නිරෝෂා පැසල් යන අවදියෙම ස්වර්ණවාහිනියෙ "ස්වර්ණෝදය" වැඩ සටහනින්, වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසින් ටෙලිවිෂන් පේ්රක්ෂකයින් අතර ජනප්‍රිය වුනා.
ඉන් අනතුරව" ලයිව් ඉන් කොන්සර්ට්"(Live in concert) නැමැති වැඩ සටහන , ජාතික රූපවාහිනියෙ "ෆන් ටයිම්- ගේම් ෂෝ" (Fun time- game show )වැනි වැඩ සටහන් ඉදිරිපක් කළ අතර රූපවාහිනියෙන්ම විකාශය වූ "රිවිදිණ-සිතුමිණ "ශාස්ත්‍රීය මට්ටමේ වැඩ සටහනක් ද මෙහෙයවනු ලැබුවා.
ඉන්පසු සිරස ට පැමිණි නිරෝෂා එහි "ඉරෝෂයි නිරෝෂයි" වැඩ සටහන ඉදිරිපක් තළා. සිරස" රසට රසක්", "නේත්‍රා" වැනි වචිත්රාංග වැඩ සටහන් ඉදිරිපත් කළ ඇය, සිරස සුපර්ස්ටාර් "ජෙනරේෂන් 4" වැඩ සටහන ඉදිරිපත් කළා පමණක් නොව ඇය "ඩාන්සින් ස්ටාර්" රියැලටි වැඩ සටහන ද ඉදිරිපත් කළා. මේ සෑම වැඩ සටහනකම වෙනස් ආකාරයේ නැවුම් බවක් එකතු කරන්න නිරෝෂා සමත් වෙලා තිබුණ කියලා බොහෝ අය ප්‍රකාශ කරලා තිබුණ.
අපි නිරෝෂගෙන් ඇහුව මොකක්ද මේ අලූත් වැඩ සටහන කියලා. නිරෝෂා කිව්වෙ මේ වැඩ සටහන තවත් වැඩ සටහනක් නොවන අලූත් දෙයක් බවයි. මෙහි නිරෝෂා සමග එකතු වන්නේ නිරෝෂා ගෙදරට ගෙන්නන්න කැමති තරු වගේම පේ්රක්ෂකයන් ආදරය කරණ තරු මේ වැඩ සටහනට සහභාගී වෙනවා.
පළමු වැඩ සටහන ට එන්නේ ලංකාවෙ ජනප්‍රිය තරුවක්. ජනප්‍රිය සම්මානය කිහිප වතාවක් ම දිනාගත් රංගන ශිල්පියෙක් .මෙම වැඩ සටහන සඳහා ලංකාවෙ විවිධ ක්ෂෙත්ර නියෝජනය වන තරුයි සම්බන්ධවෙන්නේ. ක්‍රීඩා ,වෛද්‍ය ,කලා, දේශපාලන ආදී වශයෙන් . මේ වැඩ සටහන නම් කරලා තියෙන්නෙ" නිරෝ විත් ස්ටාර්ස්"(Niro With Stars ) කියලයි. මෙහි මූලික සංකල්පය හිරු ආයතනයෙන් ම නිරෝෂට ලබාදීලා තියෙනවා. නිරෝෂා සමග සතුටු සාමීචියට පැමිණෙන තරුව පිළිබඳව නිරෝෂා කරණු ලබන අධ්‍යනයකින් පසුව පිටපත ඇය විසින්ම රචනා කරණු ලබනවා.
මෙය නිවෙසක් තුළ සිදුවන ඉතා සරල සහ සුන්දර සාකච්ජාවක් ලෙසයි නිරෝෂා පැවසූ අදහසවළින් තහවුරු වුනේ. ඒ වගේම ඇය ප්‍රකාශ කළා මෙම වැඩ සටහන පුළුල් පේ්රක්ෂක ආකර්ශණයක් දිනාගත හැකි ආකාරයේ වැඩ සටහනක් ලෙස සහ පේ්රක්ෂකයන්ට රසය. දැනුම. සතුට දෙන්නට බලාපොරොත්තු වෙන බව
"කෙනෙක් කරපු වැඩ සටහනක් කරන්න මම කැමති නැහැ .අලූත් ආකෘතියක් නිර්මාණය කරලා එය ඉදිරිපත් කිරීම වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස මා සතුටට පත්වෙනවා. මම ඉදිරිපත් කළ බොහෝ වැඩ සටහන් වල මුල පටන්ම මා ඉදිරිපත් කර ඇත්තේ එවන් අලූත් ආකෘති සහිත වැඩ සටහන්. ඒකාකාරී නොවී වැඩ සටහනක් පැයක් හෝ දෙකක් පවත්වා ගෙන යාම සරල කාරණයක් නොවේ.
අනෙත් එක මේ වැඩ සටහන් වලට සහභාගී වන සියලූ පුද්ගලයන් මේ රටේ විවිධ ක්ෂෙත්ර නියෝජනය කරණ ජනතා ආදරයට,ගෞරවයට වෙන්ම සම්භාවනවාට පාත්‍ර වූවන් .මේ අය ගැන ආවට ගියාට කතා කරන්න බැහැ කිසිඳු සූදානමක් නැතිව. මම නිවේදිකාවක් ලෙස කිසිදිනක අධ්‍යනයකින් තොරව කිසිවකු සමග සාකච්චජා කරන්නට යන්නෙ නැහැ. ඒ හැම කෙනෙක් සම්බන්ධයෙන්ම කරුණු හැදෑරීමක් කරණවා.
අපි සම්ප්‍රදායන් කඩන්න සම්ප්‍රදායන් පිළිබඳව හොඳින් දැන ගෙන ඉන්න ඔනෙ . වර්තමානයේ විවිධ වැඩ සටහන් තියෙවා, නමුත් ඒ හැම එකක්ම හරිම ඒකාකකාරියි. අපි "ඉරෝෂයි නිරෝෂයි" පටන් ගත්තහම ඒ ආකෘතියෙන් විවිධ වැඩ සටහන් ආරම්භවුණා .ඒ වගේ මා ඉදිරිපත් කරණ මෙම වඩ සටහනත් කව්රු හෝ කුමන හෝ ආයතනයක් විසින් කරන්න තියෙන ඉඩ කඩ වැඩියි. ඒ ගැන සතුටු වෙනවා . මම එක් ආයතනයකට වැඩ කරන කෙනෙක් නොමේ. අනෙක මම වෘත්තීය රංගන ශිල්පිණියක් හෝ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් ද නෙමේ.
ඒත් මම ක්ෂෙත්රයට පැමිණියේ වැඩ සටහන් ඉදිරි පත් කරන්නියක් ලෙසයි .කව්රු හරි ඇහුවොත් මම වෘත්තීය ලෙස නිවේදන වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් කියලා කියන්න කැමතියි. නමුත් එය එසේවූවා කියල මම, මට ලැබෙන හැම වැඩ සටහනක්ම බාරගන්නෙ හෝ එක් ආයතනයකට හිරවී කටයුතු කරන්න කැමතිත් නැහැ. ඒ නිසා මම මේ වනවිට ස්වර්ණවාහිනිය, දෙරණ ,ජාතික රූපවානිය ,සිරස සහ අලූතෙන්ම හිරු නාලිකාව සමග එකතුව වැඩ කරනවා.
මගෙන් හුගක් අය ඇහුවා නිරෝෂා මොකුත් කරන්නෙ නැද්ද?කියලා. මම ඒ වෙලාවෙ උත්තර දුන්නෙ 2012 අවසන් වෙන්න පෙර වැඩ සටහක් සමග සම්බන්ධවෙනවා කියලා. ඉතින් මම ඒ වගේම හිරු නාලිකවෙ මෙම අලූත් වැඩ සටහනට සම්බන්ධ වුණා. විවිධ වැඩ සටහන් ඉදිරිපත් කරන්න ආරධනා ලැබුනත් ඒ වායෙ ආකෘතිමය වෙනස් කම් නොතිබුණ නිසා මම ප්‍රතිෂේප කළා .
මෙහි වෙනත් ආකෘතියක් වගේම තාක්ෂණික අංශයෙනුත් විශේෂ වෙනස් කම් තියෙනවා .හැම අංශයකින්ම මෙය වෙනස්, නිර්මාණාත්මක අයුරින් කරන්නට හැකිවෙන වැඩ සටහනක්. මම විශ්වාස කරනවා හිරු නාලිකාවේ සති අන්තය වෙනස් විදිහට රස විඳින්නට පේ්රක්ෂකයන්ට හැකි වෙයි කියලා නුදුරු දිනකදීම .