Pages

Feb 15, 2013

‘බෝම්බ සහ රෝස’

රෝස ප්‍රේම නගරයේ මිනිස් බෝම්බ හෝරාවේ අත්දැකීම විදගන්න කැමති ඔබට

දශක 30 ක් පුරා පැවති කුරිරු මිලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බෝම්බ බිල්ලට ගත් මිනිස් ජීවිත ගණන මෙතෙකැයි ගණනය කර නොහැත.
ඒ බෝම්බ වලට අසුවී මිය ගිය ගණනටත් වැඩිය ඔවුන‍්ගේ වියෝවෙන් අනාථ වූ මිනිස් ජීවිත සංඛ්‍යාව ඊට වඩා වැඩි බැවිනි.

එවන් මිලේච්ඡ ත්‍රස්තවාදීයෙක්ගේ බෝම්බයකින් රෝස ප්‍රේම නගරය ගිනි ගන්නා හෝරාව චිත්‍රපටයකට නගා ඇත්තේ ඒ ගෙවුණු කුරිරු යුගය නැවතත් මිනිසුන්ට මතක් කර දීමට විය යුතුයි.

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහගේ සිනමා නිර්මාණයක් වන ‘බෝම්බ සහ රෝස’ එරික් කුසුම් මාකවිටගේ නිෂ්පාදනයකි.

මහේන්ද්‍ර පෙරේරා, උපේක්ෂා ස්වර්ණමාලි, විශ්ව කොඩිකාර, බිමල් ජයකොඩි, ජයනි සේනානායක, සුමින්ද සිරිසේන, ගිරිරාජ් කෞෂල්‍ය, ශ්‍රියානි අමරසේන, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ප්‍රමුදි කරුණාරත්න, සෝමසිරි අලකොලංග, උදයන්ති කුලතුංග, ඩයනා පෙරේරා, සම්පත් ජයවීර, වසන්ති ගුණවර්ධන, දර්ශන් ධර්මරාජ්, සම්පත් තෙන්නකෝන් වැනි ප්‍රවීන රංගන ශිල්පීන් මේ චිත්‍රපටය සදහා දායක වී ඇත.

රෝස ප්‍රේම නගරයේ මිනිස් බෝම්බ හෝරාවේ අත්දැකීම විදගන්නට ‍ඔබට ඉඩ ලබා දෙමින් දැන් ‘බෝම්බ සහ රෝස’ CEL මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වේ.
Related Posts Plugin for WordPress, Blogger...