රජයේ ප්‍රධාන කාර්යාලයක සහකාර ලේකම්වරියක ලෙස කටයුතු කරන අවිවාහක සුරූපී යුවතියකගේ පෙම පතා පස්සෙන් එන්නට වූ පුද්ගලයෙකුගේ කරදරකාරී හැසිරීම් ගණනාවක් ඉවසන්නට බැරිවූ තැන ඔහුට එරෙහිව නීතිමගට ගොස් අධිකරණයෙන් ඔහුට අවවාද ලබාදී ඇප මත මුදාහැරුණ සිද්ධියක් පසුගියදා වාර්තා වුණා.
මෙම පුද්ගලයා යුවතිය හඳුනාගෙන තිඛෙන්නේ ඇගේ මිතුරියකගේ මාර්ගයෙනි.
මුල් කාලයේ කිසියම් කාර්යාල අවශ්‍යතාවක් ඔස්සේ ඇතිකරගත් හැඳුනුම්කම පසුව මිත්‍රත්වයක් බවට හැරුණු බවත් ඔහු විටින් විට කාර්යාලයට හා මව්පියන් සමග සිටින ඇගේ නිවසට පැමිණ කථාබහ කර ගිය බවත් පැවසුණා.
දුරකථන පණිවිඩ එස්එම්එස් ආදියෙන්ද ඇයට දිගින් දිගටම පණිවිඩ එවන ඔහු තමා ගැන කිසියම් පිළිබඳ සිතකින් පසුවන බව යුවතියට ඒත්තු ගොස් ඇති අතර ඇය එය ඔහුගෙන් විමසූ විට ඔහු ඇයට ආදරය කරන බව දන්වා ඇත. මෙම පුද්ගලයා සහ යුවතිය අතර වයස් පරතරය ඛෙහෙවින් වැඩි බැවින් ඇය එක්වරම පවසා ඇත්තේ තමා ඔහු ඇසුරු කළේ වැඩිහිටි මිතුරෙකුගේ ස්වභාවයෙන් බවයි.ආදර බැඳීමක් ඇතිකරගන්නට සිහිනයෙකින් වත් නොසිතූ බව කියා ඇය ඔහුව ප්‍රතික්ෂේප කර තිඛෙනවා.
මෙම සිද්ධියෙන් පසු ඔහු ඇගෙන් ඉවත්වනු වෙනුවට සිදු කර තිඛෙන්නේ ඇයට වදයක් වන ආකාරයට හැසිරෙමින් ආදරය ඉල්ලා බැගෑපත්වීමය. ඔහු ඇගේ කාර්යාලයටත් නිවසටත් අවස්ථා ගණනාවකදීම තෑගි බෝගද රැගෙන නොදන්වා පැමිණ ඇය හමුවන්නට අවශ්‍ය බව කියමින් අවිනීත හැසිරීමක යෙදී තිඛෙනවා. ඔහුට තමා ගැන බලාපොරොත්තු තබාගන්නට එපා යයිද නැවත හමුවන්නට එපා යයිද නැවත නැවත කීවත් ඔහු ඒවා ගණනකට නොගෙන ඇය හමුවීමට එන්නටත් දුරකථන ඇමතුම් දෙන්නටත් දිනපතා ක්‍රියාකර තිඛෙනවා. මේ අතර විවිධ ආකාරයේ තෙවන පාර්ශ්ව සම්බන්ධ කරමින් ඇගේ සිත වෙනස් කරන්නටත් ඔහු උත්සාහයන්හි නිරතවී තිඛෙනවා.
25 හැවිරිදි යුවතියට වඩා වසර 10 කින් පමණ වැඩිමහළු පුද්ගලයා ගැන කිසිම ආකාරයක අදහසක් තමාට නැති බව ඇය දන්වා ඇති නමුත් ඒ කියන දිනයට පසුදිනයේත් ඔහු ඇය හමුවන්නට පැමිණ හ~මින් වැලපෙමින් දුක කියන්නට උත්සාහ කර තිබුනේලූ. මේ කරදරය නිමා නොවන බව තේරුම් ගත් අවස්ථාවේ පොලිසියට ගොස් ඔහුට එරෙහි පැමිණිල්ලක් ඇය සිදු කර ඇත්තේ දෙමාපියන්ගේ උපදෙස් පරිදිය.
පොලිසිය ඔහුව ගෙන්වා ඇය ඉදිරිපිටම තබා ප්රශ්නය කථාකර ඔහුට දැඩි ලෙස අවවාද කරේ නැවත ඇය හමුවීමට නොයන ලෙසයි. මෙයින් ප්රශ්නය නිමාවේ යයිසිතා ඇය නිවසට ගොස් සැනසුම් සුසුම් හෙළුවත් නැවතත් දින දෙකක් තුනක් යනවිට ඔහු පුරුදු පරිදි ඇය හමුවන්නට නිවසට හා කාර්යාලයට පැමිණෙන්නට වූ අතර ඇය ගස්සා ප්‍රතික්ෂේප කර ගියත් ඇයට වදයක් වන ආකාරයට එහි රැෙඳමින් සිට තිඛෙනවා.
මේ අතරවාරයේ දිනක් ඇගේ රාජකාරියට අදාළ රැස්වීමක් කොළඹ තරු පන්තියේ හෝටලයක පවත්වා තිඛෙන අතර යුවතිය තවත් සහකාර ලේකම්වරියක සමග තම ආයතනය නියෝජනය කරමින් එහි ගොස් තිඛෙනවා.
මෙම රැස්වීමට ඇය යන බව කෙසේ හෝ දැනගත් කරදරකාරී පුද්ගලයා රැස්වීම පවත්වන අතරතුර ඇය රැස්වීමේ වාඩිවී සිටි අසුනට යාබද අසුනට පැමිණ එක්වරම වාඩිවූ බවත් එයින් ඇය තැතිගත් බවත් පැවසුණා. ඇයගේ දෑත් ස්පර්ශ කරමින් අසාමාන්‍ය ප්‍රේම රංගනයකද ඔහු එවෙලේ නිරතවී තිඛෙනවා. වහා අත ඉවතට ඇද එතැනින් නැගිට ඇය යන්නට හැදූ අවස්ථාවේ සියල්ලන් ඉදිරියේ ඇයට ලැජ්ජා කරමින් ඔහු ඇයගේ මුහුණට අතින් පහරදී තිඛෙනවා. මේ සිද්ධියෙන් පසු ඇයට ආත්ම ගෞරවය හා ජීවිත ආරක්ෂාව ගැන ඇතිව තිඛෙන්නේ අනියත බියකි.
දිගින්දිගටම සිදුවන අලකලංචි නිසා ඔහුගේ කරදරය පොලිසියට කියාවත් විසඳන්නට බැරිබව තේරුම් ගත් යුවතිය පොලිස් උපදෙස් මත ඔහුට එරෙහිව නීති මගට එළැඹුණා.
අනතුරුව ඒ.පී. විෙජ්සිංහ නමැති මෙම සැකකරු පිළිබඳ පොලිසිය අධිකරණයට දැන්වූ පසුකොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ගිහාන් පිලපිටිය සැකකරුට තරයේ අවවාද කර රුපියල් පන්දහසක දඩයක්ද නියම කර දන්වා සිටියේ මින් ඉදිරියට මෙවැනි කරදර කරන්නට ආවොත් ඇප අවලංගු කර රිමාන්ඩ් කරන බවයි.
එසේම ඔහුගේ කල්ක්‍රියාව අධීක්ෂණය කරන්නට අවශ්‍ය බැවින් සෑම ඉරිදාම කොටුව පොලිසියට වාර්තා කරන ලෙසද දැන්වුවා. ඇයට නැවත කරදර නොකරන බවට ඔහු විනිසුරු ඉදිරියේ පොරොන්දු වුණා.