Pages

Jan 14, 2013

"මිල්ටන් මල්ලවආරච්චි" ගී ප්‍රසංගය ජනවාරි 19 වැනිදා

මිල්ටන් මල්ලවආරච්චි කියන නම ගැන අමුතුවෙන් කියන්න දෙයක්‌ නෑ. දශක ගණනාවක්‌ තිස්‌සේ මිල්ටන්ගේ ඒ රසාලිප්ත ගීත පරම්පරා කිහිපයක්‌ම රසවිඳින්නේ මිල්ටන් කියන නම තව තවත් අලුත් කරමින්.

ඒත් මේ ආදරණීය ගායකයා අපෙන් වියෝවෙලා දැනට අවුරුදු පහළොවක්‌ පමණ වෙනවා. ඒ කාලය පුරාමත් අද දක්‌වාත් ඔහුගේ ගීත අපි අහනවා. රනිල්
මල්ලවආරච්චි මිල්ටන්ගේ පුතා.ඔහු පියාගේ ගීත ගායනා කළා. පසු කාලෙක තමන්ගේ ජනප්‍රිය ගීත කිහිපයකුත් රසිකයන්ට තිළිණ කළා. ඒත් රනිල් දැනට වසර කිහිපයකට උඩදී ඔස්‌ටේ‍්‍ර‍්‍රලියාවේ පදිංචියට ගියා.කාලෙකට පස්‌සේ ලංකාවට ආපු රනිල් ගැන අපිට කිව්වේ රජීව් සෙබස්‌තියන්. රනිල් මේ පාර ලංකාවට ඇවිත් තියෙන්නේ අලුත්ම වැඩක්‌ වෙනුවෙන් ඒක ගැන අපි රනිල්,රජීව් දෙන්නගෙන්ම ඇහුවා.

රනිල්
මම ඔස්‌ටේ‍්‍ර‍්‍රලියාවේ දිංචියට ගියත් වරින්වර ලංකාවට ආවා. ප්‍රසංග වේදිකාවට නැග්ගා. මම අන්තිමට ආවේ මගේ හිතාදර මිත්‍රයා සතිස්‌ පෙරේරාගේ අභාවය වෙනුවෙනුයි. මගේ සමීපතම මිත්‍රයාට අවසන් ගෞරවය පුදකරන්නයි..මේ පාර මම ලංකාවට ආවේ ප්‍රසංගයක්‌ කරන්න. මේක මගේ තාත්තා වෙනුවෙන් කරන ප්‍රසංගයක්‌. තාත්තා අප අතරින් වෙන්වෙලා වසර පහළොවක්‌ විතර ගතවුණා. ඒක අනුස්‌මරණය කිරීමත් මේ ප්‍රසංගයේ එක අරමුණක්‌. ඒ විතරක්‌ නෙවෙයි..... මම අවුරුදු 20 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ තාත්තාගේ ගීත ගායනා කරනවා. ඒත් තාත්තා වෙනුවෙන් මට කළ හැකි යමක්‌ තිබුණේ නෑ.මේ තමයි ඒකට අවස්‌ථාව.

රනිල් මල්ලවආරච්චි ඒ ටික කීවේ බොහෝම හැඟුම්බරවයි. රජීව් සෙබස්‌තියන් රනිල්ගේ ඒ හැඟීම්බර කතාවට අදහස්‌ ටිකක්‌ එකතු කළා මෙන්න මේ විදියට.
අපේ රටේ කැලිප්සෝ සංගීතයෙන් පටන් අරන් ශාස්‌ත්‍රීය ගායනයටත් ඊටත් පස්‌සේ පොප් සංගීතයටත් ගිය ගායකයෙක්‌ ඉන්නවා නම් ඒ මිල්ටන් විතරයි.ඔහු ඒ තරමට අද්විතීය ගායකයෙක්‌. මිල්ටන්ගේ හඬ ශ්‍රී ලාංකීය සංගීතයේ රන් සලකුණයි. මිල්ටන් මල්ලවආරච්චි තැටිගත කළ පළමු ගීතය නොයෙල් රණසිංහ ප්‍රමුඛ ලාසිලනියන්ස්‌ සමඟයි. එම ගීතයෙන් තමයි අපි මිල්ටන් වෙනුවෙන් කරන මේ ප්‍රසංගය ආරම්භ කරන්න හිතාගෙන ඉන්නෙත්. මේක ඇත්තටම ප්‍රේක්‍ෂක රසිකයන්ට සුවිශේෂී අත්දැකීමක්‌ ගෙන දෙන බව අපට විශ්වාසයිග.

මිල්ටන් මල්ලවආරච්චි කියන ඒ ආදරණීය ගායකයා වෙනුවෙන් පවත්වන ප්‍රසංගය පැවැත්වෙන්නේ ජනවාරි 19 වැනිදා, කොළඹ "නෙළුම්පොකුණ" රඟහලේදී සවස 7,00 ට. ඒ විතරක්‌ නෙමෙයි මේ ප්‍රසංගයට ඇන්ජලීන් ගුණතිලක, ප්‍රියා සූරියසේන, ශ්‍යාම් ෆොන්සේකා, වර්නන් පෙරේරා සහ මාරියෝ ආනන්ද,ඉන්ද්‍රානි පෙරේරා,ටෂ්මි පෙරේරා වැනි ප්‍රවීණ ගායක ගායිකාවන් සහභාගි වෙනවා, ප්‍රසංගයේ සංගීතය සපයන්නේ රජීව් ඇන්ඩ් ද ක්‌ලෑන් කණ්‌ඩායමයි,

ඇත්තටම මට මේ ප්‍රසංගයට සම්බන්ධ වෙන්න ලොකු හේතුවක්‌ තිබුණා, මිල්ටන් සහ රනිල් කියන දෙන්නම මට මුලින්ම කතා කරන්න මුණගැසෙන්නේ එල්ෆින්ස්‌ටන් රඟහලේදී, ඒ ක්‌ලැරන්ස්‌ විජේවර්ධන මිය ගිහින් වසරක්‌ පිරුණු තැන පැවැත්වුණු ප්‍රසංගයකදී, මම ඊට කලින් මිල්ටන් මල්ලවආරච්චි මුණගැහිලා තිබුණත් කතා කරලා තිබුණේ නෑ,එදා ඔහු කිව්වේ ඔහුට ටිකක්‌ සනීප මදි නිසා ඔහුගේ ගීත ගායනා කරන්න ඔහුගේ පුතා සහභාගි කරවන බවයි, ස්‌ටේජ් එකේ පිටිපස්‌සට වෙලා අපි ගොඩක්‌ වෙලා කතා කරමින් සිටියා, මිල්ටන් මල්ලවආරච්චි කියන හිත හොඳ නිහතමානී ගායකයා ගැනත් රනිල්ගේ ගායන හැකියාව ගැනත් මට එදා පැහැදීමක්‌ ඇතිවුණා,මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා ජීවත්ව ඉන්න කාලේ මට කරන්න බැරි වුණ ප්‍රසංගයක්‌ මම රනිල් සමඟ එකතු වෙලා කරනවා,

රනිල් මල්ලවආරච්චිගේ ප්‍රසංගය ගැන තිබෙන්නේ සතුටක්‌,

රජීව් මේක ඉතා හොඳින් සංවිධානය කරලා තියෙනවා, එදාට තවත් සුවිශේෂ දෙයක්‌ වෙනවා.ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ චරිතයක්‌ වේදිකාවට ගොඩවෙනවා, ඒක දැන්මම ප්‍රසිද්ධ නොකර රසික රසිකාවියන්ට එදාටම ඒ පුදුමය අත්විඳින්නයි අපි සූදානම් කරලා තියෙන්නේ,

ප්‍රසංගයෙන් පස්‌සේ රනිල් මොකද කරන්නේ කියන එක ගැන ඇහුවම ඔහු කීවේ මෙහෙමයි.

මේ ප්‍රසංගයෙන් පස්‌සේ මම නැවතත් ලංකාවෙන් යනවා. ඒ ගිහින් ආපසු නැවත ලංකාවට එනවා. මගේ දරුවෝ වෙනුවෙන් ඔස්‌ටේ‍්‍ර‍්‍රලියාවේ සිටියේ. මේ රට අමතක කරන්න බෑ. ඒ නිසා නිතර ලංකාවට එනවා.

රනිල් අපිට කිව්වේ ඔස්‌ටේ‍්‍ර‍්‍රලියාවේ දිංචි වෙලා ඉන්න හේතුව දරුවන්ට හොඳ අනාගතයක්‌ සකස්‌ කරන්න කියන එකයි.අවුරුදු 13 පිරිච්ච රනිල්ගේ වැඩිමහල් පුතා මේ වෙනකොටත් ගුවන් නියමුවෙක්‌ වෙන්න ඉගෙන ගන්නවා. ඒ විතරක්‌ නොවෙයි සංගීතය පැත්තෙනුත් පුතා දැඩි උනන්දුවකින් ඉගෙන ගන්න බවත් මේ වෙනකොටත් ඉංග්‍රීසි ගීතයක්‌ පටිගත කර ඇති බවත් රනිල් කිව්වා.
'මේක මගේ තාත්තගේ ගීත ප්‍රියකරන හැම පරම්පරාවකම රසික රසිකාවියන්ට විශේෂ අවස්‌ථාවක්‌ වේවි'.
රනිල් කියන්නේ දැඩි බලාපොරොත්තුවකිනි.

උදේශ -උපුටාගැනීම දිවයින පුත්පතින්
Related Posts Plugin for WordPress, Blogger...