Pages

Feb 27, 2013

මිනිසුන්ගේ ආදරය ලැබීමත් වාසනාවක් - Maheshi Madushanka

රංගනයටය ඇති දක්ෂතාවය සේම සුන්දර රූ සපුවකට හිමිකමී කියන ඇය ප්‍රේක්ෂක ජනතාවගේ අවධානය දිනා ගත්තේ ඉතාමත්ම කෙටි කාලයකිනි..

රංගන ක්ෂේත්‍රයට පිවිස ඇය නොබෝ කලකින්ම කතාබහට ලක්වන චරිතයක් බවට පත් වූ මහේෂි වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූයේ මුතුවරුසා ටෙලිනාට්‍ය තුලින් යැයි පැවසුවහොත් වරදක් නැහැ මේ දිනවල සුනිල් ටී. ප‍්‍රනාන්දුගේ ජීවිතය ලස්සනයි චිත‍්‍රපටය වෙතිනුත් අපට හමු වෙනවා.

එය ඇය රගපෑ ප‍්‍රථම චිත‍්‍රපටය වන අතර සඳුන් රාජකරුණාගේ නවතම ටෙලි වෘතාන්තය වන සිරස ටී.වී ගෙන එන චායා සමගිනි

පසුගිය දිනක මහේෂි මදුෂංකා සැදැල්ල පිළිසදරකට එක් වී ඇති අයුරු පහත පරිදි වේ
මහේෂි ඔබ රගපෑම ඉලක්ක කරගෙන කටයුතු කළ කෙනෙක්ද?
නැහැ, මගේ එකම අරමුණ වුණේ ගුවන් සේවිකාවක වීමටයි.

එය බොහෝ තරුණියන්ට තියෙන ආශාවක් නේද? ඇයි ඔබ උඩින් යන්න කැමති වුණේ?
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවන් අඳින පළඳින විදියේ සිට ඒ ස්වරූපයට මම ආසා කළා.

කේන්දරේ මොනවද ලියැවිලා තිබුණේ?
ප‍්‍රසිද්ධ වෙනවා කියලා තිබුණලූ.

කලාව ගැන වැටහීම මොන වගේද?
වැටහීමකට වඩා, කරන දේ වෙනුවෙන් දක්‍ෂතාවය තියනවද කියන එක තමයි වැදගත්. බොහෝ දෙනාට විවිධ ආකාරයේ සැගවුණ කලා කුසලතා ඇති. ඒවා හඳුනා ගැනීම හැමෝටම කරන්න ලැඛෙන්නෙ නැහැ. ඇත්තටම කලාව කියන්නේ හම්බ කරන්න සුදුසු වෘත්තියක් නෙවෙයි.

ඇයි වෘත්තියක් කර ගන්න බැරි?
ටෙලිනාට්‍ය වගේ ක්‍ෂේත‍්‍රයකදී කලින් කලට විවිධ චරිත එනවා. ඒ වගේම හැමදාම රංගනය කියන දේ කරන්න ලැඛෙන්නෙ නැහැ.

මුලින්ම රගපෑමට ආවාම ප‍්‍රවීනයින් ඔබ දිහා බැලූවෙ කොහොමද ? සහයෝගය දුන්නද?
ජීවිතය ලස්සනයි චිත‍්‍රපටයට දායක වූ සියලූම ප‍්‍රවීනයින්ගෙන් බොහෝ උපදෙස් සහ සහයෝගය ලැබුණා.

රගපෑම මොන වගේ දෙයක් කියලද හිතන්නෙ?
මිනිසුන්ගේ ආදරය ලැබීම වාසනාවක් කියලයි හිතෙන්නෙ. මගේ වාසනාවට මම කලාකාරියක වීම ගැන සතුටු වෙනවා.

කලාව කරන්නෙ යැපීම සඳහා නොවෙයිද?
ඒ අතින් මම හරි වාසනාවන්තයි. පවුලේ එකම දරුවා ලෙස මගේ දෙමාපියන් මට හොඳ ස්ථාවරයක් හදලා දීලා තියෙනවා. රගපෑමෙන් යම් කිසි හොඳ දෙයක් කිරීම මුදලට වඩා අගයනවා.

මුලින්ම රගපෑමට ඇවිත්, ඇක්ෂන් කියන කොටම, හරියට එය කළාද?
මුලින්ම මට තිබුණෙ මුතුවරුසා නාට්‍යයේ මල් විකුණන දර්ශනයකටයි. කිරිවෙහෙර අවට මල් විකූණන නංගිලා යාළු කරගෙන එයාලා කරන විදියට මාත් කළා. කොහොම හරි තුන්පාරක් විතර ඒ දර්ශනය රූගත කළා. නමුත් ඒ නාට්‍යයේ රගපාලා ඉවර වෙනකොට අචල අයියා වගේම මුළු නාට්‍ය කණඩායමම ලබා දුන්න සහයෝගය කවදාවත් අමතක කරන්න බැහැ.

පවුලේ එකම දරුවා මේ විදියට ගෙදරින් පිටවෙලා කාලය ගත කිරීම ගැන හිතන්නෙ කොහොමද? එයාලා තහංචි දැම්මෙ නැද්ද?
අම්මා, ආච්චි පුංචි සහයෝගයක් දුන්නා. ඒත් තාත්තගෙ පාර්ශවයේ නෑදැයින් අකමැති වුණා. ඒත් දැන් එයාලා ආසාවෙන් සහයෝගය ලබා දෙනවා.

ලංකාවේ ටෙලි නාට්‍ය ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම හොඳ නිර්මාණ බිහිවෙනවා.

කවදාහරි දවසක හිතේ තිබුණද මටත් මේ වගේ චරිතයක් කරන්න ඇත්නම් කියලා? මොකක්ද ඒ චරිතය?
මම කොහොමටත් කැමති මාලනි ෆොන්සේකා රංග වේදිනියටයි. ඇය නිධානයේ රගපෑ චරිතයට හරිම ආසයි. ඇය පෙනී සිටි ගීතමය ජවනිකා වලටත් හරිම ආසයි. ඒ හැඩය කාටවත් නැහැ.

මොකක්ද මතකයේ රැඳී ගීතමය රූපරාමු පෙළ?
ආදරේ හිතනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි.....

දැක්කාම ආදරේ හිතෙන කෙනෙක් ඔබට මුණ ගැහිලා නැද්ද තවම?
තවම හමුවෙලා නැහැ. තවම වයස අවුරුදු විස්සයිනෙ.

ගීත අහන්නත් හරි කැමතිලූ නේද?
කවුද අකමැති

මේ දිනවල හදබැඳි ගීත මොනවද?
සුරේන්ද්‍රගේ හීනයක් වගේ, බාචි සුසාන්ගේ නිහඬ ගමන සහ බටහිර ගායිකාවක් වන ශකිරා සහ ජෙනිෆර් ලොපැස්ගේ ගීත වලට ආසයි.

ඔබ කොහොම කෙනෙක්ද?
නිහතමානීව ඉන්න කැමති කෙනෙක්.

මොනවද තියෙන දුර්වලකම්?
පොඞ්ඩක් විතර තරහා යනවා.

ඒ මොනවගේ අවස්ථාවලදීද?
සමහර වෙලාවට අපි නොකරපු දේ ගැන අපේම නවකයින් බොරු ප‍්‍රචාර කළාම තරහා යනවා. හැබැයි මම ඉවසීම කියන දේ අගයන කෙනෙක්. හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න ආසයි. ජීවිතය වරද්දවා ගන්න කැමති නැහැ.

ඔබගෙ මිතුරියන් ඔබ බොලිවුඞ් නිළි කත‍්‍රිනා කයිෆ්ට සසඳනවා. ඒකට කැමතිද?
කත‍්‍රිනාගේ ඩාන්සින් ඔක්කොටම මම හරි ආසයි. ඒ වගේම අයිෂ්වර්යා සහ කරීනා කපූර්ටත් ගොඩාක් ආසයි. එයාලගෙ චිත‍්‍රපට ගොඩාක් නරඹනවා.

මේ දිනවල රගපාන්නෙ චායා නාට්‍යයේ විතරද?
ඇයි, දෙරණ විකාශය කරන වසන්ත ගේ වැල්ලවායගේ, පිපෙන මල් නාට්‍යයේ රගපානවා.

කවුද ක්‍ෂේත‍්‍රයේ යහළු යෙහෙළියන්?
අයෝමි, පබෝදා, සුජානි අක්කලා, වගේම රොෂාන් රණවන, විශ්ව කොඩිකාර අය්යලා ඇතුළු ගොඩාක් දෙනා ඉන්නවා.

Related Posts Plugin for WordPress, Blogger...