Pages

Dec 1, 2012

About Torrents – ටොරන්ට් ගැන!

අන්තර්ජාලය හරහා චිත්‍රපට, ගීත, පරිගණක මෘදුකාංග, පරිගණක ක්‍රීඩා වැනි බොහෝ දේ පහසුවෙන්ම භාගත (Download) කරගත හැකි ක්‍රමයකි ටොරන්ට් (Torrent).

මේ ලිපිය ටොරන්ට් මඟින්  අප ඔබ වෙත ඉදිරිපත් කරන චිත්‍රපටයක් භාගත කරගන්නා අන්දම පැහැදිලි කෙරේ.
1.ටොරන්ට් සහයක මෘදුකාංගය භාගත කරගැනීම. (එක් වරක් පමණයි)

බිට් ටොරන්ට් ප්‍රොෙටාකොලය මඟින් ඔබට අන්තර්ජාලයේ ඇති දත්ත පහසුවෙන් හුවමාරු කරගැනීමට හෝ බෙදාහැරීමට අවස්ථාව සලසා දෙයි. ඒ සඳහා එක් සර්වරයක් අවශ්‍ය නොවන අතර ඔබට අවශ්‍ය දත්ත අනෙකුත් අයගේ පරිගණක වලට සම්බන්ධ වී භාගත කළ හැක. මෙලෙස දත්ත භාගත කිරීමට විශේෂ මෘදුකාංගයක්(Software) අවශ්‍ය වේ. පහතින් දැක්වෙන්නේ බහුලව භාවිත කරන මෘදුකාංගය යි.

* µTorrent (Download)

2. ටොරන්ට් ගොනුව (Torrent File) භාගත කරගැනීම.

අප ඔබවෙත ඉදිරිපත් කරන සෑම චිත්‍රපටයකට අදාල ලිපියේ අවසානයේ දී ටොරන්ට් ගොනුව (Torrent File) භාගත කිරීමට හැකිය. මෙම ගොනුව .torrent ලෙස නම් කෙරේ. එලෙස භාගත කිරීමේ දී අප විසින් විවිධ ප්‍රමාණයේ (File Size) හා විවිධ ආකාරයේ (DVD, BRRip වැනි) අතුරින් ඔබට අවශ්‍ය ගොනුව භාගත කරගන්න.
3. එම ටොරන්ට් ගොනුව (Torrent File) සහායක මෘදුකංගය (µTorrent) හරහා විවෘත කරගන්න.

සාමාන්‍යයෙන් ඔබගේ වෙබ් බ්‍රවුසරය (Chrome, FireFox, Internet Explorer) විසින් අදාල ටොරන්ට් ගොනුව (Torrent File) සහයක මෘදුකාංගය (µTorrent) හරහා විවෘත කිරීමට යොමු කරනු ඇත. එසේ නොවන අවස්ථා වලදී ටොරන්ට් ගොනුව (Torrent File) මත දකුණු පස මවුස් බටනය ඔබා ලැබෙන මෙනුවෙන් Open With -> µTorrent ලෙස ලබා දෙන්න.
4.චිත්‍රපටය භාගත වීම ස්වංක්‍රීයව සිදු වේ.

මෙලෙස ස්වයංක්‍රීයව භාගත වීම සඳහා චිත්‍රපටයේ ප්‍රමාණය, සීඩ්ස් (Seeds) ප්‍රමාණය වැනි සාධක මත වෙනස් විය හැකි ය. භාගත වීමෙන් අනතුරුව එම චිත්‍රපටය අඩංගු ගොනුව විවෘත කර ඔබගේ ධාවකය (Media Player, VLC Player, KM Player) හරහා නැරඹිය හැක. කෙසේ වෙතත් බොහෝ චිත්‍රපට ගොනු  VLC Player හෝ KM Player හරහා ගැටළුවකින් තොරව නැරඹිය හැකි නිසා එම ධාවක භාවිත කිරීම වඩාත් උචිත ය.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න.. WikiHow

ටොරන්ට් භාගත කිරීම සම්බන්ධ වීඩියෝව..


Related Posts Plugin for WordPress, Blogger...