Pages

Feb 16, 2013

කුඩා කල අතවරයට ලක්වුනා-අනෞෂ්කා ශංකර්

දෙමව්පියන්ගේ යාලූවෙකුගේ අතවරයට කුඩා කල ලක්වුනා - රවි ශංකර්ගේ දියණිය හෙළිකරයි

One Billion Rising බිලියනයක් කාන්තාවන්ට වන හිංසනයන්ට එරෙහිව නැගී සිටින්න – ‘One Billion Rising’ ව්‍යපාරය ඉල්ලයි

සුප්‍රකට ඉන්දීය සිතාර්වාදක රවි ශංකර්ගේ දියණිය වන අනෞෂ්කා ශංකර් තමා ළමා කාලයේ දී ලිංගික අපහරණයට ලක් වූ බව හෙළි කළාය.
කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන්ට එරෙහිව නැගීසිටීමේ පරමාර්ථයෙන් සංවිධානය කරන ලද ‘One Billion Rising’ ව්‍යාපාරයේ විඩීයෝවකට එක් වෙමින් ඇය මේ පිළිබදව පැවසුවාය.

තම පවුලට හිතවත් තම මවුපියන්ගේ විශ්වාසවන්ත මිනිසකු විසින් අතපත ගාමින් ස්පර්ශ කරමින් සහ වාචිකව තමාව අපහරණයට ලක්කළ බව අනෞෂ්කා ආවර්ජනය කළාය.

තමන්ට ළමා කාලයේ සිදුවූ හානිය නැවත සුවපත් කළ නොහැකි බවත් පසුගියදා සමූහ දුෂණයට ලක්ව මියගිය ‍ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාව ගැන ආරම්භ කර ඇති ව්‍යාපාරයට සහයෝගය දෙන ලෙසත් අනෞෂ්කා ශංකර් මෙම වීඩියෝව හරහා ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

ඇමරිකානු ස්ත්‍රීවාදි නාට්‍ය රචිකාවක වන ඊව් එන්ස්ලර් විසින් කාන්තා හිංසනය පිටුදැකීමේ අදහසින් වැලන්ටයින් දින වැඩපිළිවෙලේ 15 වන සංවත්සරය වෙනුවෙන් ‘One Billion Rising’ සංවිධානය ආරම්භ කළාය.

ලෝක ජනගහනයෙන් බිලියන තුනක් වන කාන්තාවන්ගෙන් තුනෙන් එකක් එනම් කෝටි 100ක් සිය ජීවිත කාලය ඇතුළත ලිංගික අතවරයකට හෝ හිංසනයකට භාජනය වන බව ‘One Billion Rising’ ව්‍යාපාරය පවසන අතර එම අපරාධයන්ට  එරෙහිව නැගී සිටින ලෝක ජනතාවගෙන් මෙම ව්‍යාපාරය ඉල්ලා සිටියි.

ඊයේ (14) ඉන්දියාව පුරා  ‘One Billion Rising’ ව්‍යාපාරය මගින් විවිඩ වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබූ අතර කාන්තාවන්ට සහ ළමයින්ට සිදුවන හිංසනයන්ට එරෙහිව ‘One Billion Rising’ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ  සවස 4.00ට කොළඹ ලිප්ටන් වටරවුම අසලදී ද පැවැත්විය.

1 comment:

  1. ඉන්දියාවේ ඉන්නේ ගෑනු දැකල නැති පොන්න අසහනකාරයෝ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...