මවගේ සහ පියාගේ අඩි පාරේ යමින් ගායනයට පැමිණ සිටින අතුල සහ සමිතාගේ දියණිය කාවින්ද්‍යා අධිකාරි මේ වන විට සිය ප්‍රථම ගීතය එළිදක්වා තිබේ.
එය යුග ගීයක් වන අතර ලසිත ජයනෙත්ති ආරච්චිගේ පද රචනයකට අනුව හා සංගීතයෙන් ප්‍රසන්න දිසානායක දායක වූ මෙම ගීතය කාවින්ද්‍යා සමඟ ගායනා කරන්නේ අමිල පෙරේරායි.
කාවින්ද්‍යා ඇගේ ප්‍රථම ගීතය පිළිබඳව මාධ්‍යට මෙසේ අදහස් දක්වා සිටී.
කාවින්ද්‍යාගේ වයස කීයද?
අවුරුදු 16යි
කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
සාමාන්‍ය පෙළ විභාගය ලියලා දැන් එහි ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නේ.
විභාගය සමත්වෙලා, ඊට පස්සේ මොනවගේ ඉලක්කයක්ද තියෙන්නේ?
කවදා හරි ගුවන් සේවිකාවක වීම අරමුණයි.
ඔබ වැඩිපුර අහන්න ආස බටහිර ගීත නේද?
ඔව්. ජස්ටින් බීබර් සහ රිහෑනා ඇතුළු බොහෝ අයගේ ගීත අහන්න කැමතියි.
ඔයා බටහිර ගීත ගයන්නත් දක්ෂයි කියලා ආරංචියි.
බොහෝ වෙලාවට නිදහසක් ලැබුණම බටහිර ගීත ගයනවා.
කාවින්ද්‍යා ඔයාට ඔයා ගැන හිතෙන්නේ කොහොමද?
ගොඩාක් හොඳයි. මම ගොඩාක් හොඳයි කියලා හිතෙනවා.
ජීවිතේ ගෙවන්න ඕන කොහොම කියලද හිතෙන්නේ?
සතුටින්. හැකි විදියට නැති බැරි අයටත් උදව් කරමින්.
ඔයාගේ අම්මා සමිතා කියන්නේ ඔයා ඕනෑම දෙයකට මුහුණ දෙන්න තරම් ධෛර්යවන්ත යුවතියක් කියලයි. ඒ කතාව ඇත්තද?
ඔව්. හොඳ දේ කරන්න හොඳ දේ ඉගෙන ගන්න වගේම හැමෝටම ගරු කරන්න කැමතියි.
මේ ගීතය සඳහා රූප රචනා කරලද තියෙන්නේ?
තවම මම පාසල් අධ්‍යාපනය ලබන නිසා ඊට අවසර නැහැ. අවස්ථාව ආවම එය නිර්මාණය වේවි.
ඔයාගේ හන්ද මොන ආරයකට හුරුද?
ලස්සන කටහඬක් තියෙන්නේ කියලා අම්මායි, මල්ලියි නම් කීවා.
ඔයා වයසට යන එකට අම්මා අකමැතීලුනේ?
ඒක නම් ඇත්ත. එයා ආස හැමදාම මම මේ වයසේ ඉන්නවටයි.
මොකද කවදහරි මම විවාහ වෙලා එයාගෙන් වෙන්වෙලා යන එක උහුලගන්න බැරිලු. අම්මාගේ ශක්තිය මමයි. මල්ලියිලු.
කොහොමද ජීවිතේ ගත කරන විදිය?
විවේකයක් ලැබුණහම ලෝකයේ කොහේ හරි රටකට ගිහින් එහි සංචාරය කරමින් විස්තර දැනගන්න කැමතියි.
අන්තිමට කියන්න ඔයා සතු විශේෂිත හැකියාව මොකක්ද?
සෑම දෙයකටම උපේක්ෂාවෙන් මුහුණදීම. වෛර නොකිරීම.
කාවින්ද්‍යා සහ අමිලගේ ගීතය පහතින්
පි - හංගාගෙන සිටියා මා සිතක කොනේ
නොවෙනස් හැඟුමක් ඒ ඔබම කෙරේ
හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
ඊයෙටත් වඩා අද ආදරෙයි මා
ගැ - ඔය බැල්මන් මා උමතු කරාවි නොසිතනු මැනවි
පි - ඔය බැල්මන් මා උමතු කළා පිළිගනු මැනවි
ගැ - සඳඑළියේ පා තැබුවේ මං සඳ එළියට ආස නිසා
පි - මඳ අඳුරේ මා සිටියේ ඔබ සඳ එළියට පේන නිසා හීනයෙන් පවා
පි - ඔඛෙ සෙවනැල්ලත් හරිම සෞම්‍යයි
දැන් නිරන්තරේ චිත්ත රූ මවයි
සිහින් ඇස් පියන් කොහේදෝ රැගෙන යයි
නොනිදාගෙන මම මේ මුළු ජීවිතේ ගත කරයි
ගැ - හැඟුමන් නොදැනෙනවාම නෙමෙයි
ඔය හිත නොහඳුනනවා නෙමෙයි
ජීවිතය ගැන බයයි
ආදරයෙ - නිසි අරුත තව සොයයි
පද රචනය - ලසිත ජයනෙත්ති ආරච්චිගේ
තනුව/සංගීතය - ප්‍රසන්න දිසානායක
ගායනය - අමිල පෙරේරා/කාවින්ද්‍යා අධිකාරි