‘සිරස ඩාන්සින් ස්ටාර්‘ පළමු තරගයේ දී කිරුළ හිමිකරගත් දුෂ්‍යන්ත් සමග හරිහරියට නර්තනයේ යෙදුණු පුංචි ඩාන්සින් ගර්ල් ඔබට මතකද ? මයිකල් ජැක්සන්ගේ ස්ටයිල් එක දුෂ්‍යන්ත් වගේම නර්තනයේ යෙදීමට හැකියාව ඇති මේ පුංචි සුරූපිනිය ඩාන්සින් ස්ටාර් කිරුළ දිනාගන්න දුෂ්‍යන්ත්ට සෑහෙන ලොකු සහයක් ලබා දුන්නා.
නර්තනයට සෑබැ හපන්කමක් ඇති රංගනයටත් දක්ෂ ඇය හෂිනි ගෝනගලයි. පසුගිය කාලයේ මාධ්‍යයෙන් ඈත්වෙලා හිටිය හෂිනි තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා. ඇගේම කියලා සැලොන් එකක් ඇය ආරම්භ කර ඇත්තේ හැමදාම නර්තන වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න බැරි හින්දා කියලායි හෂිනි කියන්නේ.
මේ දිනවල නර්තනයෙන් මදක් ඈත්වූණත් කවදාවත් නර්තනයට සමුදෙන්න අදහසක් නැති බවත් නර්තන පංතියක් ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් හෂිනි පවසයි.
රියැලිටි වැඩසටහන් වල ස්ටාර් කෙනෙක් ලෙස සහභාගී වෙන්න ලැබුණු ආරාධනා සියල්ලක්ම හෂිනි ප්‍රතික්ෂේප කරලා. ඒ අය තවමත් ස්ටාර් මට්ටමට ඇවිත් නැති බව තමන්නට වැටහෙන නිසා කියලයි හෂිනි කියන්නේ.
තවමත් 21 වැනි සුන්දරම තරුණ අවධියේ පසුවන හෂිනි ගැන හැමෝම කතාබහා කළේ ඇය දුෂ්‍යන්ත්ගේ පෙම්වතිය කියලයි. හැබැයි ඒ කතාව තරයේම ප්‍රතික්ෂේප කරන හෂිනි කියන්නේ දුෂ්‍යන්ත් හා තමා අතර කවදාවත්ම ආදර සම්බන්ධයක් තිබුණේ නැති බවයි.
දුෂ්‍යන්ත්ගේ පාට්නර් විදියට වැඩ කෙරුවට ඔහු තමන්ගේ හොදර මිතුරෙක් පමණක් බවත් දුෂ්‍යන්ත්ගෙන් එවැනි යෝජනාවක් ලැබුණත් තමන් කවදාවත් කලාකරුවෙක්ට ආදරය කරන්න කැමති නැති බවත් හෂිනි පවසයි.