මේනකා අපිත් සමඟ එකතු වුණේ ලස්සන ගැන ඇයට හැඟෙන දේ ඔබට කියන්න.
මේනකාට තිබෙන්නේ උපතින්ම ලැබුණු ලස්සනක්ද? එහෙම නැත්නම් පසුව හදාගත් ලස්සනක්ද?
මට උපතින්ම ලස්සනක් තිබුණා. පසුව ඒ ලස්සන ඔපමට්ටම් කර ගත්තා.
මොනවගේ දේවල්ද ඔපමට්ටම් කෙළේ?
මට උපතින්ම ලස්සන හමේ පාටක් තිබුණා. මගේ කොණ්ඩේ ගැන තමයි ගොඩක්ම උනන්දු වුණේ.
මේනකා හිතනවද ඔබ ලස්සනයි කියලා?
ඔව්. මට මං ගැන විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා පෞද්ගලිකව මං හිතනවා මම ලස්සනයි කියලා. මම අවලස්සනයි කියලා මට හිතුණොත් මං, මං ගැනම අඩුතක්සේරුවක් කර ගැනීමක්.
මේනකාට සුන්දර පෙනුමක් තියෙනවා කියලා මුලින්ම කිව්වේ කවුද?
ගොඩක්ම ප්‍රතිචාර තිබුණේ මගේ ප්‍රේක්‍ෂකයන්ගෙන්, මඟතොටේදී මුණගැසෙන හැමෝම මට කියනවා ඔයා ටෙලිවිෂන් එකෙන් දකිනවට වඩා සැබෑවට ලස්සනයි කියලා.
නිවෙසේදී ලස්සන වෙන්න හිතාගෙන මොනවද කරන්නේ?
අම්මයි, නංගියි මම ගැන ගොඩක් හිතනවා. ඒ දෙන්නා තමයි ගොඩක් දේවල් කරලා දෙන්නේ. අම්මා සුඳු හඳුන්, කහ, වෙනිවැල් ගැට වගේ දේවල් හදලා දෙනවා මූණේ ගාන්න.
නිතර සැලුන් යන්නේ නැද්ද?
සැලුන් යනවා. කොණ්ඩෙ කපන්න, කොණ්ඩේට විලාසිතා කරන්න නිතරම වගේ සැලුන් යනවා.
ක්‍ෂේත්‍රයට එන්න ලස්සන කොයිතරම් දුරට ඉවහල් වුණාද?
ඇත්තටම මුලින්ම මට ක්‍ෂේත්‍රයට එන්න හේතු වුණේ මගේ හැකියාව. ඒ ඒ චරිත නිරූපණයට අවශ්‍ය රූපය ගොඩනඟා ගන්නවා.
ජීවිතේ ලස්සනයි චිත්‍රපටයට තේරුණේ හැකියාවට වඩා රූපය නේද?
ඔව්. ඒ චිත්‍රපටය ටිකක් වෙනස් චිත්‍රපටයක් නිසා ලස්සන වගේම නර්තන හැකියාවත් බලපෑවා.
ලස්සන වෙන්න වරමක් ලැබුණොත් මොනවද වෙනස් කර ගන්නේ?
ම්..... වරමක් ලැබුණොත් ටිකක් උස යනවා
ඒ කියන්නේ මේනකා කොටයිද?
අපෝ ඔව්
කොට වීම මේනකාගේ ලස්සනට බාධාවක්ද?
අනිවාර්යයෙන්ම. සමහර අවස්ථාවලදී කොටකම ලොකුවට දැනෙනවා.
ඉස්සර මේනකා කෙට්ටුයි නේද?
ඔව්. ඒ කාලේ මට කෑම කන්න බැරි ලෙඩක් තිබුණා.
දැන් කෑම කන්න පුළුවන් වෙලා වගෙයි?
ඔව්. දැන් මහත්වෙලා තියෙන්නෙත් ඒ නිසා තමයි. දැන් ආහාර පාලනය කරනනවා. ඒ වගේම ව්‍යායාම් කටයුතුවලත් නිරත වෙනවා. පසුගිය දිනවල නර්තනයෙන් අෑත්වෙලා හිටිය නිසාත් මහත් වෙන්න බලපෑවා.
ලයනි රසිකා නිරෝෂිණී