Pages

Mar 31, 2013

සිංගප්පූරුවට ගණිකාවන් සපයන ඒඡන්ට් ත්‍රිවීල් රියැදුරෙක්

අපි ඇයට චාන්දනී යැයි කියමු’ ඇය 28 හැවිරිදි දෙරු මවක් වන අතර වෘත්තියෙන් ඇඟලූම් කම්හලක සේවිකාවකි’ චාන්දනීට ලැබුණු ආදායම මදි නිසාත්, ගෙදර දොරේ ප්‍රශ්න එන්න එන්නම වැඩි වූ නිසාත් එතෙර රැකියාවකට හෝ ගොස් මේ ප්‍රශ්න වලින් ගොඩ ඒමට ඇයට සිත් තිබුණේ මීට බොහෝ කාලයකට පෙර සිටය’ එම සිතිවිල්ලට තල්ලූවක් ලබා ෙදින් මහරගම ප්‍රදේශයේ කාන්තාවන් රට යවන තැනැත්තියක් ගැන චාන්දනීට දැන ගන්නට ලැබුණේ එක්තරා තී්‍රරෝද රථ රියැදුරකුගෙනි’
ටෙලි නාට්‍යයක් බඳු සත්‍ය කතාව පටන් ගන්නේ මෙතැන් සිටය’ චාන්දනී තී්‍රරෝද රථ රියදුරකු මාර්ගයෙන් මහරගම සිටින රට රැකියා සපයන අක්කාව මුණගැසීමට යන්නේ තමන් හා පවුල වැටී තිඛෙන ආර්ථීක අහේනියෙන් යන්තම් හෝ ගොඩ ඒමට සිතාගෙනය’

මං මේ වැඩේට රුපියල් ලඬයක් ගන්නවා’ හැබැයි ඒ ලක්ෂේ ගන්නේ මට නෙමේ’ රට යන්න ඕන කරන ටිකට් එකටයි අනිත් වියදම් වලටයි තමා’ මේ සල්ලි ටික ඒඡන්සියෙන් ගන්නේ’ සිංගප්පූරුවේ හොස්පිටල් එකක තමා නංගිට මේ ඡොබ් එක කරන්න වෙන්නේ’ මම ලබන සතියෙ සිංගප්පූරුගිහින් එන්න යනවා’ කැමතිනම් වැඩේ ඇවිත් සෙට් කරන්නම්’ නියම රට නංගි’˜

ප්‍රශ්න වලින් තෙරපෙමින් හිටපු චාන්දනීට මහරගම අක්කාගේ වචන මහත් අස්වැසිල්ලක් විය’ තමන්ගේ පාස්පෝට් එක මහරගම අක්කාට දුන් චාන්දනී ඇය සිංගප්පූරු ගොස් එනතුරු මඟ බලා සටියාය’ මහරගම අක්කාද තමන් දුන් විශ්වාසය එලෙසම රකිමින් දින කිහිපයකට පසු චාන්දනීව හමුවන්නට පැමිණියාය’ චාන්දනීගෙන් ලබාගත් රුපියල් ලඬයට ගුවන් ටිකට්පත හා අනෙකුත් වැඩ කටයුතුද සිදු කර ඇතැයි පැවසූ මහරගම අක්කා රට යෑමට දිනයක්ද චාන්දනීට ලබා දී අතටම ටිකට් එක දුන්නේ පොරොන්දු වූ විශ්වාසයක් සියයට 100% සුරඬිත කරමිනි’

සිංගප්පූරුවේ රෝහල් සේවය සඳහා යන චාන්දනී බලාපොරොත්තු වූ දිනය උදාවිය’ තමන්ගේ සියලූ බලාපොරොත්තු පොදි බැඳගෙන රට රැකියාවකට යන්න ගිය චාන්දනීට කලින් සිටම මහරගම අක්කා කී කතාවක් තිබුණි’ ඒ ශී්‍ර ලංකාවේ දී හෝ සිංගප්පූරුවේ ගුවන් තොටුපොළේදී සිංගප්පූරුවට යෑමට හේතුව කවුරුන් හෝ ඇසුවොත් ඇය යන්නේ තමන්ගේ අක්කා බැලීමට යැයි කීම අනිවාර්ය වීමයි’ එසේ කිව යුතු වන්නේ ශී්‍ර ලාංකික තරුණියන්ට එරට රැකියාවල් කිරීමට අවසර නොදෙන නිසා බවද ඇය චාන්දනීට කියා තිබුණි’ චාන්දනීද එයට කිසිදු හරස් ප්‍රශ්නයකින් තොරව කැමති වූවාය’ එමෙන්ම චාන්දනී මෙරටින් යාමට ප්‍රථම තුණ්ඩු කෑල්ලක් දුන් මහරගම අක්කා ඇයව එරටින් භාරගැනීමට පැමිණෙන්නේ රතුපාට ටී ෂර්ට් එකක් ඇඳගත් පුද්ගලයකු බවත්් ඔහුට තුණ්ඩු කෑල්ල දෙන ලෙසත් දැනුම් දී තිබිණි’

සියල්ලට කැමැත්ත පළ කළ චාන්දනී අවසානයේ සිංගප්පූරුව බලා පිටත් වූවාය’ මහරගම අක්කා කී ආකාරයෙන්ම ගුවන් තොටුපොළේදී කටයුතු කළ චාන්දනීව භාර ගැනීමට රතුපාට ටී ෂර්ට් එක ඇඳගත් පුද්ගලයකු පැමිණ සිටියේය’ පසුව තුණ්ඩුකෑල්ල එම පුද්ගලයාට දීමෙන් අනතුරුව චාන්දනීව රැගෙන ගියේ සිංගප්පූරුවේ පිහිටි ප්‍රධාන හෝටලයක් වෙතය’

වායුසමනය කර තිබූ සුඛෝපබෝගී කාමරය දුටු චාන්දනීට සිතුණේ මෙය තමන්ගේ වාසනාවට ලැබුණු දෙයක් කියාය’ එවලේම චාන්දනීගේ භාරකාරයා දුරකතනයෙන් ඇයගේ ගෙදරට ඇමතුමක් අරන් දුන්නේ තමන් හොඳින් සිටිනවා යැයි ගෙදරට කියන ලෙසය’ චාන්දනීද එම ඇමතුමෙන් තමන්ගේ සැමියාට පැවසුවේ හොඳින් සිටින බවයි’ ඉතා හොඳ තැනක් තමන්ට ලැබී තිඛෙන බවත් එහි සිටම රැකියාවට යෑමට පුළුවන් බවත් චාන්දනී සිය සැමියාට කීවාය’

හෙට දිනය උදාවෙන තුරු චාන්දනී බලා සිටියේ අලූත් රැකියාව ආරම්භ කිරීමටයි’ එහෙත් එම පැතුම් උඩු යටිකුරු වන්නට පටන්ගත්තේ පහුවදා උදෑසන සිට චාන්දනීගේ පහස සොයාගෙන කාමරයට එන මිනිස්සු දැකීමත් සමඟය’ ඇයට වෙන කරන්නට දෙයක් ඉතිරි වී නැත’ උගුලට හසු වු බව දැනගත් චාන්දනීට අවසානයට කරන්න සිදුවුණේ පැමිණෙන සියලූ දෙනාගේ ආශාවන් සන්තර්පනය කිරීමට තම ශරීරය පූඡා කිරීම පමණි’ දුක කියන්නට කිසිවෙක් චාන්දනී ළඟ සිටියේ නැත’

ඇයගේ පහස පතාගෙන දිනකට පැමිණෙන පිරිමින්ගේ සංඛ්‍යාව 25ක් පමණ විය’ ඒ සියලූ දෙනාගේ ආශාවන් පින වීමට ඇයට සිදු විය’ සිංගප්පූරුවේ සිටි චාන්දනීගේ භාරකාරයා එළියේ සිට විවිධ මිල ගණන් වලට ඇයව විකුණද්දී වාසනාවට මෙන් ඇයට ඉන්දියාන් ඡාතිකයකු හමුවිය’

ඔහුද චාන්දනීගේ පහස පතා පැමිණි අයකු වුවත් ඇයගේ ඇස් වලින් වැටෙන කඳුළු දෙස බැලු ඉන්දියන් ඡාතිකයාට මෙතැන කුමක් හෝ රහසක් තිඛෙන බව අවබෝධ විය’

ඔහෙත් චාන්දනී කී දේ ඉන්දියන් ඡාතිකයාට වැටහුණේ නැත’ චාන්දනීගේ ඇස් වලින් වැටෙන කඳුළු දෙස බලා සිටි ඉන්දියන් ඡාතිකයාට කරන්න පුළුවන් වුනේ තමන්ගේ දුරකතනය චාන්දනී අතට දීම පමණි’
ඒ අනුව ක්ෂණයෙන් ඉන්දියන් ඡාතිකයාගේ දුරකතනය අතට ගත් චාන්දනී තම නිවසට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ තමන්ට අත් වී තිඛෙන ඉරණම පිළිබඳ ගෙදරට හෝ දැනුම් දීම සඳහාය’

පසුව චාන්දනී ඇයගේ සැමියාට මේ පිළිබඳ දැනුම් දීමට සමත් විය’ එහෙත් කාමරය තුළ සිංහලෙන් කතා කරන ශබ්දය පිට සිටින චාන්දනීගේ තැරැව්කරුට ඇසුණි’ ඇතුළේ සිදුවන දේ ගැන දැන ගැනීමට කාමරයට පැනපු චාන්දනීගේ තැරැව්කරුවා සිදු කළේ චාන්දනීට දිගට හරහට පහර දීමමය’ එහෙත් ඇයගේ වාසනාවට ඇය කතා කරමින් සිටි දුරකතනය විසි වුණත් විසන්ධි වුයේ නැත’ මෙහි සිදුවන සියලූ දේ චාන්දනීගේ සැමියාට දරකතනය හරහා අවබෝධ විය’ ඉන්පසුව ඔහු කෙළින්ම චාන්දනීව රට යවපු මහරගම අක්කා සොයා ගෙන ගියේය’

අද මට මගේ ගෑනි කතා කළා’ උඹල එකතුවෙලා කරපු කියපු වැඩේ සේරම මම දැන් දන්නවා’ මගේ ගෑනිව දැන්ම ගෙනාවෙ නැත්නම් මම දැන් පොලිසි යනවා’ චාන්දනීගේ සැමියාගෙන් මහරගම අක්කාට කතා කළ විදියටම මහරගම අක්කා බිය වූවාය’ වැඩේ ගැස්සී තිඛෙන බව තේරුම් ගත් ඇය දින 2ක් තුළ චාන්දනීව ලංකාවට ගෙන්නන්නට පියවර ගත්තාය’

චාන්දනී ලංකාවට දැන් පැමිණ සිටින්නීය’ එහෙත් ඇයට එරට සිදු වූ දේ අමතක කරන්නට හැකියාවක් නැත’ දවසට 25 බැගින් සති 2ක් පුරාවට අනුන්ට පහස දීමට ඇයට සිදු වූයේ මහරගම අක්කා නිසා බව ඇය හොඳටම දන්නේය’ එම නිසා චාන්දනී මහරගම අක්කා සොයන්නට පිටත් වුයේ තමන් එම කාන්තාවට දුන් රුපියල් ලඬය හෝ නැවත ඉල්ලා ගැනීම සඳහායි’ මහරගම අක්කා චාන්දනීගෙන් ගත් රුපියල් ලඬය දීම ප්‍රතික්ෂේප කළේ චාන්දනීට සිදු වූ දෙයට ඇය කිසිසේත් සම්බන්ධ නැති බව පුන පුනා කීමෙන් පසුවය’ එහෙත් චාන්දනී විශ්වාස කළේ නැත’ එම නිසාම කතාව දුර දිග ගොස් එය ගැටුමක් ලෙස ඇවිළී ගියේය’
ගැටුම උත්සන්න වී එය මහරගම පොලිසිය වෙත අවසානයේ ඇදී ගියේය’ කරුණු සොයා බැලීමෙන් මෙතැන වෙන දෙයක් ඇති බව මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට පැහැදිලිවම අවබෝධ විය’ එම නිසාම ඒ පිළිබඳ වැඩිදුර පරිඬණ කරන ලෙස ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යඬ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඡයන්ත වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය’

ඡයන්ත වික්‍රමසිංහ කාර්යශර බුද්ධිමත් පොලිස් නිලධාරියෙකි’ ඔහුගේ සූඬ්ම උපක්‍රමත් සමඟ පොලිස් නිලධාරීන්ගේ කැපවීමත් මත මේ සම්බන්ධව පරීඬණ දියත් කෙරිණි’
Related Posts Plugin for WordPress, Blogger...