සම පැහැපත් කිරීමේ ආලේපන අතරින් සියයට 54.34 ක අධික ලෙස රසදිය අඩංගුව ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය කළ අධ්‍යයනයක දී හෙළිවී ඇත.
මෙම අධ්‍යයනයට සම පැහැපත් කරන ආලේපන 46 ක් ලබාගෙන ඇති අතර එයින් 25ක රසදිය අධි මාත‍්‍රාවන්ගෙන් ඇතැයි එහි දී හෙළිවී ඇත.
සමහර ආලේපනවල ලීටරයට මිලිග‍්‍රෑම් 30,167 ක් වැනි ඉතා භයානක මට්ටමකින් රසදිය අන්තර්ගතව ඇතැයි හෙළිවූ බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවැසීය.
මෙහිදී හෙළිවූ ඉතාමත්ම කනගාටුදායක කාරනය වන්නේ මෙසේ අධිමාත‍්‍රාවන්ගෙන් රසදිය අඩංගු සම පැහැපත් කරන ආලේපන වලින් බොහොමයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ විලවුන් උපකරණ සහ ඖෂධ නියාමන අධිකාරිය මගින් අනුමත කර තිබීම යැයිද විතානගේ මහතා ප‍්‍රකාශ කළේය.