Pages

Jun 5, 2013

කතුන්ගේ කොට ඇදුම් ගැන මහේස්ත්‍රාත්ගේ හෙළිදරව්ව

'' කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි.

අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද ? '' කියා රත්නපුර මහෙස්‌ත්‍රාත් කේ. ඩී. එල්. කුමාර මහතා ඊයේ (04) පොලිසියෙන් විමසා සිටියේය.

මහෙස්‌ත්‍රාත්වරයා එබව සඳහන් කලේ, රත්නපුර රෝහලේ රාත්‍රි සේවයට යමින් සිටි හෙද නිලධාරිනියකගේ කලව ප්‍රදේශය අතින් ස්‌පර්ශ කළ බව කියන පුද්ගලයකු ඇතුළු තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදීය.
ඇහැලියගොඩ පදිංචි රත්නපුර රෝහලේ සේවය කරන 34 හැවිරිදි විවාහක හෙදියක රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කළ පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂක වසන්ත පෙරේරා මහතා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

හෙදියගේ පැමිණිල්ලේ සඳහන් වන අන්දමට ඇය ඉකුත් 2 දා රාත්‍රි සේවයට යමින් සිටියදී සවස 7.10 ට පමණ රෝහල හන්දියේ සිට රෝහල දෙසට පා ගමනින් ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ අතරමග තරුණයන් කිහිප දෙනකු පාරේ සිට ඇති අතර, එක්‌ අයකු ඇයගේ කලවය මිරිකා තිබේ.

හෙදිය එය නොතකා ඉදිරියට යද්දී ඇය පසුපසින් ත්‍රිරෝද රථයක්‌ පැමිණ ඇති අතර, එම ත්‍රිරෝද රිය තුළ ඇයට ලිංගික අතවර කළ පුද්ගලයාද සිට ඇත. ඇය අසලින් ත්‍රිරෝද රිය හරවා ගෙන ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ ඇය ත්‍රිරෝද රථයේ අංකය සටහන් කරගෙන තිබේ. ලිංගික අතවරය කළ පුද්ගලයා හෝ සෙසු පුද්ගලයන් නොහඳුනන නමුත් නැවත දුටුවහොත් හඳුනාගත හැකි බව ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත.

රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් සේනානායක මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවද, එසේ වුවහොත් කාන්තාවකට බියකින් තොරව පාරේ ගමන් කිරීමට පවා අවස්‌ථාවක්‌ නොලැබෙන බවද කීවේය.

ඒ අනුව සැකකරුවන් ජුනි 07 දා දක්‌වා රිමාන්ඩ් භාරයේ තබා එදින හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙසට රත්නපුර මහෙස්‌ත්‍රාත් කේ. ඩී. එල්. කුමාර මහතා  නියෝග කළේය.

එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ රත්නපුර සමන් පෙදෙස සහ බටුගෙදර පදිංචි තරුණයෙන් තිදෙනෙකි.
Related Posts Plugin for WordPress, Blogger...