ඔහු සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් මේ බව පවසා තිබිනි.
ඉන්දිකාට කෑම උයන්න පුළුවන් බවත් පවසා ඇති රොහාන් ඇගේ කාර්ය බහුල ජීවිතය නිසා ඇගෙන් ගෙදර වැඩ ගොඩක් අතපසුවන බවද පවසා තිබේ.
කෙසේවුවද රොහාන්ට ඉන්දිකාව මුණ ගැසෙද්දී ඇගේ වයස අවුරුදු 16ක් බවත් එකළ රොහාන්ගේ වයස අවුරුදු 20ක් බවද පැවසේ.
පළමු වර සම්බන්ධයට වැඩි අයුෂ හිමි නොවනත් එය බිඳීගොස් වසර 5කට පමණ පසුව මුල්වර තම හාදකම ඇතිකරගත් යෙහෙළියගේ පිහිටෙන්ම ඇගේ විවාහ මංගල්‌ය උත්සවයේදී දෙවැනි වර ඉන්දිකා සමග හාද වූ බවද ඔහු පවසා ඇත.
ඉන්දිකා විවාහ කරගත් තමා තරම් තවත් වාසනාවන්තයෙක් සිටිය නොහැකි බවද රොහාන් එම පුවත්පතට කියා තිබේ.