Pages

Jun 3, 2013

රුවන් මට කියන්නේ වට්ටක්කී කියලා - Sheryl Decker

මම ගොඩක් කැමැති වට්ටක්කා කන්න...

මෑත කාලයේ රංගන ක්‍ෂේත්‍රයට පැමිණි රංගන ශිල්පිනියන් අතර ෂෙරිල් ඩෙකර් සුරූපිනියක්. ෂෙරිල් සමඟ එකතු වුණේ ඇයගේ සුරූපී බවේ රහස් ඔබට කියන්න. අපි ඇයගෙන්ම විස්තර අහමු.

• ෂෙරිල් උපතින්ම ලස්සන කෙනෙක්ද? එහෙම නැත්නම් පසුව ලස්සන හදාගත්ත කෙනෙක්ද?
අනේ මම ලස්සන හදාගත්තේ නැහැ. උපතින්ම ලස්සනයි. හැමෝම කිව්වේ මම පොඩි කාලේ ඉඳලම ලස්සනයි කියලා.

• ෂෙරිල්ගේ අම්මත් ෂෙරිල් වගේද?
ඔව්. ඇයත් ගොඩක්ම ලස්සනයි.

• අම්මගෙන් ඔයාට ලැබුණු ලස්සනම දේ මොකක්ද?
අම්මගෙන් මට ලැබුණු ලස්සනම දේ එයාගේ ආදරය.
• මෑත කාලයේ ක්‍ෂේත්‍රයට පැමිණි නිළියන් අතර ඔයා ගොඩක් ලස්සනයි නේද?
මම විතරක් නෙවෙයි හැමෝම ලස්සනයි. හැමෝටම විවිධාකාර ලස්සනක් තියෙනවා.

• ඔයාගේ අහිංසක පෙනුම ඔයාට ලැබුණු චරිත නිසා ගොඩනැඟුණු දෙයක්ද නැතිනම් උපතින්ම ලැබුණු දෙයක්ද?
මම අහිංසක නැහැ. අහිංසක පෙනුමක් තිබුණට මම ගොඩක් වස කෙනෙක්.

• ඔයාගේ ශරීරයේ ලස්සනම අංගය මොකක්ද?
එහෙම විශේෂත්වයක් නැහැ. මට හැමෝම කියන්නේ දිගු දෑස කියලා.

• ෂෙරිල්ට ලස්සන කොණ්ඩයක් තිබෙනවා නේද?
මේ දවස්වල කෙස් ගැලවෙනවා. ඒ නිසා කොණ්ඩේ ටිකක් කැපුවා. මම ගොඩක් ආසයි කොණ්ඩේ කලර් කරන්න. ඩැමේජ් නිසා තැඹිලි තෙල් ගාලා කොණ්ඩේ හොඳට බලාගන්නවා.


• ලස්සන වෙන්න නිවෙසේදී මොනවද කරන්නේ?
මම සැර කන්නේ නැහැ. මම ගොඩක් කැමැති වට්ටක්කා කන්න. රුවන් මට කියන්නේ වට්ටක්කී කියලා. ඒ වගේම කොමඩු, අඹ, ස්ට්‍රෝබරි පලාවර්ග කන්න කැමැතියි. ගොඩක් අය කරවිල, පතෝල, කොස්, පොළොස් කන්න කැමැති නැහැ. ඒත් මම මේවා ගොඩක්ම කනවා. මම නිතරම උයන්නේ මේ වගේ එළවළු.

• ෂෙරිල් සැලුන් යනවද?
ඉස්සර නම් සැලුන් ගියේ නැහැ. ඒත් දැන් දිගටම යනවා. ෂූටින්වලදී මේකප් කරන නිසා බ්ලැක් හෙඩ්ස් වැනි දේවල් එනවා. ඒ නිසා ක්ලීනප් එකක් කරගන්න සැලුන් යනවා.

• ෂෙරිල්ට පෙම් යෝජනා එහෙම එන්නේ නැද්ද?
යෝජනා නම් ඕනෑතරම් එනවා. මම හැමෝත් එක්කම හොඳින් කතා කරනවා. සීමාව පැන්නොත් මම බනිනවා. ඒ වගේම මම විවාහකයි කියලත් කියනවා. මට රුවන්ගෙන් ලැබෙන ආදරය හොඳටම ඇති.

• ඇඳුම් හැර වෙනත් විලාසිතා මොනවද?
මම ඔරලෝසුවලට කැමැතියි. මම පිටරට ගියාම හැම රටකින්ම වළලු ගන්නවා. ඒ වගේ එකතු කර ගත්ත වළලු සෙට් එකක්ම තියෙනවා.

ලයනි රසිකා නිරෝෂිණී

Related Posts Plugin for WordPress, Blogger...