රෝස පැහැති අලංකාර මල් පොකුරුවලින් පිරී ඇති ආදරවන්තයන්ගේ ගස හෙවත් ‘වැලන්ටයින් ටී‍්‍ර’ නැමැති ආක‍්‍රමණකාරී ශාකය කපා පුළුස්සා දමා ශී‍්‍ර ලංකාවෙන් තුරන් කළ යුතු බව පරිසරවේදීහූ කියති.
ආදරවන්තයන්ගේ දිනය සමරන පෙබරවාරී මාසයේ දී මලින් බරවන නිසාම ආදරවන්තයන්ගේ ශාකය ලෙස නම් ලැබූ මෙහි මලෙහි ඇති සුන්දරත්වය හේතුවෙන් මල් වවන්නෝ විසින් ශී‍්‍ර ලංකාවට ගෙනවිත් බෝ කළහ.
මෙරට ස්වභාවික පරිසරයට විනාශකාරී ලෙස පැතිර යන ආක‍්‍රමණකාරී ශාකයක් බවට නම් කර ඇති බව මෙම ශාක විශේෂය දැන් මෙරට සියලූම දේශගුණික කලාපවල පැතිරෙමින් තිබේ.
පිලිපීනය නිජභූමිය කැරගත් වැලන්ටයින් ශාකය පිලිපීන ෆයර්වරක්සල බ්‍රෝන්ස් ලිව්ඞ් ක්ලොරොඩෙන්ඩ‍්‍රයම් පිලිපීන ග්ලෝරි බෝවර් සහ ස්ටර්බිර්චිට් යන නම් වලින් ද හැඳින්වේ. ක්ලොරොඩන්ඩ‍්‍රම් ක්වැඩිරිලෝකුලරේ නමින් උද්භිත විද්‍යාත්මකව හඳුන්වන වැලන්ටයින් ශාකය මීටර පහක් දක්වා උසට වැඩෙන අතර පත‍්‍රයක් අඟල් හතක් පමණ දිගැතිව වැඬේ.