ඇත්තෙන්ම මෙම ගීත රූපරචනය සිදු කිරීමට මාස එකහමාරකට ආසන්න කාලයක් ගිය බවද ඔහු පැවසීය.
ඊට හේතුවූයේ අදාළ ගීත රූපරචනයට සහන් ලක ලැහැස්ති වෙද්දී සමිතා අසනීපයෙන් සිටි බවත්, සමිතා සනීප වෙද්දී අතුල විදෙස් ගත වූ බවත් සහන් හෙළි කළේය.
එසේම ඒ දෙදෙනාටම හැකි දවසක් යොදා ගැනීමට තවත් සතියක් පමණ බලන් සිටීමට සිදු වූ බවද ඔහු පැවසීය.
කෙසේ හෝ මේ දෙදෙනා එකතු කරගත්පසු උපරිම සහයෝගයක් ලැබුණු බවද වාර්තා වේ.