ප්රංස මෝස්තර නිර්මාණකරුවකු වන ජීන් පෝල් ගෝල්ටයර් නිර්මාණය කළ සුපිරි ගායිකා මැඩෝනා වරක් පැලැඳි තිසර පටයක් පවුම් 30,000කට අලෙවි වී තිබේ.
තම සිවුවැනි ගීත ඇල්බමය ප්රචලිත කිරීමට 1990 කාලයේ ලෝක සංචාරයක නිරත වූ අවස්ථාවේ ජීන් පෝල්ගේ ඇඳුම් නිර්මාණ රැසකින්ම ඇය සැරැසී සිටියාය.
මේ නිර්මාණකරු ප්රථම වතාවට ලන්ඩනයේ ප්රදර්ශනයක් පැවැත්වීමට සූදානමින් ඉමහත් ප්රමෝදයෙන් පසුවේ. ඔහු පවසන්නේ පැරීසියට පසු තමා ජීවත් වීමට ඉතාම කැමැති ස්ථානය ලන්ඩන් නගරය බවයි.
වසර 30ක් තිස්සේ ජීන් ඇඳුම් නිර්මාණකරුවකු ලෙස කටයුතු කොට තිබේ.