සුප්රකට හොලිවුඩ් චිත්රපටයක් වන "ටයිටැනික්" චිත්රපටයේ රගපෑ බි්රතාන්ය ජාතික කේට් එලිසබෙත් වින්ස්ලට් ලෝකයේ ආදරය දිනාගත් සුප්රකට රංගන ශිල්පිණීයකි. එමෙන්ම ඇය ගායිකාවකි.
ඉතාමත් අඩු වයසින් ඇකඩමි සම්මාන හයක් සඳහා නිර්දේශ වූ ඇය ද රීඩර්(The reader) නම් සිනමා නිර්මාණයේ කරණ ලද විශිෂ්ට රංගනය හේතුවෙන් ඇකඩමි සම්මානය දිනාගනු ලැබීය .
37 හැවිරිදි රූමත් නිළි කේට් වින්ස්ලට් තුන්වැනි වරටත් විවාහ වූ බව සන් පුවත්පත වාර්තා කර තිබින. ඇය මෙවර විවාහ වී ඇත්තේ නික් රොක්න්රොල් නැමැත්තෙකු සමගය. මේ දෙදෙනාගේ විවාහය සඳහා කේට්ගෙ ප්රතම සහ දෙවන විවාහයේ දරුවන් සහ සමීපතම පවුලේ ඥාතීන් සහබාගි වී ඇත .
ඇය අතගත් මනාලයාට වයස අවුරුදු 34කි. කේට්ගේ ප්රථම විවාහ සිදු වූයේ 1998දී ය. ඒ, ජිම් ත්රෙප්ලට් නැමැති චිත්රපට සහය අධ්යක්ෂවරයා සමගයි. එම විවාහයෙන් කේට් දියණියක් ලැබුවාය.
දෙවැනි වරට ඇය විවාහ වූයේ 2003 වසරේදී සැම් මෙන්ඩස් නැමැති ඔස්කාර් සම්මානලාභි චිත්රපට අධ්යක්ෂවරයා සමගය. "ඇමරිකන් බියුටි” නැමැති ජනප්රිය චිත්රපටයේ අධ්යක්ෂවරයා සැම් ය.එම විවාහයෙන් පිරිමි දරුවකු එම දෙපොළට ලැබුණ අතර ඔහු ජෝඅල්ෆි නම් වේ.