නමුත් ඉන්දියාවෙන් වාර්තාවූයේ මේ දෙදෙනා රහසේම විවාහවී ඇති බවයි.
මේ ගැන අසන්නට උත්සාහ කළ ඉන්දීය මාධ්‍ය මග හැර රානි අවස්ථා කිහිපයකදීම පළා ගිය බවත් ඇගේ අතේ විවාහ ගිවිසගැනීමේ මුද්දක් පළඳා තිබූ බවත් බොලිවුඩ් ඕපාදුප වෙබ් අඩවි වාර්තා කරනවා.
දැනට 33 හැවිරිදි වියේ පසුවන රානි මින් කලකට ඉහත අභිෂේක් බච්චන් සමග සම්බන්ධව සිටි නමුත් ඒ සම්බන්ධය බිඳ වැටී පසුව අභිෂේක් අයිශ්වර්යාව කසාද බැන්දා.
එයින් පසු කාලයක් යනතුරු විවාහය යන පැනය මග හැර සිටි රානි ආදිත්‍ය සමග සම්බන්ධවූ පසු ඔහු සමග එකට ජීවත්වන බව ප්‍රසිද්ධ රහසක්වී තිඛෙනවා. ඊයේ වාර්තාවූයේ ඔවුන් විවාහ ගිවිස ගෙන ඇති බවයි. මේ රහස ඔවුන් ළ`ගදීම හෙළි කරනු ඇතැයිද ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.