඩායමක් උප පරීක්ෂක ධර්මසිරි සමග සූදානම් කළා.”
පොලිස් පරීක්ෂක බාලසූරිය කිව්වේ වැටලීම ඇරඹූ ආකාරය ගැන සිහිපත් කරමින්ය.
ඇෆ්ගනිස්ථාන පුද්ගලයා රැගත් මොටෝරිය වලහපිටිය හෝටලයට ඇතුළු වූයේ ඉන්පසුය.
මේ ඉන්නේ... මෙයා තමයි මම කිව්වේ, ඉංග්‍රීසි වචනයක්වත් බැහැ ඒ රටේ ඉංග්‍රීසි නැහැනේ.
වෙස්වලාගත් උප පරීක්ෂකවරයා කළමනාකරුට කීවේ තරුණයා පෙන්වමින්ය.
එහෙනම් කාමරයක් දෙන්න.”
ගාන කීයද”
දහ දාහයි”

ප්‍රශ්නයක් නැහැ මෙන්න සල්ලි.”
ගනුදෙනුව අවසන් වීමෙන් පසු ඇෆ්ගනිස්ථාන ජාතිකයා හෝටලයට ඇතුළු විය. සුපිරි කාමරය දුටු හෙතෙම සතුටට පත්විය. ඒ අතර කළමනාකරුත් ඇෆ්ගන්ජාතිකයාගේ මිතුරාත් හෝටල් ආලින්දයේ කතා බස් කරන්නට විය.
ඒක නෙමෙයි බැරිද මිනිහට කෙල්ලක් සෙට් කරලා දෙන්න”
හෝටල් කළමනාකරු වෙත යෝජනාවක් කරනු ලැබූවේ ඇෆ්ගනිස්ථාන ජාතිකය ගේ මිතුරා ය.
මේකයි... අපි සාමාන්‍ය කෙල්ලෝ මේකට ගේන්නේ නැහැ. ෆොරිනර්ස්ලාට විතරක් හින්දා අපි ගේන්නේ නිළියෝ විතරයි.”

ඔහු ජනප්‍රිය ටෙලි හා සිනමා නිළියන් කීපදෙනකුගේ නම් කියාගෙන ගියේය. ඊට අමතරව හෝටලයට නිතර යන එන ජනප්‍රිය නළුවන් දෙදෙනකුගේ නම් ද කීවේය.
ඒ අය කීයක් ගන්නවද?”
දහ දාහක් ගන්නවා. හැබැයි පැයයි ඉන්නේ. දන්නේ නැද්ද එයාලා එන්නේ රහසිගතවනේ...
කොහොම ද ගෙන්නන්නේ”
අපිත් එක්ක සම්බන්ධ කිහිපදෙනෙක් ඉන්නවා. කතා කරලා ගෙනත් දෙන්නම්.
සල්ලිනම් ප්‍රශ්නයක් නැහැ. මේකා ගාව සල්ලි තියෙනවා. හැබැයි ෆිල්ම් ස්ටාර්ස් ලා වෙන්නම ඕන. ඔහොම ඉන්න මම අහලා එන්නම්”
කළමනාකරු ගනුදෙනුවට එකඟවිය. මොහොතක් හෝටල් කාමරයට ගොස් ඇෆ්ගනිස්ථාන් ජාතිකයා සමග කතාබස් කළ මිතුරා යළි කළමනාකරු හමුවිය.
එයාට කෙල්ලෝ තුන් දෙනෙක්ම ඕනලු”
ප්‍රශ්නයක් නැහැ ගෙනත් දෙන්නම්. හැබැයි එක කෙල්ලෙක්ට දහ දාහක් දෙන්න ඕන. හැබැයි නයිට් එකක් ඉන්න බැහැ. පැයයි ඉන්න පුළුවන්.”
කමක් නැහැ සල්ලි දෙන්නම්”
මේ අතර පොලිසිය තවත් කාර්යයක නිරතවිය. මාරවිල අධිකරණයට මේ සියලු කරුණු වාර්ථා කොට එකී හෝටලය සෝදිසි කිරීම සඳහා වරෙන්තුවක් ලබා ගත්තේ කාටත් නොදැනුවත්වය. වරෙන්තුව ලබාගත් නිලධාරීන් මාරවිල හා ඒ අවට සැරිසරමින් සිටියේ කොයි මොහොතේ හෝ පොලිස් වෙස්ගත් ඇෆ්ගනිස්ථාන් ජාතිකයාගෙන් හෝ ඔහුගේ මිතුරා ලෙස රඟපෑ උප පරීක්ෂකවරයාගෙන් ඇමතුමක් ලැඛෙන තුරුය.
වේලාව දහවල් එකයි තිහ ද පසුවිය. ඒත් කී පරිදි නිළියන්ගේ පැමි”මක් සිදුනොවීය.
ඇයි මොකක් ද ප්‍රශ්නේ”

අපි දන්න නිළියෝ තුන්දෙනෙක් ම අද ෆිල්ම් එකක ෂූටින්. දැන්ම ගන්න අමාරුයි. ඕනනම් එතකම් එයාර් හොස්ටර්ස් ලා තුන්දෙනෙක් ගෙනත් දෙන්නම්.
ඇත්ත ද එයාලා කොහේද ඉන්නේ ? කවුරුහරි කමක් නැහැ ඉක්මනට ඕන.”
වෙස් ගෙන සිටි උප පරීක්ෂකවරයා කළමනාකාර වසන්තට කීවේය.
දැන් ආව ෆලයිට් එකේ කට්ටිය තව ටිකකින් ඕෆ් වෙනවා. එයාලගේම ට්‍රාන්ස්පොර්ට් එකෙන් ඇවිත්
මෙහෙ බහිවී.. මොකද කියන්නේ”

කමක් නැහැ ගෙනත් දෙන්න. මගේ යාළුවා අප්සට් එකේ ඉන්නේ.
සිනමා නිළියන්ගේ අදහස අතහැර දැමු ඔවුහු ගුවන් සේවිකාවන් ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් මග බලා සිටියහ. කොයි මොහොතේ හෝ කඩා පනින අදහසින් සිටි පොලිස් නිලධාරීන්ට ද මොවුන්ගේ ප්‍රමාදය මහත් ප්‍රශ්නයක් ගෙන දුන්හ. වේලාව රාත්‍රී හතයි තිහට ද ආසන්නය.
තවත් පරක්කුවෙයිද”

වෙස්ගත් උප පරීක්ෂකවරයා හෝටල් කළමනාකරුගෙන් ඇසීය.
තව පැය කාලෙන් එනවා. එයාලා දැන් තමයි ප්ලේන් එකෙන් ඇවිත් හෝටලයට ගිහින් චේන්ජ් එකක් දාගෙන තියෙන්නේ.”
ගත වූයේ මොහොතකි. ස්ටාෆ් වාහනේ එන බව කීවද තරුණියන් තිදෙනකු රැගත් ත්‍රීවිලරයක් නම් හෝටලය අසල නතර විය.
අන්න ආවා.”
මෙන්න සල්ලි”

තරුණියන් තිදෙනා සඳහා තිස් දාහක් කළමනාකරු වෙත ලැබුණේය. ඔවුන් විනාඩි දෙක තුනක් ඇතුළත ඇෆ්ගනිස්ථාන් ජාතිකයා සිටි කාමරයට ඇතුළු විය. ඇ`ගපත සෝදාගෙන තරුණියන් බලාපොරොත්තුවෙන් තුවායක් පමණක් ඇඳගෙන සිටි ඇෆ්ගන් තරුණයා දුටු තරුණියන් එකිනෙකාට මොනවදෝ කියා ගත්හ.
මේකා කියන වචනයක්වත් තේරෙන්නේ නැහැ. අපි තුන්දෙනාම කොහොම ද මේකත් එක්ක එකට ඉන්නේ..
කමක් නැහැ බං සල්ලි හම්බවෙනවානේ”

ඔවුන් ඇෆ්ගන් ජාතිකයාත් සමග කතා කරන්නට උත්සාහ කළ ද ඔහු කියන භාෂාව ඔවුන්ට තේරුණේ නැත. ඔවුන් ද නොයෙකුත් දේ කතා කරමින් ඇෆ්ගනිස්ථාන් ජාතිකයා සිටි ඇඳ මත සුරතල් වෙද්දී පිටත සිටි ඔහුගේ මිතුරු වෙස්ගත් උප පරීක්ෂකවරයා කාටත් හොරෙන් හෝටලයේ එපිට සිටි පොලිස් නිලධාරීන් වෙත ඇමතුමක් දුන්නේය.
දැන් එන්න. වැඩේ හරි..”
ගතවූයේ මොහොතකි. පොලිස් නිලධාරීන් රැගත් ජීප් රිය හෝටල් භූමියේ නතර විය. කළමනාකරු මෙන්ම තරුණියන් ගෙනා ත්‍රීරෝද රථ හිමියා ද අන්දුන් කුන්දුන් වූයේ පොලිස් රථය දකිද්දීය.
ද`ගලන්න එපා අපි වලානෙන්”
කාගෙත් ඇස් උඩ ගියේ හෝටලයේ රැඳී සිටි ඇෆ්ගන් ජාතිකයාගේ මිතුරා එසේ කියද්දීය. ඔහු පොලිස් නිලධාරියකු බව කළමනාකරු දැනගත්තේ එවිටය. ඔහුගේ මග පෙන්වීම යටතේ පොලිසිය ඇෆ්ගනිස්ථාන ජාතිකයා සිටි කාමරයට ඇතුළු විය. තුවායක් පමණක් ඇඳ සිටි ඔහු වටකරගත් තරුණියන් තිදෙනාට හීන්දාඩිය දැම්මේ එවිටය.

කෑ ගහන්න එපා අපි පොලිසියෙන්”
නිලධාරීහු එසේ කියද්දී මෙතෙක් තුවාය පමණක් ඇඳ සිටි ඔහු කටහඬ අවදිකරමින් ගලවා දමා තිබූ කලිසම කමිසය ඇඳගත්තේය.
බොහෝම අමාරුවෙන් පැය හතරක්ම කිසිම වචනයක්වත් කතා කරන්නේ නැතිව හිටියා සර්..”
ඔහුගේ කීම ඇසූ එතැන සිටි නිලධාරීන් ට සිනහව නතර කර ගත නොහැකි විය.
උඹ නම් නියම ඇෆ්ගනිස්තාන් කාරයෙක් තමයි. මුන් සේරම උඹට රැවටුණා.”
තරුණියන් මෙන්ම කළමනාකරු ද පුදුම වූයේ ඇෆ්ගන්තාන් ජාතිකයකු ලෙස ර`ගපෑ පොලිස් කොස්තාපල්වරයා දුටු විටය.

සියල්ලෝම අත්අඩංගුවටගත් පොලිසිය කැඩුණු ලැප්ටොප් යන්ත්‍රය ද ඔවුන් සිටි ජීප් රියට දමා ගත්තේය. කෙල්ලන් ද කළමනාකරු ද ත්‍රීවිලර් රියැදුරා ද රැගෙන නිලධාරීන් කෙළින්ම ගියේ මාරවිල පොලිසියටය. එහි දී සියල්ලන්ගේ ම ප්‍රකාශ සටහන් කරගනු ලැබිණි.
අල්ලාගත් තරුණියන් තිදෙනාම ගුවන් සේවිකාවන් නොවන බව ප්‍රශ්න කිරීමේ දී පොලිසියට තේරුම් ගියේය. ඔවුන් කටුනායක ඇ`ගලුම්කම්හල් සේවිකාවන්ය.
අපි ඕෆ් වෙලා සර් අවේ.. හැම දාම මෙහෙම එන්නේ නැහැ. ගාමන්ට් රස්සාවෙන් ගන්න පඩිය මදි නිසා ඉඳලා හිටලා මෙහෙම ඇවිත් කීයක් හරි හොයාගන්නවා.”
එකියක් පොලිසියට කීවාය.

ඒ කියන්නේ පාට් ටයිම්” ජොබ් එකක් නේද? මෙතනින් කීයක් විතර හම්බවෙනවද..?
එක්කෙනෙක් ගෙන් රුපියල් පන්දාහක් විතර.”
එක කෙල්ලෙක්ගේ වයස අවුරුදු දහනවයකි. ඇය හිනිදුම පදිංචිකාරියකි. සිය පෙම්වතා අතින් අනාථ වූ ඇයට දරුවකු ද ලැඛෙන්නට සිට ඇතැයි පොලිසිය කියයි. අන්තිමේ දී දරු ගැබ විනාශ කිරීමෙන් පසු ඇය ගාමන්ට් රස්සාවට පැමිණ තිබේ. රැකියාවට අමතරව ඇය මෙවන් ගණිකා වෘත්තියේ යොදවා ඇත්තේ ද පෙම්වතා විසිනි. පෙම්වතා බව කියන ඔහු සීදූවේ පදිංචිකරුවෙකි.

අනෙක් තරුණිය දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයේ පදිංචිකාරියකි. විසි නව හැවිරිදි ඇය විවාහ වී දික්කසාද වූ තැනැත්තියකි. ඇඟලුම් සේවිකාවක වූ ඇයද මෙලෙස මුදලක් හරි හම්බකරගන්නේ පාට් ටයිම් ජොබ් එකට පින්සිදු වන්නටය. ඒ තනියම නොවේ. ඇගේ ඥාතී සොහොයුරියක ද සමගිනි. ඇයද දෙහිඅත්තකණ්ඩියේ ම පදිංචිකාරියකි. ඇය අවිවාහක විසිහය හැවිරිදි තරුණියකි.
කලාපයේ වැඩ කරලා ලැඛෙන පඩිය මදි සර්.. ඒ නිසා තමයි වැඩිපුර කීයක් හරි හොයාගන්න කියලා මෙහෙම ආවේ. අපි හැම තැනම යන අය නෙමේ සර්. සීට්ටු සල්ලි දෙන්න බැරිවුණ නිසා තමයි අක්කත් එක්ක මේ වැඩේට ආවේ.”

ඥාතී සොහොයුරිය හඬා වැළපෙමින් එසේ කීවද පොලිසියෙන් සමාවක් නොලැබිණි. සැකකරුවන් දෙදෙනා හා සැකකාරියන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබිණි. දුරකථන වාර්තා, සමාජ රෝග වාර්තා ලබා ගැනීම මෙන්ම හෝටලයේ අයිතිකරුවන් දැනුවත්ව මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගියාදැයි දැන ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ අරඹා ඇති බව වලාන ඒකකයේ ස්ථානාධිපතිවරයා කීවේය.

මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති අජිත් වික්‍රමසේකර මහතාගේ උපදෙස් මත පානදුර වලාන දූෂණ මර්දන බලකායේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති දුමින්ද බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන සරත් ධර්මසිරි ආර්. එම්. කරුණාරත්න හා කාන්තා කොස්තාපල් ශානිකා (9196) ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළහ.

වසන්ත යනු මනඃකල්පිත නමකි

(වලාන පොලිස් ඒකකය මගින් ලබා ගත් තොරතුරු මත ලිපිය සකස් විය.)

පුවත්පත් සටහන - කීර්ති මෙන්ඩිස්
ඡායාරූප -දූෂණ මර්දන ඒකකය අනුග්‍රහයෙනි





Related Posts Plugin for WordPress, Blogger...