වසරේ විශිෂ්ටතම කාන්තාවන් ඇගයීම පස්වැනි වරටත් පැවැති ඉන්දීය කාන්තා සම්මාන උළෙලේ අරමුණ විය.
චෙන්නායි නුවර පසුගියදා පැවැති එම සම්මාන උළෙලේදි වසරේ පුවත් මවන්නිය ලෙස සම්මාන දිනාගත් දිපිකා පල්ලේකාල්, අන්තර්ජාතික ස්කොෂ් ශ්‍රේණිගත කිරීම්හි පළමු දසදෙනා අතරට පැමිණි ප්‍රථම ඉන්දීය ක්‍රීඩිකාව ද වේ.
2011 වසරේදි ඇය අන්තර්ජාතික ස්කොෂ් තරගාවලි තුනක් ජය ගත්තාය.
ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සාට ක්‍රීඩා අංශයේ හොදම දක්ෂතාවයට හිමි සම්මානය හිමි වූවාය.
ඇය වත්මන් ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව ද වේ.
සානියා මිර්සා පසුගිය වසරේදී ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා යුගල අවසන් පූර්ව වටය දක්වා පිවිසී ඉන්දීය කණ්ඩායමේ සාමාජිකාවකි.
පහත දැක්වෙන්නේ සම්මාන උළෙලේ ඡායාරූප කිහිපයකි.