ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඔහුගේ ගීත මෑත කාලයේ සුපිරි තරු බිහි කරන වැඩසටහන් තුළින් බොහෝ විට අසන්නට ලැඛෙයි.
එසේම සුපිරි තරු ලවා ඔහුගේ ගීත ගායනා කර ඇතැම් ගුවන් විදුලි නාලිකා මඟින් ප්‍රචාරය කරන අවස්ථාත් ඇති අතර වෙනත් අය ලවා තමන්ගේ ගීත ගායනා කරවා ප්‍රචාරය නොකරන ලෙස ප්‍රියා සූරියසේන ඉල්ලා සිටී.
ඔබේ ගීත රිංගින්ටෝන්ස් සඳහා යෙදීමෙන් ඔබට හොඳ ආදායමක් ලැඛෙන්න ඇති නේ..?
”මොන... මගේ ගීත රිංගින්ටෝන්ස් සඳහා දීලා තියෙන්නේ මමවත් දන්නේ නැතුවයි. සමහරු ඒ ගීත වලින් ලක්ෂ ගණන් උපයනවා. මගේ කිසිම අවසරයක් නැතුව කොහොම කළා ද කියලා තවම හොයා ගන්න බැහැ. නීති මාර්ගයෙන් පියවර ගන්න පෙර මගේ ගීත දුරකතන සමාගම්වලට විකුණා වංචාවෙන් මුදල් උපයන එක කරුණාකර නවත්වන්න කියා මම එවැනි වංචා සහගත ක්‍රියා කරන පුද්ගලයින්ගෙන් සහ ආයතනවලින් ඉල්ලනවා.”
විද්‍යුත් මාධ්‍ය වලින් පෙර මෙන් දැන් ඔබේ ගීත ප්‍රචාරය නොවන්නේ ඇයි..?
විද්‍යුත් මාධ්‍ය වලින් මගේ ගීත ප්‍රචාරය වුණත් නැතත් දැන් අවුරුදු හතළිහක් පුරාම මේ රටේ තියෙන සංගීත ප්‍රසංග වල මම ගීත ගයනවා. මගේ ජනපි‍්‍රයත්වය අඩුවෙලා නැහැ විද්‍යුත් මාධ්‍ය වලින් මගේ ගී ප්‍රචාරය කළත් නොකළත්. ඒ නිසා එය මට අදාල නැහැ.
හැබැයි ඇතැම් නාළිකා වලින් අලුතින් එන සුපිරි තරු ලවා මගේ ගීත කියවා ප්‍රචාරය කරනවා. එය බරපතළ වැරැද්දක්. ඔය සුපිරි තරු ගායකයින්ට ඔවුන්ගේ ගීත තිඛෙද්දී ඔවුන් ගැයූ අපේ ගී ගුවන් විදුලි නාළිකා වලින් ප්‍රචාරය කරන්නේ ඇයි..? සුපිරි තරු ලවා මගේ ගී කියවා නාළිකා වලින් ඒවා ප්‍රචාරය කරන්නේ පි‍්‍රයා සූරියසේනට ප්‍රචාරය ලබා දෙන්නද..? නොඑසේ නම් සුපිරි තරු ගායකයින්ට ප්‍රචාරය දෙන්න ද..? එසේත් නැත්නම් නාළිකා වලට ප්‍රචාරය ලබා ගන්නද..? නාළිකා වලට මං දොස් කියන්නේ නැහැ. ඒත් ඔය කරන වැඩේ වැරැදියි, ඒ නිසා වහාම ඔය කරන වැරැදි වැඩ නවත්වන්න කියලා මම කියනවා.”
ඔබේ පුතා (ලක්ෂිත) ත් ඉදිරියේදී ඔබේ ගී ගයන්න බලාපොරොත්තු වෙනවා ද?
”පුතා ඉගෙනීමේ කටයුතු අවසන් වී ලංකාවට ආවාම ගීත ගායනයේ නියැළෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ පුතාට ගයන්න මගේ ගීත තියෙන්න ඕනේ, ඒ නිසා මම නැවතත් කියනවා - ‘මගේ සින්දු වෙන කාවත් දාලා කියවා ඒ ගීත ප්‍රචාරය කරන්න එපා. එය වැරැදියි. වහාම ඔය වැරැදි වැඩේ නවත්වන්න’ කියලා.”