Pages

Feb 15, 2013

මේ සිද්ධිය මගේ කීර්තිනාමයට විශාල කැළලක්-Iraj Weeraratne

මම හොරෙක් කියලා ලෝකයටම ගිහින් අවසානයි - ඉරාජ්

මට ආලෝකේ ගෙන දේවී සංසාරයේ ගීතය නිසා මේ වන විට ඉරාජ් වීරරත්න ගැටළුවකට මුහුණ පා සිටින සිද්ධිය බොහෝදෙනෙක් දන්නා කරුණක්. මේ නිසා ඔහුට නීතිය හමුවටත් යෑමට සිදුව තිබේ. විවිධ අය විවිධ මත පළ කරත් ඉරාජ් මේ පිළිබඳව දක්වන්නේ මෙවන් අදහසක්.
ඉරාජ් මොකක්ද මේ උදා වී ඇති නීතිමය ප්‍රශ්නය?
 මට ආලෝකේ ගෙන දේවී සංසාරයේ ගීතය ඇතුළත් වුණේ පනහේ දශකයේ තිරගත වූ අයියයි මල්ලියි චිත්‍රපටයට. එය සිංහල දෙබස් කැවූ හින්දි චිත්‍රපටයක්. එම චිත්‍රපටයේ එන වදන් මාලාවන් අරගෙන කැළුම් ශ්‍රීමාල්ගේ රචනයක් ලෙස මම නිර්මාණය කළ ගීතයට එරෙහිවයි මට නීතිමය පියවර ගෙන තිඛෙන්නේ. මට ආලෝකේ ගෙන දේවී ගීතය රචනා කළ රචකයාගේ පාර්ශවයෙන් මගෙන් ලක්ෂ 100 ක මුදලක් ඉල්ලමින් තමයි මට එරෙහිව නඩු මගට බහින්න සූදානම් වන්නේ.

ඒ පිළිබඳව ඔවුන් ඔබට දැන්වුවාද?
ඔබත් මමත් අතර මේ කතා බහ වනතුරුම මට උසාවියෙන් කිසි නියෝගයක් ලැබිලා නැහැ. ඒ වගේම මේ සිද්ධිය ගැන   මගෙන් ප්‍රථම වතාවට ලක්බිම පුවත්පතින් තමයි මේ විදියට විමසන්නේ. නමුත් මේ වන විටත් බොහෝ මාධ්‍ය මඟින් මාව මන්කොල්ලකාරයෙක් කරලා අවසන්. අන්තර් ජාලය හරහා මේ වන විට මම හොරෙක් කියලා ලෝකයටම ගිහින් අවසානයි. ජාත්‍යන්තර නිර්මාණකරුවන් මින් පසුව මා සමඟ නිර්මාණ කරන්න මැලි වේවි.  මේ සිද්ධිය මගේ කීර්තිනාමයට විශාල කැළලක්.

ඔබ කියන්නේ ඔබ කිසිදු වරදක් නොකර හැමෝම  ඔබව චූදිතයෙකු කළ බවක්ද?
ඔව්. මම ගීත මංකොල්ලකරුවකු නොවෙයි.
Related Posts Plugin for WordPress, Blogger...