ඇය විවාහ වී කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටී.දහ අට හැවිරිදි දෙවැනි පුතා ද විවාහ වී බදුරලිය ප්‍රදේශයේ පදිංචි අතර දාහත් හැවිරිදි හා දාහතර හැවිරිදි බාල දරුවන් දෙදෙනා ඇය සමග ජීවත් වේ.
රංජනීගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතුව සිටී. ඔහු නිවෙසට යන්නේ එන්නේ මාස දෙක තුනකට වරක් පමණි. මසකට වරක් රුපියල් දහසක් දෙදහසක් ගෙදර වියදමට එවයි.
රංජනී මීට කලකට ඉහත සිටම රැකියාවක නිරත වී සිටී. ඒ කටාරන්දෙණිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක කම්කරු කාන්තාවක් ලෙසිනි. ඇයට වැඩ පැවරී තිබුණේ දිනක් හැර දිනක් ලෙසිනි. නිවෙසේ සිට රැකියාවට යන ඇය තම දෑතේ වීරියෙන් හරිහම්බ කරගත් මුදල්වලින් රන් ආභරණ ද මිල දී ගත් අතර නිතරම පාහේ ඒවා පැලඳ සිටීමට පි‍්‍රය කළාය.
එදා..... වැලන්ටයින් දිනයේ දී ඇයට හදිසියේම මාතර නගරයට යෑමට සිදුවුයේ තම ජංගම දුරකථනයේ තිබී අස්ථාන ගතවු සිම්පත විසන්ධි කොට නව සිම්පතක් ලබා ගැනීම සඳහාය. මාතර ගමනට ලෑස්ති වූ ඇගේ කරේ කුඩා සහ මදක් ලොකු රන්මාල දෙකකි. මුදල් පසුම්බ්යට ද රුපියල් පන්දහසක් දමාගත් ඇය මාතර නගරය බලා පිටත් වූවාය.
සිම්පතේ වැඩේ අවසන් කරගත් ඇය ගම් ප්‍රදේශය බලා යාම සඳහා බසයකට ගොඩවූවාය. එහෙත්..... ඇයට බසයේ වැඩි දුරක් යාමට හැකි වූයේ නැත. ඒ........ තරුණ පෙම්වතකුගේ ඇල්ම බැල්ම ඇය වෙත එල්ල වන්නට වූ නිසාය. දෙදෙනා කතාවට වැටුණි.
ඔයා දන්නවද අද වැලන්ටයින් දිනය කියලා....”
ඒ මොකක්ද? මම නම් දන්නේ නැහැ....”
අද තමයි ආදරවන්තයින්ගේ දිනය.....”
මෙලෙස ආදර වදන්වලින් අනතුරුව ඔහු ඇයව බසයෙන් බස්සවා ගත්තේ ඇති කරගත් හිතවත්කම තව දුර ගෙනයාම සඳහාය.
අපි ටිකක් නිවී සැනසිල්ලේ කතා කරමු”
එසේ කියු තරුණයා ඇය කැඳවාගෙන ගියේ මුහුදු වෙරළ දෙසටය. පෙම්වතුන්ගේ දිනය දා තනිවුණු රංජනී මේ ලාබාල පෙම්වතාගේ ආදරය හමුවේ බොහෝ ලද බොළඳ එකියක මෙන් සුරතල් වන්නට වූවාය. ඇයගේ මේ සුරතලයට නිසි ප්‍රතිචාර දැක්වීමට මුහුදු වෙරළ කිසිසේත්ම සුදුසු නැත. ඔහු ඊළගට ඇයගේ අතගෙන පියවර මැන්නේ අසල පිහිටි ලැගුම්හලක් වෙතටය.
වැලන්ටයින් සාමිවරයාට පින්සිදු වන්නට පෙම්වතුන්ගේ දිනයේ දී තමාට අහම්ඛෙන් හමු වූ තරුණ පෙම්වතාගේ මන දොළ සපුරාලන්නට ඇය හැකි උපරිම සහය ලබා දුන්නාය. පැය කිහිපයක් ලැගුම්හල් කාමරයේ පෙම් සුව විඳි මුත් කාමරයේ බිල ගෙවීමට පෙම්වතා අත මුදල් තිබුණේ නැත.
මම බැංකුවෙන් අරන් ඔයාට සල්ලි දෙන්නම්..... අතේ තියෙන සල්ලි ටික දෙන්නකෝ......”
පෙම්වතුන්ගේ දිනය දා හමු වු
තරුණ පෙම්වතාට බෑ කියන්නට ඇයට නොහැකිය. ඇය කිසිදු ලෝබ කමකින් තොරව අත් බෑගය විවර කර රුපියල් පන්දහසක් ඔහු අත තැබුවාය. ඉන් කාමර බිල ගෙවූ පෙම්වතාට රංජනීගෙන් වෙන්ව යා නොහැකි සේය.
අනේ....... මට ඔයාව දාල යන්න දුකයි. ඔයාගේ ඔය මාල දෙන්නකො මට කරේ දාගන්න. එතකොට ඔයා මගේ ළග ඉන්නවා වගේ.....”
එසේ කියූ ඔහු ඇයගේ ගෙල බැඳි රන් මාල දෙක ගලවාගෙන සිය ගෙලෙහි පැලඳ ගත්තේය.
මාල දෙකම පෙම්වතාගේ ගෙල පැලඳීම සඳහා දුන්න ද දීර්ඝ කාලයක් පුරා මාල ගෙලෙහි දාගෙන සිටීමට පුරුදුව සිට් ඇයට යම් අඩුවක් දැනෙන්ට වූවාය.
මගේ ඛෙල්ල පාළුයි වගේ. ඒ නිසා ලොකු මාලෙ මට දෙන්න කරේ දාගන්න”
ලොකු මාලය යළි ඉල්ලාගෙන ඇය ගෙලේ දමා ගත්තේ ඉන් පසුවය.
හෝටලයෙන් නික්ම වූ දෙදෙනා හක්මන බස් නැවතුම්පොළ වෙත පැමිණියහ. වට පිට බැලූ පෙම්වතා රන්මාලය ද සමග රුපියල් පන්දහසේ මුදල් ද වංචාකොට පැනයාමට උත්සාහ කළේ ඔය අතරය. තමා වෙතින් නික්ම යාමට උත්සාහ කරන තරුණයා වෙත කඩා පැන්න රංජනී ඔහු හා පොර බදන්නට වූවාය. පසුව පෙම්වතාගේ ගෙල බැඳි රන්මාලය ඇද කඩා ගැනීමට උත්සාහ කිරීමේදී ඉන් එක් කැබැල්ලක් ඇයගේ අතට කැඩී ආවේය. ඒ අතර රංජනී මරළතෝනි දුන්නාය.
රංජනීගේ කෑගැසීම් හ~ ඇසුණු රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල් වරයකු පැමිණ දෙදෙනාම අල්ලාගෙන මාතර පොලිසියට බාර දුන්නේ දෙනෝ දාහක් බලා සිටියදීය.
සර්.......මේක මගේ මාලය කඩා ගත්තා”
රංජනීගේ කීම ඇත්තක්දැයි බැලීමට පොලිස් නිලධාරියා පෙම්වතාසෝදිසි කළේය. කැඩුණු රන්මාලයේ කොටසක් හමුවූයේ ඒ අතරය. පොලිසිය රංජනීගෙන් මෙන්ම පෙම්වතාගෙන් ද කරුණු කාරනා විමසීය. ඇත්ත දිගහැරුණේ එවිටය.
තමුසෙ මහ පුදුම ගෑනියෙක්නේ..... දැකපු ගමන් නොදන්නා පිරිමින් එක්ක හෝටල් ගානේ යන්න...... මාල ගලවලා දෙන්න, තමුන්ට ලැජ්ජ නැද්ද. ලොකු මහත්වුණු දරුවොත් ඉන්නැද්දි.”
පොලිස් නිලධාරියා රංජනීට බැන වැදුණේය. රංජනී මේ සියල්ල අසාගෙන බිම බලාගෙන සිටියාය. ඒ අතරතුර පිස්සියක මෙන් පොලිසිය තුළට දිව ආ තරුණ ළඳකි. ඇය ඉකි ගසමින් හ~න්නට වූවාය.
ඇයි රත්තරන් ඔයා මේ වගේ දෙයක් කළේ........ ඔයාට මම ඉන්නවා මදිද........ මේ වෙනත් ගෑනු පස්සෙ යන්නේ........ ඇයි........ මම ලස්සන නැතිවාද?
එසේ කියමින් හඬා වැලපෙන ඇය දුටු පොලිස් නිලධාරීන්ට ද පුදුම සිතිණි. ඒ........ සැකකාර තරුණයාගේ විවාහක බිරියයි. සැමියා පොලිසියට රැගෙන ගිය බව දැනගත් ඇය ඔහු සොයා පැමිණ සිටියාය. ඔහු වැලන්ටයින් සැමරුම සඳහා තෝරාගත් රංජනී කළු පැහැති මැදිවියේ කාන්තාවක් වුවද ඔහුගේ බිරිය රූමත් ළඳක් විය.
ඔහුගේ රූමත් බිරිය, සිය රූපයත්, රංජනීගේ රූපයත් සංසන්ධනය කරමින් හඬා වැටුණ ද විලාප තැබුවාය.
තමුසේ ඔහොම කිව්වට.... මිනිහා ආස මේ වගේ ගෑනුන්ට වෙන්න ඇති. ඒකනේ ඔච්චර ලස්සන ගෑනියෙක් ඉඳලත්...... මේ වගේ ගෑනියෙක් එක්ක වැලන්ටයින් කන්න හෝටලයට ගියේ.”
එතැන සිටි පොලිස් නිලධාරියකු වැලපෙන බිරියට කීවේය.
තිදෙනාගෙන්ම පොලිසිය ප්‍රශ්න කළේය. මෙලෙස කතුන් රවටා ලැගුම්හල වෙත රැගෙන ගොස් ඔවුන් හා කායික සබඳතා පවත්වා මුලාකොට මුදල් රන් අභරණ ආදිය වංචා කිරීමට වැලන්ටයින් පෙම්වතා පුරුදුව සිටි අයකු බව පොලිසිය කියයි.
සැමියා තමා අතට මුදල් ගෙනැවිත් දෙන්නේ මෙසේ නොගැලපෙන වයසේ පසුවන, රූපශ්‍රීයෙන් ද තොර කතුන් රැවටීමෙන් බව ඇය දැන සිට නැත. තමා මෙතුවක් කල් පවුල් කෑවේ මෙවැනි වංචාකාරයකු සමඟ බව ඇයට සිතුණේ ඉන් පසුවය. ඔහු ඇයගේ කුසට ආහාර, ගතට ඇඳුම් පැළඳුම් ලබා දුන්නේ මෙසේ වංචා කළ මුදලින් බව ඇය දැන ගත්තාය.
අහම්ඛෙන් මග තොටේදී හමුවන වයසින් අඩු තරුණ අනංගයන්ට හසුවන දහසකුත් එකක් රංජනීලාට, කටුවන රංජනීට වු මේ ඇබැද්දිය හොඳ පාඩමකි. හමුවූ මොහොතේම අතිනත පටලාගෙන මුහුදු වෙරළේ යාමටත්, ඉන් අනතුරුව ඔහු හා ලැගුම්හලකට ගොස් කම් සැප විඳීමටත්, ඉන් අනතුරුව තම අත වූ මුදල් මෙන්ම රන් ආභරණද ඔහු අත තැබීමටත් තරම් මේ හතලිස් තුන් හැවිරිදි කාන්තාව බොළඳ වුණේ කුමන හේතුවක් නිසාද? සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඔහුට රැවටුණු රංජනී හිස් අතින් ගෙදර යන්නට ගියාය..... ඇය...... දැන් ගමට, ගෙදරට, දරුවන්ට, සැමියාට මුහුණ දෙන්නේ කෙසේද?
මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් ප්‍රශාන්ත, හක්මන පොලිසියේ ස්ථානාධිපති චන්දන විෙජ්සේකර මාතර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වසන්ත කුමාර උප පරීක්ෂක චන්ද්‍රදාස යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පරීක්ෂණ සිදුකරති.
රංජනී යන්න මනඃකල්පිත නමකි.
සටහන - තක්ෂිලා ජයසේකර
තමුසේ ඔහොම කිව්වට.... මිනිහා ආස මේ වගේ ගෑනුන්ට වෙන්න ඇති. ඒකනේ ඔච්චර ලස්සන ගෑනියෙක් ඉඳලත්...... මේ වගේ ගෑනියෙක් එක්ක වැලන්ටයින් කන්න හෝටලයට ගියේ.”
ReplyDeleteඑතැන සිටි පොලිස් නිලධාරියකු වැලපෙන බිරියට කීවේය. මෙන්න පොලිස් බල්ලෝ මිනිස්සුන්ට කතා කරන විදිහ. ලොල්! සොරි නිලධාරියෝ.