Pages

Jan 14, 2013

මරණයට ගොදුරු වූ අපේ රිසානා

නිදහස් වෙලා ගෙදර එනකොට නංගිලට සබන්,ක්‍රීම් අරන් එන්නම් කියලා

රිසානා ගෙදරට කතා කළ අවසන් වතාවේ රිසානා නංගිලා දෙදෙනාට කියලා

ජාතියේ නිදහස දා උපන් අයට හිමි නොවූ නිදහස
රිසානාගේ නඩුවට උප්පැන්න සහතිකයවත් ඉදිරිපත් නොකරපු අපේ පුරාජේරු ආණ්ඩුව
සෞදි අරාබියේ ෂරියා අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ගේ හිස ගසා දමන ලද බව කියන දුක්බර පුවත ලක්වාසී සියලු දෙනාගේ නෙතට කඳුළක් ඉනූ ආරංචියක් බවට සැකයක් නැත. කිරි කැටි බිලිිඳෙකු මරා දැමූ බව කියන අභූත චෝදනාවට ෂරියා නීතිය මගින් රිසානා දැරිය වරදකාරිය වී සෞදි අරාබියේ ද්වාද්මී බන්ධනාගාරයේ වසර හතකුත් මාස අටක් සිරදඬුවම් විඳි රිසානාගේ හිස ගසා දමනු ලැබූයේ ඉකුත් 09 දා ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 11.40ට බව සෞදි අරාබි ආරංචි මාර්ග තහවුරු කර තිබුණි.

රිසානා නෆීක් නිදහස් කරන ලෙස ජනාධිපතිතුමන් කරන ලද ඉල්ලීමට සෞදි රජයෙන් යහපත් ප්‍රතිචාර ලැබි ඇති බව ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී එදින (09) පස්වරුවේ කියා සිටිද්දීත්, සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා රිසානා වෙනුවෙන් ශෝකය පළ කිරීමට විනාඩියක නිශ්ශබ්දතාවයක් යෝජනා කරද්දීත් මුතූර් සාෆි නගර් පැල්පතක වෙසෙන රිසානාගේ දෙමාපියනුත් නංගිලා දෙදෙනා හා මල්ලීත් රිසානාගේ හිස ගසා දමා මරණයට පත් කරපු බවක් දැන සිටියේ නැත.

රිසානා මරණීය දණ්ඩනයෙන් මුදවා ගැනීම සඳහා විශාල කාර්යභාරයක් සිදුකළ මුතූර් ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයකු මෙන්ම ප්‍රජා සංවිධායකයකු වන ඒ.ඩබ්.එම්. ජිහාද් මහතා ඉකිබිඳිමින් ලියුම්කරුගෙන් විමසා සිටියේ රිසානා මරා දැමුණු පුවත රිසානාගේ මාපියන්ට හා සහෝදර සහෝදරියන්ට කියා සිටින්නේ කෙසේද පිළිබඳවය. රිසානා නිදහස් වී නිවස කරා පැමිණෙන පණිවුඩය ගෙන යාමට ඇඟිලි ගැන ගැන සිටි ජිහාද්ට අවසානයේ සිදුවූයේ රිසානා මරා දමන ලද බව කියන අවාසනාවන්ත පණිවුඩය රිසානාගේ නිවසට ගෙන යාමටය.

රිසානා මරා දැමුණු පුවතින් කැළඹුණු ප්‍රදේශවාසීන්ගෙන් රිසානාගේ නිවස පිරී යද්දී රිසානාගේ පියා වන මොහොමදු සුල්තාන් නෆීක් වෛරස් උණක් වැළඳීම හේතුවෙන් මුතූර් රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. රිසානා මරා දැමුන බව කියන පුවතින් මුතූර් සාෆි නගර් ගම්මානය එකම මළ ගෙයක් බවට පත්ව තිබුණි. රිසානාගේ මව වූ අහමදු සෙයියදු ෆරීනා (43) ඔවුන්ගේ නිවස වූ කුඩා පැල්පත තුළ මහ හඩින් වැළපෙද්දී ප්‍රදේශවාසී කාන්තාවෝ ඇය සමග එම කඳුළු බෙදා ගනිමින් සිටියෝය. රිසානාගේ මරණය සැලවීමත් සමග ඇයගේ මව තරමක් කලහකාරී ලෙස හැසිරෙමින් සිටි බවද කියවේ. රිසානාගේ නංගිලා දෙදෙනාද සිය අක්කාගේ වියෝවෙන් මහත් සේ කැළඹී සිටියාය.

රිසානා නෆීක් විදේශ රැකියාවක් සොයා සෞදි අරාබියට යන්නේ 2005 වසරේදීය. එවිට රිසානාගේ වයස අවුරුදු 17කි. සෞදි අධිකරණය විසින් රිසානාගේ හිස ගසා දමන විට ඇයගේ වයස අවුරුදු 25කි. ව්‍යාජ ‍ලේඛන ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකසා රිසානා වැනි අඩු වයස්කාරිනියන් විදේශ ගතකිරීම නැගෙනහිර පළාතේ විශේෂයෙන් මුස්ලිම් ප්‍රදේශ ආශ්‍රිතව අමුතු කාරණයක් නොවේ. මිනිස් ජාවාරම සිදු කරන උප විදේශ රැකියා නියෝජිතයනට අඩු වයස්කාරිනියක් එක් දිනකින් වැඩි වයස්කාරිනියක් බවට පත්කිරීම මහ කජ්ජක් නොවේ. විශේෂයෙන් මුස්ලිම් දැරියන් ඊට බිලිවීම කැපී පෙනේ. ඒ ඔවුන්ගේ මාපියන්ගේ ද කැමැත්ත ඇතිවය.

රිසානාගේ උපන් දිනයද සුවිශේෂීි දිනයකි. ඇය ඉපිද ඇත්තේ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය යෙදී ඇති පෙබරවාරි 04 වැනිදාය. 1988.02.04 දා උපන් රිසානාගේ විදේශ ගමන් බලපත්‍රයේ ඇයගේ උපන් දිනය ලෙස සඳහන්ව ඇත්තේ 1982.02.02 වැනි දිනය. එය සබ් ඒජන්ට් හපන්කමක්ය (උප නියෝජිත). මුතූර් ඉමාම් සාෆි විද්‍යාලයේ දහවැනි ශ්‍රේණියට පමණක් අධ්‍යාපනය ලද රිසානාට අඩු වයසේදී තම අධ්‍යාපනය නිමා කිරීමට සිදු වන්නේ උපතින්ම ඔවුනට හිමි වූ දරිද්‍රතාවය නිසාය.

උප විදේශ රැකියා නියෝජිතයාගේ හෙවත් “සබ් ඒජන්ට්ගේ” සුරංගනා කතාවලින් වශීකෘත වන රිසානා  වයස අවුරුදු 17ක් පමණ වූ හිරිමල් වයසේදී මෙසේ විදේශගත වන්නේ, මහා ලොකු බලා‍පොරොත්තු ගොන්නක් ‍පොදි බැඳ ගෙන නොවේ. රිසානාට තිබුණේ බලා‍පොරොත්තු දෙකකි. නංගිලා දෙදෙනාට හා මල්ලීට හොඳින් ඉගැන්වීම එක් බලා‍පොරොත්තුවක් වූ අතර නංගිලාට නිවසක් ඉදිකරගැනීම රිසානාගේ අනෙක් අහිංසක බලා‍පොරොත්තුව විය. කැලයට ගොස් දර කපා තම පවුල රකින පියාට අත් වැලක් සැපයීම ඇයගේ ඒකායන බලා‍පොරොත්තුව විය.
රිසානා දකුණු පසින් මැද අගේ මව
සහ වමේ අගේ නැගණිය,සවුදි යාමෙට පෙර
මේ  බලා‍පොරොත්තු හිතේ දරාගෙන 2005.05.05 වන දින සෞදියට පියාඹන රිසානාට හිමිවන්නේ සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි නිවසක බැල මෙහෙවර කිරීමටය. රිසානාට තම පළමු වැටුප හෝ ගැනීමට පෙර මෙම අවාසනාවන්ත ඉරණම උරුම වන්නේ, එකී නිවසේදීය. එම නිවසේදී රිසානාට පැවරුණු එක් රාජකාරියක් වී ඇත්තේ එම නිවැසියන්ගේ සිව්මස් වියැති දරුවෙකු බලා ගැනීමයි.

කුඩා කල සිටම තම නංගිලා මල්ලිලා හදා වඩා ගත් අසල්වාසීන්ගේ දරුවන් බලා කියා ගත් රිසානාට එකී සිව්මස් දරුවා සමග කාලය ගතකිරීම මහත් ආශ්වාදයක් වූවාට සැකයක් නැත. ඇය සැබවින්ම කුඩා දරුවන්ට, සතුන්ට ආදරය කරන එකියකි. එසේ කියන්නේ මුතූර් සාෆි නගර් ගම්වාසීන්ය.

රිසානාගේ ඉරණම විසඳුන මෙම අවාසනාවන්ත දිනය උදා වන්නේ ඇය විදේශ ගත වී දින දාහතක් ගත වූ දින, එනම්, 2005.05.22 වැනි දිනය. එදින රිසානා කිරි බෝතලයකින් දරුවාට කිරි ‍පොවමින් සිටියදී පිටුපසින් පැමිණි ස්වාමිදුව රිසානාගේ හිසට වැරෙන් පහර දී තිබේ. එම පහර දීමේදී රිසානා අතින් එම සිව්මස් දරුවා බිම වැටුණ බව එක් වාර්තාවකින් කියවෙද්දී අනෙක් වාර්තාවෙන් කියැවෙන්නේ උගුරේ කිරි සිරවීම හේතුවෙන් දරුවා මියගිය බවයි. දරුවාගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරයා දී ඇති නිගමනය වන්නේ, කිරි කැටිත්තක් උගුරේ සිරවීම මරණයට හේතුව බවයි. මෙහෙකාරියගේ නොසැලකිල්ල හේතුවෙන් දරුවා මියගිය බව මියගිය දරුවාගේ මාපියන්ගේ චෝදනාව වී තිබේ.

රිසානා බැලීමට ඇයගේ මාපියන් සෞදි බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී රිසානා කියා ඇත්තේ මෙවැනි කතාවකි.
“ගෙදර නෝනා ළමයට කිරි දෙන්න කියලා කිරි බෝත‍ලේ දීලා ගියා. මම බබාට කිරි දෙද්දී කිරි ටිකක් හිර වෙලා බබාට කැස්ස ආවා. මම දන්නේ නැහැ. ඒ වෙලාවට මොකක්ද කරන්න ඕනේ කියලා. මම බබාගේ බෙල්ල අත ගාලා ගෙදර නෝනට මේක කිව්වා. නෝනා ඇවිත් බබා බලලා මට ගහලා කිව්වා බබා හොඳට බලා ගනින් කියලා…. ඊට පස්සේ එයා යන්න ගියා. නමුත් ඒ වෙන කොටත් බබා නැති වෙලා ඉඳල තියෙන්නේ…. මම දන්නේ එච්චරයි”

සෞදි අරාබියේ අධිකරණයක වසර දෙකකට වැඩි කාලයක් මුළුල්‍ලේ විභාග වූ මෙම නඩුව 2007 ජුනි මස 16 වන දින නිමා වන්නේ සිව් මස් දරුවෙකුගේ උගුරේ කිරි සිර කොට මරා දැමීමට එරෙහිව රිසානා නෆීක්ට මරණ දඬුවම නියම කරමිනි. එම නඩුවේදී රිසානා වෙනුවෙන් පෙනී සිටීමට සෞදි රජය නීතිඥයකු ලබා දුන්නද එම නීතිඥයා රිසානා වෙනුවෙන් හරි හැටි කරුණු දක්වා නොමැති බවක් කියවේ. මෙම නඩු විභාගයේදී රිසානා වෙනුවෙන් භාෂා පරිවර්තකයකු ලබාදී ඇතත් ලබාදී ඇති භාෂා පරිවර්තකයා මලයාලම් ජාතිකයෙකි. මලයාලම් ශ්‍රී ලංකාවේ දමිළ භාෂාව අතර විශාල වෙනසක් ඇති බැවින් රිසානා කියූ කිසි දෙයක් ඔහුට වැටහී නැති බවක්ද කියැවේ. ෂරියා නීතිය පාළු ගෙවල්වල වළං බිඳිද්දී ඈත දුර රටක කාත් කවුරුවත් නැතිව තනිවූ රිසානාට සිදුවූයේ ඇයගේ ඉරණම් කතාව ලියවෙන තෙක් මුනිවත රැකීමටය. හියුමන් වොච් නමැති ජාත්‍යන්තර සංවිධානය ඊට සාක්ෂි දරයි. රිසානා මරණ දණ්ඩනයෙන් නිදහස් කර ගැනීම සඳහා හියුමන් වොච් සංවිධානය විශාල පරිශ්‍රමයක් දැරූ ආයතනයකි.

මරණ දඬුවමට නියමවූ රිසානා එය ක්‍රියාත්මක කරන දිනය එනතෙක් රඳවා තබන්නේ සෞදි රාජ්‍යයේ රියාද් නුවරට කිලෝමීටර් 400ක දුරකින් පිහිටි ද්වාද්මී බන්ධනාගාරයේය. තමා මරණ දණ්ඩනයට ලක්වී එම දිනය පැමිණෙන තෙක් මෙසේ රැඳී සිටින බව රිසානා මුලදී දැනනොසිටියාය. සෞදි අරාබියේ සිර දඬුවම් විඳිමින් සිටියදී මෙරට ජනපතිවරයා මෙන්ම පක්ෂ විපක්ෂ බොහෝ පිරිසක් රිසානාට නිදහස ලබා දෙන ලෙස සෞදි රජතුමාගෙන් ඉල්ලීම් කළේය. නමුත් ඒ කිසිදු ඉල්ලීමකට සෞදි අරාබියේ ෂරියා නීතිය වෙනස් කළ නොහැකි විය.

රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම හමුවේ සෞදි රජතුමාටද කළ හැකි දෙයක් නොවූයේ එරට නීතිය ශ්‍රී ලංකාවේ මෙන් රජුට පහළින් නොව රජුටත් ඉහළින් පවතින බැවිණි. රිසානාට නිදහස දිය හැකිව තිබුණා නම් ඒ රිසානා සේවය කළ නිවසේ හාම්පුතා හා ස්වාමි දුව පමණි. ඒ ‍ලේ වන්දිය මගිනි. රිසානාට ජීවිත දානය ලබාදීමට රිසානාගේ හාම්පුතාගේ අකමැත්තක් නොතිබුණද ස්වාමි දුව ඊට දක්වා ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. ඉතාමත් දැඩි හා රළු තීරණයක සිටි ස්වාමි දුව රිසානාගේ හිස ගසා මරා දැමිය යුතුය යන ස්ථාවරය කිසිදු අයුරකින් වෙනස් කිරීමටවත් අකමැති වූ බව කියවේ.

කෙසේ වෙතත් රිසානාගේ මරණ දඬුවම වෙනස් කරන ලෙස ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයද එක හ¾ඩින් ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයගේ හිස ගසා දමන දිනය තාවකාලිකව අත්හිටුවීමට එරට අධිකරණය කටයුතු කර තිබුණි. එහිදී ශ්‍රී ලංකා රජය හා මානව හිමිකම් සංවිධාන එක්වී රිසානාට නිදහස ලබා දෙන ලෙස සෞදි අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. වසර තුනක් මුළුල්‍ලේ විභාගයට ගැණුන මෙම නඩුව 2010 වසරේදී නිමාවට පත්වූයේ ඇයගේ මරණ දඬුවම නැවත වරක් සෞදි අධිකරණය විසින් තහවුරු කරමිනි.

රිසානාට නැවත වරක් මරණ දඬුවම නියම වූ පසු සිර දඬුවම් විඳිමින් සිටින තම දියණිය බැලීමට රිසානාගේ මාපියන්ට අවස්ථාව සැලසී තිබුණි. රිසානාගේ මාපියන් ඇය බැලීමට සෞදි අරාබියේ ද්වාද්මී බන්ධනාගාරයට ගිය අවස්ථාව වන විටද ඇය මරා දැමීමට නියමිතව සිටින බව රිසානා දැන සිටියේ නැත. ද්වාද්මී සිර මැදිරියේ සීතල කම්බිකූරු අතරින් සිය පියාගේ හා මවගේ අත් දෙක අල්ලා ගෙන හඬමින් රිසානා කියා සිටියේ ඉක්මනින් තමා නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙසයි.

මේ අන්දමින් ඇයගේ මාපියන්ට අවස්ථා දෙකකදී රිසානා බැලීමට අවස්ථාව සැලසී තිබුණද ඇයගේ නංගිලා දෙදෙනාට හා මල්ලීට එම අවස්ථාව ලැබි නැත. රිසානා බන්ධනාගාර ගත වී සිටි කාලයේ අත්කම් වැඩ ඉතා හොඳින් ප්‍රගුණ කර ඇති අතර රිසානා බැලීමට ඇයගේ මාපියන් ගිය අවසන් අවස්ථාවේ රිබන් යොදා ගනිමින් නිම කළ අත්කම් නිර්මාණයක් තම මවට දෙමින් කියා ඇත්තේ මෙය නංගිලාට ගිහින් දෙන ලෙසයි. රිසානාගේ නංගිලා දෙදෙනාට හා මල්ලීට  ඇය බැලීමට නොහැකි වුණද ජංගම දුරකතනයක් මගින් අවස්ථා කිහිපයකදී රිසානා ඔවුන් සමග කතා කර ඇති බව අපට දැන ගත හැකි විය. එතරම් දැඩි නීති පවතින සෞදි බන්ධනාගාරයක් තුළ ඇයට ජංගම දුරකතනයක් ලැබුණේ කෙසේද යන්න ප්‍රශ්නයක් වුවද ඊට වඩා සංවේදී වන්නේ, තම නංගිලාට රිසානා කියා ඇති පණිවුඩයයි.

“මම ඉක්මනට මෙහෙන් නිදහස් වෙලා එනවා. මම එනකොට ඔයාලට සබන් හා ක්‍රීම් අරගෙන එන්නම්.” රිසානා මහත් සෙනෙහසින් තම නංගිලාට එසේ කියා ඇත. ඇයට බන්ධනාගාරයෙන් ලැබෙන සබන් කැට හා ක්‍රීම් වර්ග ඇය ඉතා ප්‍රවේශමෙන් ඉතිරි කර ගන්නා බව ඇය බැලීමට ද්වාද්මී බන්ධනාගාරයට නිතර යන එන සෞදි අරාබියේ සේවය කරන මෙරට වෛද්‍යවරියක වන කිෆාෆා ස්ටිකාර් මහත්මිය පවසා ඇත.
රිසානාගේ හිස ගසා දමන මොහොත වන විට රිසානාගේ පියා සිටියේ මුතූර් රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින්ය. ඒ උණ රෝගයක් වැළඳීම හා හෘදයාබාධයක් හේතුවෙනි. රෝහ‍ලේ සියලු කාර්ය මණ්ඩලය මේ සිටින්නේ රිසානාගේ පියා බව දැන සිට ඇතත්, රිසානා මරා දැමුණු පුවත ඔවුන් දැන සිටියේ නැත. රෝහල් වාට්ටුවේ සවි කර තිබූ රුපවාහිනී යන්ත්‍රයෙන් හිස ගසා මරා දමන ලද පුවත එක්තරා නාලිකාවක් මගින් ප්‍රචාරය කරද්දීද රිසානාගේ පියා වන මොහොමදු සුල්තාන් නෆීක් ඉඳ ඇත්තේ අඩ නින්දේය.

රිසානා මරා දැමුණු පුවත රෝහල් කාර්ය මණ්ඩලය රිසානාගේ පියාට සැළ කර සිටිද්දී එය දරා ගත නොහැකිව රිසානාගේ පියා මහ හ¾ඩින් හඬා වැටී ඇත. එහිදී ඔහුගේ හෘදයාබාධ තත්ත්වය තවදුරටත් උත්සන්නවී ඇති අතර රෝගී තත්ත්වයද නොසලකා ඔහුගේ ඉල්ලීම මත රෝහලෙන් පිට කර හැරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ. රිසානාගේ නැගණියන් දෙදෙනාගෙන් වැඩිමලා වන රිෆ්කාට රිසානා අක්කා මතක ඇතත්, බාල නැගණිය වන රිෆ්නාට රිසානා අක්කා පිළිබඳ මතකයක් නැත.

රිසානා විදේශ ගතවී ඇත්තේ රිෆ්නා කුඩා අවධියේවීම ඊට හේතුවයි. රිසානා අක්කා එනතුරු රිෆ්නා ඇඟිලි ගනිමින් බලා සිටියේ අක්කා දුරකතනයෙන් කතා කරද්දී ගෙන එන බව කියූ තෑගි දකින්නටය. රිසානාට මරණ දඬුවම නියම වී සිර කුටියක ගත කරන බව ඈ දැන සිටියත් එහි බරපතළ බවක් ඈ දැන නොසිටින්නට ඇත. රිෆ්කා මෙවර අ‍පොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර, ඇය ඉගෙනීමට දක්ෂ බව ඇය ඉගෙන ගන්නා පාස‍ලේ ගුරුවරුන්ගේ අදහසයි. රිසානා ලබන වසරේ අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය. රිසානාගේ එකම මල්ලී මේ වන විටත් රිසානාගේ ගමන් මග ගනිමින් පාසල් ගමනට ආයුබෝවන් කියා නිවසේ බර කරට ගෙන ඇත.

තම දියණියගේ මළ සිරුර හෝ ගෙනවිත් දෙන ලෙස ඇයගේ මාපියන් රජයෙන් ඉල්ලා සිටියද සෞදි අරාබියේ පවතින නීති රීති හමුවේ එය ඉටු වනු ඇතැයි සිතිය නොහැකි බව සෞදි අරාබි ආරංචි මාර්ග අනුව පැවසේ. රිසානා සෞදි ගියේ, තම නැගණියන්ට හොඳින් ඉගැන්වීමට හා ඔවුනට නිවසක් ඉදි කර දෙන බලා‍පොරොත්තුවෙනි. රිසානාගේ නිවස දකින ඕනෑම කෙනෙකුට පැන නගින්නේ එකම ප්‍රශ්නයකි. ඒ මෙය නිවසක්ද යන්නයි. රිසානාගේ නිවස ඒ තරමටම දිළිඳුය.

නමුත් රිසානාගේ මාපියන් කිසි විටක සිය දියණියගේ ප්‍රශ්නය එය ආදායම් මාර්ගයක් කර නොගත් බවද සඳහන් කළ යුතුය. රිසානා සිර අඩස්සියේ සිටියදී රිසානාගේ මාපියන් බැලීමට පැමිණි බොහෝ දෙනකු මුදල්වලින් ඔවුනට ආධාර කළද රිසානාගේ මාපියන් එය එක හෙලා ප්‍රතික්ෂේප කළේය. රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තරමක ලොකු මුදල් පරිත්‍යාගක් කළද රිසානාගේ මව හෝ පියා ඒ දෙස ඇහැක් ඇර බැලුවේ නැත. ඔවුනට නිවසක් සාදාදීමට මන්ත්‍රීවරයා ‍පොරොන්දු වුවද ඊටද ඔවුන් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ඔවුන් ඉල්ලා සිටියේ එකම එක ඉල්ලීමකි. ඒ “අපිට අපේ දරුවා නිදහස් කරලා ගෙනත් දෙන්න වෙන මුකුත් එපා” යන්නයි.

රිසානාගේ මරණ දඬුවම අත්හිටුවන ලෙස සෞදි රජයට ඉදිරිපත් කළ අභියාචනය වසර තුනක් මුළුල්‍ලේ විභාග කෙරුනද ඒ කිසිදු නඩු විභාගයකට රිසානාගේ නියම උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජය අ‍පොහොසත් වී ඇත. මෙම ළදරු ඝාතනය සිදුවන අවස්ථාවේ රිසානා වයස අවුරුදු 18ට  අඩු බාල වයස්කාරිනියක් බව ඔප්පු කිරීමට රජය හෝ විදේශ කටයුතු අමාත්‍යංශය මීට වඩා මැදිහත්වීමක් කළේ නම්, ප්‍රතිඵල වෙනස්වීමට ඉඩ තිබුණි. රිසානාගේ නියම උප්පැන්න සහතිකය අදටද ඇය ඉගෙන ගත් පාස‍ලේ තිබෙන බව එම විද්‍යාලයේ ගුරුවරයකු අප සමග කියා සිටියේය.

 මංගලනාත් ලියනආරච්චි

13 comments:

  1. metaram wistara danawanam rata yawapu agency eke wistarath danna............

    ReplyDelete
  2. Muthur hambayo & Lakawe okkoma hambayo,thawath puka deepan alla ballata.. ponna balla... kari wesige puthala, yako oka Araabi kaarayo hadagaththu boru aagamak, lankawe inna thopi okata puka denna ayanne nathuwa idapalla.. hithapiyaw thope un harak mas kanawa, thel business karanawa arenna, loke nama dinagaththu eka pudgalayek innawada(Galilio galili, Einstain, Newton<Neil Armstrong) wage nama kiyawenawada loke eka hambayekge.. e kiyanne hambayo kiyanne nugath jathiyak neda.. weera rajawaru upan Lankawe inna thopith ehema wenna onada.. Harak mas kewata gon kam atha arapalla ban dan wath...Alla kiyala ballek wath ne me loke.. hitiyanam ahinsaka Rizana marenneth ne..Fuck off Alla(Balla)

    ReplyDelete
  3. Aththa thamai machan.
    Alla kiyala kenek innawanam Maranne Ara Gedara Inna Belliwa

    ReplyDelete
  4. dukai...eth hodai..un ohoma hari iwara wela yanna ona...thambi hahtta..

    ReplyDelete
    Replies
    1. thambila nettam ubala puka denda wei............

      Delete
  5. utto loke janagahaneyen deweni tena inne muslimz......ubala wage uru mas kana wesigeputala newei!!!!!!!!!!!!!!ponnayo uru tamange ammatama hukanawalu.....ewa kaala edunu asmatjatakayo utto ubala

    ReplyDelete
  6. rajaya mita wada unadu wenna tibuna me gana

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...